
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය පෙරේදා (5) දිනයේ මෙම මස 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සළසා ඇත.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වන අතර ඒ හරහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම නිල වශයෙන් ආරම්භ වේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ වන්දි ලබා ඉවත්වන සේවකයන්ට සේවයෙන් ඉවත්වීමේ අවස්ථාව හිමිවේ. එම මණ්ඩලයේ සේවකයන් 2,200 කට අධික සංඛ්‍යාවක් වන්දි ලබා සේවයෙන් ඉවත්වීමට අයදුම්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd