මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය මොහාමඩ් අසීම් මහතා අතර හමුවක් ඉකුත් දා මාලදිවයින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධතා කොමිසම් සභාවේ තෙවන සැසි වාරයට සහභාගීවීම සඳහා සමරවීර මහතා මාලදිවයිනේ නිල සංචාරයක නිරතවන අතර වාරයේදී බ්‍රහස්පතින්දා (09) මෙම හමුවී පවත්වා ඇත.
දෙරට අතර පවතින මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හා වැඩිදියුණු කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව මාලදිවයින වෙත ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අමාත්‍ය හසීම් මහතා දෙරට අතර නිරන්තර සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එරට විදේශ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අසීම් මහතා හමුවූ අයුරුය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඉඳලා සම්බෝලේට යහමින් උම්බලකඩ ටිකක් දමා ගත්තහැකි ... (නි)
මාලදිවයිනේ තියෙන්නේ කැලෑ නීතියක්. කලින් මහත්තයාගේ කාලෙ ලංකාවේ තිබුනා වගේ. මගෙ යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා බලධාරීන් ගත්තේ ඒ රටේ අයගේ පැත්ත. මාලදිවයිනේ ඉන්න අය පරිස්සමෙන් ඉන්න ඕනෑ. යුක්තිය නැහැ එහෙ. (නි)
ඉස්සර අපි නිකරුනේ කාණුවක් උඩට වෙලා කාලය කකා ඉන්න එකාට කිව්වේ "කාලකන්නි" කියලනේ. උඩු ගුවනෙම ඉඳගෙන අපේ මහජන මුදල් විනාශ කරන මෙයාලට මොනවද කියන්නේ? (නි)
රාජපක්ෂලාගෙන් පස්සේ දරුවන් ඉන්න එක් කෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න හොඳ නැහැ කියලයි මම ඉස්සර හිතුවේ. (නි)
ඉස්සර රජ්ජුරුවන්ගේ කාලේ එක විදේශ ඇමතියෙක් කොච්චර පිටරට ගියාද කිව්වොත් කතාවක් හැදුනා, මිනිහ ගුවන් යානයට නගින්න යනකොට මිනිහම බැහැලා එනවා මූණට හම්බවෙනවා කියලා. මෙයා ඒ රෙකෝඩ් එක කඩන්නයි යන්නේ. (නි)
සංචාරය විතරයි. වෙන ඇති යහපතක් නම් නැහැ. ලෝකේ පුරා සවාරි ගහලා මහජන මුදල් කාබාසිනියා කරලා ලංකාව තවත් ටිකක් බාල්දුකරලා ආපසු ඒවි. (නි)
ඕස්ට්‍රේලියාවේ මැති ඇමතින්ට මහජන මුදලින් රට සවාරි යන එක අගමැති තහනම් කළා. මහජන මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරන නිසා. නමුත් කන්න බොන්න නැති අසරණ ජනතාවක් ඉන්න ලංකාවේ නම් මැති ඇමැතින්ට සුර සැප? (නි)
මාලදිවයින කලින් ලංකාවට අයත්ව තිබු ප්‍රදේශයක්. ඒ කාලේ උම්මලකඩ විකුණලා ජීවත්වුණ මිනිස්සු දැන් අපේ ගුවන් සමාගම ගන්න තරම් ධනවත්තු වෙලා. මේ වගේ කිසිම ස්වාභාවික සම්පතක් නැති මුහුදෙන් විතරක් වැඩගන්න දුපත් ගොඩක් මෙතරම් දියුණු වෙලා නම් අපි කල්පනා කළයුත්තේ ඉතිහාසය කබල්ගගා ඉන්නා අපට මොකද වෙලා තියෙන්නේ කියලයි (නි)
