ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 10 වැනි දා ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ සිට අවසන් කෙළේය. කම්කරු කොමසාරිස්, විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පැවැති සාකච්ඡාවේ දී තම වැටුප් විෂමතා ඉවත් කරන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුවෙන් අනතුරුව වර්ජනය අවසන් කළ බව එම සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර්ටි , ඔය හරි දැන් බලන්න ටෙලිකොම් එක , රජය යටතේ තිබුන නම් තවමත් අපිට ටෙලෙෆෝන් එකක් ගන්න මස ගණන් පොරොත්තුලේඛණ වල ඉන්න තිබුන. සුරේෂ් බලන්නකෝ තව ටික දවසකින් ඔයාලම කියයි. ගෑස් ෂෙල් එකට දීල තිබුන නම් කියල. (ස)
කලින් කිව්වෙ අර දුන්නු උපදෙස් ලිපිය ඉල්ලා අස් කර ගන්නකන් ස්ට්‍රයික් කියල. දැන් කියන්නේ වෙන දෙයක්. මෙයලා ලොකෙට විහිලු සපයන අය වෙලා. (ස)
මේ මිනිස්සුන්ට ලැබෙන්න ලැබෙන්න තව තවත් තණ්හාව වැඩි වෙනවා. (නි)
ඔබගේ වැටුප ඔබට ඇති සුදුසුකම් සහ පළපුරුද්ද සමග සසදා බලන්න. (නි)
මේ අයගේ පඩිය දැක්කහම අපිටයි දුක හිතෙන්නේ. (නි)
ඊයේ යද්දී වහලා තිබුණු දේවාලේ අද ඇරලා ඇති. මොකද අද විදුලිය තියෙනවනේ. ඒ නිසා අද ගිහින් බාරය ඔප්පු කළා නම් හරි. (නි)
විදුලි වර්ජනය ඉවරයි........... දොස්තර වර්ජනය පටන්ගත්තා.....ඔහොම යන්.(ස)
බර්ටි, වෙන රටවල හැමදේම පෞද්ගලීකරණය කරලයි තියෙන්නේ. ඒත් මෙහේ අයට වංචාව සහ දූෂණය ලේ වලම තියෙන නිසා ආයතන පෞද්ගලීකරණය කරන්නේ එයාලට වාසි වෙන විදියට ගිවිසුම් ගහලා. (නි)
51%ක් රජයට තියාගෙන පුද්ගලීකරණය කරන එක හොදයි. දැන් බලන්නකෝ ටෙලිකොම් දිහා. කොච්චර අපූරුවට ලාභ ලබනවද? (නි)
කාලෙකට මතක හිටින්න අනාගත්තා...(ස)
හා හා හා.... මල් වඩමට බය වුණා නේද? (නි)
ගීත් කියන එක හරි.දැන් අපේ රටේ අයට බඩේ අමාරුව හැදුනත් වර්ජන කරන්න යනවා.මේක පිටිපස්සේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න කොටසක් ඉන්නවා.සමහර අයට ලේ දැක්කේ නැතිනම්, රට විනාශ වෙනවා දැක්කේ නැතිනම් නින්ද යන්නේ නැහැනේ.මේ යන රටාව ඉතාම භයානකයි.සමහර ඉතාම සුළු පිරිසකට අපේ රට විනාශ කරන්න ඕනෑ වෙලා තියෙනවා. රජයේ හැම ආයතනයකම මේ අය ඉන්නවා. මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනෑ.රටක් විදිහට එකම ජාතියක් විදිහට රට නගා හිටුවන්න පුළුවන් හැම දෙයක්ම අඩුම තරමින් එක එක්කෙනා කරනවා නම් අපේ රට ආසියාවේ ඉහළම තැනකට ගේන්න පුළුවන්.මේ වර්ජන රැල්ල ලොකු විනාශයක මුල් අදියර වෙන්න පුළුවන්. ඒ නිසා නිරන්තර අවධානය ඉතාම වැදගත් වෙනවා. (නි)
වැටුපක් ඉල්ලීම අසාධාරණයි කියලා මා දකින්නේ නැහැ. ඒත් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ රාජ්‍ය ආයතන යම් යම් තරමින් අකර්මන්‍ය සහ අකාර්යක්ෂම වෙලා. වැටුප් දෙනවා වාගේම රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරන්නත් ඕනෑ. ඒත් ඒක වෙන බවක් පෙනෙන්නේ නැහැ. නමුත්, ජීවන වියදම දින දින ඉහළ යාම නිසා වැටුප් වර්ධක ඉල්ලීමේ අසාධාරණයක් පෙනෙන්නෙත් නෑහැ. පෞද්ගලිකකරණය කියන්ෙන් මේකට විසදුමක් නොවේ. ජනතාවට ලැබිය යුතු සහන සේවා පෞද්ගලිකකරණය කරනවා යනු භායානක දෙයක්. ඒකේ ප්‍රතිඵල අපි හැමෝටම විදින්න වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය පෞද්ගලිකකරණය කළ විට ඇති වන ප්‍රතිඵල ගැන ඔබට හිතා ගන්න පුළුවන් ද? මොහොතක් බුද්ධියට තැන දීලා හිතන්න. (නි)
