(කැළුම් බණ්ඩාර)
දේශපාලන හිතවත්කම් මත විදේශ සේවය සඳහා බඳවාගන්නා ලද නිලධාරීන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැඩිපුර කල් ඉල්ලා සිටියද රජය ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.
කලින් පැවැති රජයේ දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද සියලුම විදේශ සේවා ප්‍රධානීන්ට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.
ඔවුන් සියලු දෙනාම මේ මස (දෙසැම්බර්) 31 වැනිදාට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණිය යුතු නමුත් ඇතැම් දෙනා මාස කිහිපයක් කල් ඉල්ලා තිබේ.
එහෙත් ඔවුන්ගේ එම ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇතැයි වාර්තා වේ.
ඔවුන් නැවත පැමිණීමෙන් පසුව විදේශ සේවය සඳහා නව කණ්ඩායමක් පිටත්කර හැරීමට රජය සූදානමින් පසුවෙයි.
විදේශ සේවා ප්‍රධානීන් 20 දෙනකුට වැඩි පිරිසකට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් හිටපු දේශපාලකයන්ගේ ඇම්බැට්ටයන් නැවත දිවයිනට එන ලෙස දැන්වීම... එලෙසම දැන් බලයේ ඉන්න දේශපාලුවන්ගේ ඇම්බැට්ටයින්ටද එවන් පත්වීම් ලබා නොදෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. තම රාජකාරියට නුසුදුසු නම් සක්රදෙයියන් වුණත් පත්නොකළ යුතුමයි...
විදේශ සේවා සඳහා නිසි පුහුණුවලත් විදේශ සේවා සංචිතයේ නිලධාරින් පමණක් පත්කළ යුතුයි. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරි හැටි නොකළොත් අවශ්‍ය නීතිමය පියවර ගත හැකිය. නමුත් දේශපාලුවෝ? කටුස්සෝ වගේ පාට මාරු කරකර සෙවල පෙරාගෙන බුදිය ගනීවි...
මේකට හිනාවෙනවද? අඬනවද? කියලයි මං මේ කල්පනා කලේ. අතීත දේශපාලුවන්ගේ හෙන්චයියලා ආපහු ගේන එක ඉතාම හොඳයි.. එ්කට මං හරි සතුටුයි. ඒ වෙනුවට වර්තමාන හෙන්චයියලා සෙට් එකක් යවයිදෝ කියලා බයයි. මට අඬන්න වෙන්නේ එතකොටයි. එහෙම නොවී හිනාවෙන්නම ලැබේවා කියල මං පතනවා.
මේකේ පොටෝ එක 'විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ' නේද? අපොයි, එ්කේ ඉන්න කට්ටිය නම් දේශපාලනේ ගෑවිලාවත් නැති අපක්ෂපාතී, අවංක උදවිය. ඒ ගොල්ලන්ගේත් පිටරටවල නියෝජිතයන් ඉන්නවා මගේ හිතේ... ඇහැ පියාගෙන ඔක්කෝම ගෙන්න ගන්න පුළුවන්, "විදේශ සේවය" කියන්නේ නම් වෙන එකක්..
හොඳ තීරණයකි. නමුත් නැවත යවන අය දේශපාලන අතකොලු නම් එය වැරදියි.