කරුණාකර වටිනාකමක් ඇති දෙයක් කරන්න. අපේ ගමන් බලපත්‍ර වලින් ඕස්ට්‍රේලියව, එංගලන්තය,යුරෝපය සහ අයර්ලන්තය යන රටවලට යනවිට වීසා වලට ගෙවන ගෙවීම් වලින් නිදහස් කරගන්න කටයුතු කරන්න. අපගේ ගමන් බලපත්‍රයට ඉහළ වටිනාකමක් ලබාගන්න වැඩකරන්න. (නි)
ලංකාවෙ ඇමතිකමක් ඕනෑ කෙනෙකුට කරන්න පුලුවන් මෙහෙම බලනකොට (නි)
විදේශ ඇමති කියන්නේ හැමදාම විදේශගතවෙන ඇමති තනතුරකටද? මෙහෙ ඉඳන් කරන්න දියුණුවක් ඇත්තෙම නැද්ද? කිසිම සැළසුමක් මෙහෙ ඉඳන් කරන්න බැහැ වගේ. (නි)
අපේ මුදල් වටිනා කාලය කැපකරලා යහපාලනය ගෙනාවේ හිටපු ඒකාධිපතියා රට විනාශය කරා ගෙනගිය නිසයි. විදේශ ඇමති ජනවාරි 8 වෙනිදා ඉඳලා සංචාරම එකසිය ගණනක් කරන්න ඇති. විදේශ ඇමති ලංකාවේ දවස් කීයක් හිටියද කියලා මම මේ කල්පනා කළේ. අපරාදේ අපේ මහජන මුදල්. (නි)
දැන්නම් ගුවනේමයි කාලය ගත කරන්නේ (නි)
තිලක් ඩුබායි මහත්මා අතීතය අමතක කළ නොමිනිස් මිනිසෙක්ද? (නි)
මෙය බැලුවොත් උඩු ගුවනේ. ඇමති වරප්‍රසාද වලින් උපරිමයටත් වඩා පළ නෙළාගන්න හැඩයි. මේවට තමා කියන්නේ, "ඔන්න කණෝ පිනුම්" කියලා. (නි)
අනේ වරදක් කියන්ට එපා, "විදේශ ඇමති“ ඉතින් විදේශ වලමනේ ඉන්ට ඕනෑ. (නි)
මාලදිවයිනේ ඉඳලා එද්දි අපිට මොනවද ගේන්නේ? (නි)
මොනවා නැතත් එනකොට හොඳ උම්බලකඩ ටිකක් අරගෙන එන්න (නි)
ඇයි ඇමෙරිකාව පැත්තේ යන්නේ නැත්තේ? අක්කලා නංගිලා දැන් නැති හින්දා දුකද? ට්‍රම්ප් එක්ක රට බෙදන කතා ටිකක් අමාරු ඇති නේද? කොටිත් සපෝට් එකක් දුන්නේ නැහැනේ එයාට. (නි)
ලක්ෂ්මන් කදිරගාමන් නැති අඩුව තේරේ. ඔහු ලෝකය ඉදිරියේ අපේ අභිමානයයි (නි)
දැන් ලෝකේ ඔක්කොම රටවල මේ වෙනකොට සංචාරය කරලා අවසන් ඇති නේද? ඔය රටට ගියා කියලා එච්චර ලබාගත් දෙයක් නැහැනේ (නි)
මෙතුමා මේ ඊයේ පෙරේදා ඉතියෝපියාවෙත් අපේ තානාපති කාර්යාලයක් විවෘතකළා නේද. බලන්න කොච්චර හොඳද කියලා. (නි)
දැන් ඡන්දෙ දීල යහපාලනය ගේනවා කියපු කට්ටියට සනීප ඇතිනේද ? 2020 වෙනකම් හිටියොත් කොහොම වේවිද ? (අ)
එහෙනම් රටට හොඳක්ම වෙයි (නි)
කෙටියෙන් කියනවා නම් මේ දේශපාලකයන් සමඟ ලංකාව කිසිම දිනයක ඉදිරියට එනවා කියන එක සිහිනයක් පමණයි. දුප්පත් ගැහැණු මැදපෙරදිගට පටවා ලැබෙන විදේශ විනිමයෙන් යන්තම් පන ගැටගහ ගන්න දුප්පත් රටක් විදිහට ඉදිරියටත් තියේවි. හරිම දුකයි. ලැජ්ජයි. (නි)
විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමන් මහතා රට වෙනුවෙන් මොනතරම් සේවයක් කළාද? (නි)
දැන් අන්තිමේ මාලදිවයිනෙන් වත් ණයක් ගන්න බලන්නද යන්නේ? (අ)