සෞඛ්‍ය අංශික සංවර්ධන ව්‍යපෘතිය යටතේ විදේශීය පුහුණුවක් සදහා සුදුසු සෞඛ්‍ය නිළධාරීන් තෝරා ගැනීමේදි විධිමත් ක‍්‍රමෙවිදය  අනුගමනය නොකරමින් හිතුවතුන් තෝරා ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාවන්ට පෙබරවාරි 27 දාට  පෙර  වගඋත්තර සහ විරෝධාතා ඇත්නමි ගොනු කරන ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකමිවරයා සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා   අධ්‍යක්ෂවරයා ඇතුලූ වගඋත්තරකරුවන්ට  අද  (15) නියෝග කළේය.

පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ශ‍්‍රිමාල් ඉන්දික විතානාරචිචි සහ අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ  යන මහත්වරුන් අනුරාධපුර මහාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර ඇත.

උතුරු මැද පලාත් සෞඛ්‍ය අමාත්‍යශයේ ලේකමි කීර්ති ගමගේ, උතුරු මැද පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර, උතුරු මැද පලාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. නොයෙල් උඩුගම, අනුරාධපුර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සී. ඞී. ආරියරත්න, උතුරු මැද පලාත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ කාර්යාලයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ එමි. එමි. ආර්. සමිපත්, රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නලින්ද දේශප‍්‍රිය, රඔෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඞී. වී. ඒ. ඞී. එස්. දීප්ති කුමාර, හොරොවිපොතාන, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දමිත යු. බී. පිටගහවත්ත, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි පී. එස්. දිසානායක, නොචිචියාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඩබි. එමි. එස්. පී. බී. වලිසුන්දර යන මහත්වරුන් අතුලූ 18 දෙනෙකු මෙම පෙත්සෙමි වගඋත්තරකරුවෝ වෙති.