සුමතිපාල දීයගහගේ
රත්ගම සිරිකදුර ප්‍රදේශයේදී විදුලි කනුවක් මතට නැඟ විදුලිය අලුත් වැඩියාවක් කරමින් සිටි සේවකයෙකුට කණුව මතදී විදුලි සැර වැදී අද (2) මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හික්කඩුව තොටගමුව පදිංචිව සිටි (39) හැවිරිදි අයෙකි.
විදුලිබල කොන්ත්‍රාත් ආයතනයක සේවය කරන සේවකයින් දෙදෙනෙක් බද පටිද දමා ගෙන විදුලි කණුවකට නැග විදුලිය අලුත් වැඩියාවක් කරමින් සිටින විට ඔවුන් දෙදෙනාගෙන් එක් සේවකයෙකුට එක්වරම විදුලිසැර වැදීමෙන් එම සේවකයා මිය ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදි හෙලිවී ඇත.
මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා සේවකයාගේ සිරුර මේ වන විට කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ගෙන ගොස් ඇති බවද රත්ගම පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස හෝ දැඩි ආර්ද්‍රතාව නිසා හෝ මුහුදු සුළං ගෙන එන පින්න නිසා හෝ ඇතිවන සන්නායකතාව නිසා මෙය විය හැක. දිස්ත්‍රික් විදුලි ඉන්ජිනේරුතුමා මේ පිළිබඳව මොවුන්ට පුහුණුවක් සහ මාපනය කිරීමේ උපකරණ ලබා දී නැත්නම් ඔහුව අත්අඩංගුවට ගෙන මේ ගැන ප්‍රශ්න කල යුතුයි.