IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘විදුලිබල මණ්ඩලයේ දත්ත ගැන අධ්‍යයනයක් කළ යුතුයි‘‘

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් වාර්තා වී ඇති නිසා විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජනතාවට වගකියන ආයතනයක් ලෙස මහජන උපයෝගීතා කොමිස ඊට අවධානය යොමු කළ යුතු බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බවත් ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ගණිතය පිළිබඳ නිවැරදි වැටහීමක් පවතින නිසා එම දැනුම භාවිත කරමින් වංචනික ක්‍රියාවල නිරතවීමට පෙළඹවා ඇතැයි චෝදනාවක් ඇති බව කී රණවක මහතා එවැනි තත්වයකදී නිවැරදි තත්වය පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීම බව ද සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කොමිසමේ කාර්යභාරය කී ඒ මහතා පැවසුවේ විදුලි ක්ෂේත්‍රය රටේ ආර්ථිකයට බලපාන සෘජු සාධකයක් වුවත් පසුගිය වසරේදී කර්මාන්ත දහනවදහසක විදුලිය විසන්ධි කර ඇති බවත්ය.

ඊට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි අළෙවිය සියයට විස්සකින් අඩු වී ශ්‍රී ලංකාවට සාපේක්ෂව කර්මාන්ත විදුලි බිල වැඩි වී ඇත්තේ සිංගප්පූරුවේ සහ හොංකොං යන රටවල්වල පමණක් බවත් කර්මාන්ත ආශ්‍රිත තරගකාරීත්වයක් සහිත වියට්නාමය, බංග්ලාදේශය සහ දකුණු ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි බිල සියයට 40 කට වඩා වැඩි බවත් රණවක මහතා පැවසීය.

අඩු විදුලි බිලක් සහිත තරගකාරී රටවල් වෙත ආයෝජකයන් ඇදී යෑම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමට ප්‍රධාන සාධකයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

‘‘විදුලිබල මණ්ඩලයේ දත්ත ගැන අධ්‍යයනයක් කළ යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site