( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ.
ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ අධිකාරිය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නීතිරීති හා රෙගුලාසිවලට අනුව එම තෝරා ගැනීම් සිදු කෙරේ.
සේවයට බැඳීම සඳහා තෝරාගන්නා ලද සාර්ථක අයදුම්කරුවන් හට විදේශ අමාත්‍යාංශයේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර, විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල 67ක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමි වේ.
ඊට අදාළ වැඩිදුර තොරතුරු http://www.documents.gov.lk/files/gz/2021/4/2021-04-09(I-IIA)E.pdf යන වෙබ් සබැඳිය ඔස්සේ පිවිස ලබාගත හැකි බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට ඔය සේවයට ඔය තනතුරටම ස්ථිරවම බඳවා ගත්ත රඹුක්වැල්ලගේ දුවයි රෝසිගේ දුවයි තිස්ස අත්තනායකගේ දුවයි (තව හිටියා මතක නෑ ) ගත්තේත් ඔහොම කරලද? නෑනේ. තමන්ගේ එවුන්ට බටහිර රටක ස්ථිර පදිංචිය ලැබෙන්න අවශ්‍ය සුදුසුකම් ටික හදා ගන්න ඕන නම් නීතිය නවලා ඒක කරල දෙනවා (කැබිනට් පත්‍රිකාවකින්). හැන්ද තියෙන එකා බෙදා ගන්නවා. අපේ සාමාන්‍ය මිනිස්සු කාලයත් එක්ක ඒකට පුරුදු වෙලා දවල් බැනලා රෑට සද්ද නැතුව නිදා ගන්නවා. අද එක මාතෘකාවක් හෙට තව මාතෘකාවක්. මාතෘකා කකා නිදා ගන්නවා
තේරෙයි තේරෙයි, සුදුසුකම් ඇති අයට වැඩියෙන් නැති අය තේරෙයි. එ ගැන නං අපට කිසිම සැකයක් නෑ. මේක එකම නීතියක් නැති රටක්නෙ.