පහුගිය අවුරුදු 5 තුළ විදුලිබල මණ්ඩලයේ සේවයෙන් ඉවත්ව වෙනත් තැනක සේවයට ගිය ඉංජිනේරුවන් ප්‍රමාණය 32% ක්. නමුත් එම වසර 5 තුළ ඉවත්ව ගිය විධායක නොවන සුළු සේවකයන් ගණන 3 දෙනෙක් පමණයි. එය 0.1% ටත් අඩු ප්‍රමාණයක්. එසේ වන්නේ මෙහි සුළු සේවකයන්ට අන් කිසිම තැනක නොලැබෙන වැටුපක් ලැබෙන බැවිනි. නමුත් ඉංජිනේරුවන්ට එසේ නොවේ. ඔවුන්ට මෙහි ලැබෙන වැටුපට වඩා ඉහළ වැටුපකට පෞද්ගලික ආයතනයක සේවයට යා හැකි අවස්ථා උදාවේ. පෞද්ගලික ආයතන වල පඩි ප්‍රමාණයන් සැකසෙන්නේ ඒ ඒ රැකියාවට ඇති ඉල්ලුම සහ ආයතනයේ ලාභයට ඔවුන්ගෙන් ඇති දායකත්වය අනුවය. එය ස්වභාවිකවම ඉල්ලුම සැපයුම නීතිය අනුව සැකසේ. නමුත් රාජ්‍යය ආයතන වල පඩි ප්‍රමාණයන් සැකසෙන්නේ ස්ට්‍රයික් කරන ප්‍රමාණය අනුවය. (නි)
අර පොල් ගහපු වෙලේ දෙවියන් දුප්පත් මිනිසුන් දෙසත්, වර්ජකයන්ගේ පවුල් දෙසත් නොබැලුවා නම් අද කී දෙනෙක් අමාරුවෙද? (නි)
දැන් විපක්ෂයේ කට්ටියට දහඩිය දාලා ඇති නේද? ඒ වැඩෙත් හරිගියේ නැහැනේ. (නි)
බලනකොට අපේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කර ගන්න බැහැනේ. (නි)
මට බලයක් තිබුණා නම් මම කරන්නේ, ඔය වර්ජන කාරයන්ව එළියට දාලා හාමුදුරුවරුන්ට භාර දෙනවා විදුලි බල මණ්ඩලය. ඉන්පස්සේ ආධුනිකයන්ව පුහුණු කරලා ස්ථිර කරනවා. (නි)
ලොකු දෙයක්..(ස)
මෙදා පාරනම් ටිකක් බය වෙලා වගේ .ඉස්සර කරා වගේ සේරමලා ගෙදර යැව්වනම් ඔය තැන් වටල එන්න ඕනතරම් සුදුස්සෝ පෝලිමේ ඉන්නවා.(ස)
අනිවාර්‍යයෙන්ම අපේ විදුලි බිල වැඩි වෙනවා .ඔයාලගේ ජීවිත එළිය කර ගන්න. අපි කරුවලේ ඉන්නම්..(ස)
අයියෝ සල්ලි
ආලෝකෝ උදපාදි...!!(නු)
හුරේ රටම දිනුම්.. ලිකිත ලියවිල්ල නෙමෙයි වැටුප් අනුමැතිය ගන්න තිබුණෙ..!!(නු)
බලමු කරයිද කියලා.. මට පේන්නෙ කට්ටිය බයවෙලා නැවැත්තුව වගේ වැඩේ...!!(නු)
මේවා පෞද්ගලික කරණය කරන්න ඕන.. එතකොට වැඩවර්ජන මොනවාත් නැහැ... කට්ටිය අගේට වැඩ කරනවා..!!(නු)
එතකොට අලුතින් ගත්ත අයට මොකද වෙන්නේ ? මෙයාලා ආපහු ගත්තේ ඇයා ? (ස)
බය වෙලාද නැත්නම් ඇත්තටම ඉල්ලීම් දිනාගෙනද ?(ස)
තව ටික දවසකින් එකඟ වුණු ඉල්ලීම් දුන්නෑ කියලා කෑගහවි..(ස)
බර්ටි ,හොඳට තියෙයි. පේනවනේ බස් පුද්ගලික කරලා තියන සැප මගීන්ට . (ස)
විදුලි බල බණ්ඩලයේ සේවකයන්ගෙ පඩි ගොඩක් වැඩියි. නුපුහුණු කම්කරුවට ලැබෙන් පඩිය අළුත පත්වීම ගත්ත ඩොක්ටර් කෙනෙකුට වඩා අඩු පොඩි ගාණකින් විතරයි. පඩි වෙනුවෙන් ස්ට්‍රයික් කරන්න ඔයිට වඩා අඩු පඩි හම්බුවෙන රාජ්‍ය සේවකයෝ ඕන තරම් ඉන්නවා.(ස)
මෙහෙම ඉල්ලීම් දෙන්න පුළුවන්නම් මොන එහෙකටද මහජනතාව පීඩාවට පත් කරේ මෙච්චර දවසක්..මේ පාලකයොනම්..............(ස)
ප්‍රවේසම්කරල ඔය ලියුම තියාගන්න...(ස)
බර්ටි, ඔව් ඊට පස්සේ දත නියවගෙන ඉන්න පුළුවන්. දැන් ඔය ගෑස් වලට වෙලා තියෙන්නෙත් ඒකනේ. හැම දෙයක්ම පෞද්ගලීකරණය කලා නම් අගේට තියෙයි.(ස)
ඉල්ලිම් ටික ලැබෙන්න ඇති පව් දැන් ස්ට්‍රික් කියන ඒවා විහිළු වගේ මේවා අහල දැකල හිනා යනවා දැන් (ස)
ඇත්ත. මේවා පුද්ගලීකරණය කරලා විදුලි බිල දෙගුණ කරන්න ඕනෑ. (අනේ මෙහෙමත් මෝඩ අදහස්?) (නි)