(ඩයනා උදයංගනී)
විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
දිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්f බව කී ඇමතිවරයා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වා දෙන බව ද කීවේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ ගත ශ්‍රමිකයින්ට මේ සඳහා විදෙස් මුදල් ඒකකවලින් වාරික ගෙවීමට අවස්ථාව ලැබෙන අතර කිසියම් ශ්‍රමිකයකු දායක්තව මුදල් ගෙවමින් සිටියදී මිය ගියහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වාරික මුදල ගෙවා ප්‍රතිලාභ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමට කටයුතු කරන බව ඇමතිවරයා කීය.
රුපියල් 20,000 සිට රුපියල් 1,00,000 දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙහිදී විදේශ ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ සුරංගනා කතා ඩිස්නිලන්තයට ගිහිල්ලා කියන්න...!
ඔය බයිලාවලට රැවටෙන්නේ නැහැ ජනතාව. කරුණාකර ගෙදර යන්න පව් නොදී. කරපුවා හොඳටම ඇති...
මේ වෙලාවේ මේ නම් කරන්නේ ඡන්ද ගුණ්ඩුවක්... රටේ මූලික අවශ්‍යතාවලට වත් වැය කරන්න සල්ලි නැතිව ඉන්නේ.. එයාලාට විශ්‍රාම වැටුපක් දුන්නාට කිසිම තහනමක් නැහැ. හැබැයි... ආර්ථිකය ගොඩගිය දවසක. ඊට කළින් හොරකම් ටික නවත්තපල්ලා.
ඔය වටුප හරියට දීපන්. දැන් උගෙ මොලේ අවුල්වෙලා තියෙන්නෙ නිකන් අයිස් ගහල වගෙ.
තමුන්ලා බොරු කයිවාරු ගැහැව්වාට වැඩක් නැහැ. කවුරුවත් රැවටෙන එකක් නැහැ.. කාගේ කාගේත් පැටිකිරිය දැන් රටම දන්නවා. විශ්‍රාම වැටුප් දෙන්න හිතාගෙන ඉන්නේ හීනෙන් වෙන්ඩැති. රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයටවත් විසඳුම් දෙන්න බැරුවයි ඉන්නේ?
දැනට රටේ තියෙන දැවෙනම ප්‍රශ්නේ මේකනේ...!
පෙර රජයන්ද ශ්‍රමිකයින්ගේ මුදල් කොටාගෙන ඒ අයට පොරොන්දු දේ නොදී සල්ලි විතරක් මංකොල්ල කෑවා. මැති ඇමතිලාට නීති දානතෙක් ඔවුන් ජනතාවගේ රිරී මාංශ බී මංකොල්ල කෑමෙන් ජීවත්වෙන පසුබිම තමයි තියෙන්නේ... දැන්නම් ඔය කාවවත් පාසලේ උත්සවයකටවත් ගෙන්නන්න නරකයි... හොරු පෙන්නලා දරුවන් නොමගට දාන්න හොඳ නෑ.
මොනවා හරි ගැටයක් ගහලා විදේශගත ශ්‍රමිකයා හූරන් කන මගක් හොයන්නේ...!
ඔහෙලට වගේ අවුරුදු 5න් ලැබෙන එකක්ද? අනේ ටිකිරි මොලේ...? ගාණක් කඩාගන්න වගේ යන්නේ..!
අපි රැවටෙයි මේ බයිලාවලට...
ඉතා හොදයි
සල්ලි ගෙන්වා ගන්න නම් ඔය බොරු කියන්න එපා . පාස්පෝට් අලුත් කරන්නේ රටට සල්ලි එවපු අයගේ විතරයි කියන්න. පස්ස්පොට් එකේ වලංගු කාලය අවුරුදු 5 කරන්න.
අනේ උඹලගේ අපි නොදන්නා මහලොකු විශ්‍රාම වැටුප්? දාපන් මිනිහෝ බල්ලට? දේශපාලන පිසාචයා එනවා මෙතන අපිව තම්බන්න. ඉස්සරවෙලා කලින් ලංකාවට මුදල් එවාපු අයට ඕක දීලා හිටපන්.
කියවන්නෙ නැතුව වැඩේ තිතට කරනව නම් බැනුම් නොඅසා ඉන්න පුලුවන් වේවි .හැබැයි රට ගිහින් ලංකාවට විදේශ විනිමය එවල දැන් සේවය නතර කරල ඉන්න අයත් විශ්‍රාම වැටුප් ලබන්න සුදුස්සන් බවත් අමතක නොකරන්න ..ඒ අයිතිය ඔවුන්ටද අනිවාර්යයෙන් ලබා දිය යුතුයි .