(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මේ දිනවල පවතින අධික රස්නය නිසා නිවසේ තිබූ අක්‍රීය විදුලි පංකාව අලුත් වැඩියා කිරීමට ගිය විදුලි කාර්මික ශිල්පියෙකුට විදුලිසැර වැදි මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .
එසේ මියගොස් ඇත්තේ කොට්ටාව රුක්මල්ගම පාසල් මාවතේ තාවකාලික බෝඩිමක පදිංචිව සිටි 22 හැවිරිදි විවාහකයෙකු බව පොලිසිය කියයි .
අලුත විවාහ වූ මෙම යුවළ මීට දින තුනකට පෙර මෙම නිවසේ පදිංචියට පැමිණි අතර මේ දිනවල පවතින අධික රස්නය නිසා අක්‍රිය වී තිබූ විදුලි පංකාව අලුත්වැඩියා කිරීම සඳහා අනාරක්ෂිත ලෙස විදුලි සැපයුම ලබාගෙන තිබියදී මෙසේ විදුලිසැර වැදී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd