ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවත්, විදුලි බිල ඉහළ යාමෙන් අනෙක් සියලු භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී විදුලිබල විෂය ගැන අදහස් දක්වමින් පැවැසීය.
‘විදුලිබල මණ්ඩඉලයේ පාඩු මකා ගැනිමට විදුලි බිල 20 වැනිදා සිට වැඩි කර තිබෙනවා. සියයට 2-3 කින් වැඩි වෙනවා නම් අපට එය දරාගත හැකියි. මහජන උපයෝගිතා කොමිසම කියා එකක් තිබෙනවා. එයින් යෝජනා ගත්තා, සාකච්ඡා කළා. නමුත් විදුලි බිල වැඩි කළා. සමහර විට මාස හයකින් විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපට විදුලි බලාගාර තිබෙනවා නොරොච්චෝලේ එකක් හැදුවා. මම දන්නේ නැහැ මෙය කියාත්මක වෙනවාද කියලා. විදුලිබල මණ්ඩලය කිව්වේ මේ බලාගාර ක්‍රියාත්මක වන විට විදුලි බිල අඩුවෙනවායයි කියල. අප සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුයි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු වෙනවා සේම මේ ගැන කතිකාවතක් ඇති විය යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තද කිව්වෙ ඔහොම කියමු කියලා. (නදී)
කහුරු මොනවා කිවුවත් විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා කොන්ද කෙලින් තියාගෙන කතා කරන කෙනෙක්. මම කලුතර දිස්ත්‍රික්කයට අයිති නැති වුණත් මෙතුමා ගැන මම හොදට අහලා තියෙනවා (නි)
ඔන්න පුතේ කරනවා නම් වැඩ. ඔය වගේ දේවල් කියලා සමහරු නම් පස්සේ නිශ්ශබ්ද වුණා. ඔබතුමා එහෙම කරන්න එපා, හොඳේ. (නි)
විදුර මහත්තයෝ, කතාවෙන් නොව ක්‍රියාවෙන් කරලා පෙන්වන්න. (නි)
අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා රුපියල් බිලියන 225ක පාඩුව පිරිමසා ගන්න විදුලි බිල වැඩි කරන්න වුණා කියලා. විදුර මහත්තයෝ, අහන්නකො පාර්ලිමේන්තුවේදී, එතකොට සමහර ව්‍යාපෘති බිලියන 8000ස් ගණන් පාඩු වුණේ. ඒවා කොහොමද දුවන්නේ කියලා? (නි)
ඒ වුණාට මේවා විදුරගේ විදුලිය නෙමෙයිනේ. ඒක නොවැ ප්‍රශ්නේ. (නි)
තාත්තට අගමැතිකම දුන්නනම් ඔයාටත් වැඩිවීම හොදයි.(නදී)
අපේ අහවල් ඇමතිතුමාට ඇහෙන්න එහෙම කියන්න එපා. එයා කියයි විදේශිය කුමන්ත්‍රණයක් කියා. (නි)
වංචාවට, දූෂණයට,නාස්තියට පලි මේ රටේ සාමාන්‍ය ජනතාවද? කරන්න දෙයක් නැහැ. තමන් කැමති පක්ෂයේ නායකයා අතේ මළපහ කළත් සුවදයි කියමින් ඡන්දය දෙන වහල් ඡන්ද දායකයෝනේ මේ රටේ වැඩියෙන් සිටින්නේ. එදා සිංහලයා බේරාගත් අපේ සංඝරත්නයත් අද නැහැ. (නි)
විධුර මහත්තයා ඔය වගේ මොන කතා කිවුවත්, එයත් ආණ්ඩු පක්ෂේ කෙනෙක්නෙ. (නි)
ජනතාවට ඔබ ආඩම්බරයක්. පාර්ලිමේන්තුවේ කොන්ද කෙලින් තියාගෙන කාටවත් බය නැතුව ඔබ වගේ කෙලින් අදහස් ඉදිරිපත් කරන්න අනිත් අය බයයි වගේ නේද? (නි)
විදුලි බිල ඉහල නැංවීම ගැන කුණු හරප මතක් වෙන නිසා සටහනක් කරන්නේ නැහැ...(අ)
ඡන්දයක් කිට්ටුද? (අ)
ඔබ මන්ත්‍රීවරයෙක් නම් ඔබට පුළුවන් , මේක පාර්ලිමේන්තුවේදී විවාද කරන්න. එහෙම බැරිනම් ජනතාවගේ අදහස් අහලා මේ ප්‍රශ්නයට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කරන්න. ජනතාව ඔබට සහයෝගය දේවි (නි)
කවුද බොලේ මේ ගණන් කාරයා? (නි)
මොලේ තියෙන එක්කෙනෙක්වත් ඉන්න එක අපිට ලොකු හයියක්. (නි)
විදුර මහත්තයෝ, ඔබතුමා මේ වෙලාවේ ජනතාවගේ පැත්ත අරගෙන උද්ඝෝෂණයක් සංවිධානය කරන්න. අපේ සහයෝගය දෙනවා. මමත් කළුතර. (නි)
හොරණදී විරෝධතාවයක් කරමු විදුලි බිලට විරුද්ධව. එතකොට එයාලට තරු පෙනේවි. (නි)
මහත්තයෝ, පාර්ලිමේන්තුවේදී දාන්න බලන්න හොඳ සද්දයක්. එතකොට තමයි අපි දැනගන්නේ කොන්ද පණ තියන එක්කෙනෙක් හරි ඉන්නවා කියලා. (නි)
මේ ඇත්තටම අපට ආදරේටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේ ටික කාලය ට සිද්ද උණු හැම දෙයක්ම දරා ගන්න බැරි දේවල් තමා?(නදී)
සිල්වාගේ අදහසට මත එකගයි. එතුම ආණ්ඩුවේ වුණාට ජනතාවට අසාධාරනයක් වෙන තීන්දු වලදී ඒක වැරදියි කියලා කියන්න මෙතුමාට ශක්තියක් තියෙනවා . මීට පෙර බොහෝ අවස්ථා වලදී අප එය දැක තිබෙනවා . එතුමා ආණ්ඩුවේ හිටියත් වැරැද්ද වැරදි විදියට දකින්න එතුමාට පුළුවන්. (නි)
උපුල් ,සිල්වා ඔබේ අදහස් හරි,විෂිල් ඕන නැ,බල්ටි ඕන දන්න සද්දයක් පාර්ලිමේන්තුවේ, (අ)
ජනතාවගේ වීරයෙක් වෙන්න අවස්ථාවක්. කොන්දක් තියෙන අයත් ඉන්නවා එහෙනම්. මෙයාව මට මතක නැහැ. දාන්න පින්තූරයක්.(නදී)
විදුලි සැර වැදිලා ඉන්න අපට විහිළු කරන්න එපා.(නදී)
වරාය, ගුවන්තොටුපොළ හදන්න්න කලින් විදුලිබලඅගාරය හැදුවනන් ඕක නැතිකරන්න තිබුනා.(නදී)
මේ හැම ඉහළ දැමීමකින්ම දුප්පතාටයි බර උහුලන්න බැරි. (නි)
එකෙක් රයිගම පැත්තේ, අනික .(නදී)