බස් ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කිරීමේ බිත්තරය දැමීමට රජය කෙකර ගාමින් සිටින බවත්, එය ජනතාව මත හෙළන පීඩන බෝම්බයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බත්තරමුල්ල පැලවත්ත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මත්තල ගුවන් තොටුපළ විවෘත කිරීමේ දිනය ලංවුණු ගමන් විදුලි හා බස් ගාස්තු වැඩි කරන්නට යතියි ද, රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිතියි ද, හොරකම, නාස්තිය, දූෂණය, අසාර්ථක ව්‍යාපෘති පාඩුව නිසා ආර්ථික ර්බුධය තවත් දරුණු වී ඇතැයි ද පවසයි.
රටේ ජාතික ධනය සියයට දෙකක් වැනි ඉතා කුඩා පිරිසක් අතර සැරි සැරීමත් එම ධනය ජනතාව අතර බෙදී නොයෑමත් බරපතල ප්‍රශ්නයක් බව ද ඔහු කියයි.
ජීවන වියදම, බදු බර හා පීඩනය ජනතාව මත පටවන සමාජ ක්‍රමයක් වෙනුවට සහනශීලී සමාජ ක්‍රමයක් ගොඩ නැගීමට රාජපක්ෂ පාලනයට එරෙහිව සටන් වැදීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය කෙකර ගාන්න ගියොත් හලාල් කියලා උස්සගෙන යයි හොදේ. (නි)
මොකද්ද ඒ කතාවේ තේරුම (දී)
ලංකාවේ ඉන්නේ අසරණ මිනිස්සු, සහන දෙන්න මේ මිනිස්සුන්ට (දී)
ඒ කියන්නේ වැඩි වෙයිද (දී)
මොකටද ඔච්චර කෙකර ගාන්නේ? විදුලි බිල වැඩිකරන්න කියන්නකෝ. (නි)
ගුවන් තොටු පොලක් අවශ්‍ය වෙන්නේ මිනිසුන් හෝ බඩු ප්‍රවාහනය කිරීමටයි. මත්තල සිට ප්‍රවාහනය කරන බඩු හෝ මිනිසුන් මොනවාද? මුලින්ම නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කොට අවශ්‍ය නම් ගුවන් තොටුපොළක් ඉදිකිරීම තමයි කළ යුතුව තිබුනේ. (නි)
කෙකර ගානවා කියන්නේ සුදානම් වෙනවා කියන එකනේ (දී)
කරුණාකර වැඩි කරන්න නම් එපා (දී)
මමනම් මැරුණත් බිල ගෙවන්නේ නැහැ (දී)
අපි නම් ඉටිපන්දම් එළියෙන් ඉන්නවා ඇත්තමයි (දී)
අතේ තියෙන්නේ දාපු බිත්තරය ද එතකොට? (නි)
කෙකරගාන්න දෙයක් නැහැ. අප්‍රියෙල් වල ඉදලා විදුලි ගාස්තු වැඩියි ආයුබොවන්ඩ. (නි)
ඉතින් මොකද? ඔයාලත් ඔය සමහර වෙලාවට කෙකර ගාන්නේ. (නි)
අලුත් ගුවන් තොටුපළ විවෘත කරනකොට අපිට මේ ඔක්කොම අමතක කරන්න පුලුවන්. (නි)
අනේ කරුණා කරලා ඒ වැඩේ නම් කරන්න එපා (දී)
ඔබ තුමාල මේකට පිකටින් යන්න කෙකර ගාන්නේ නැද්ද (අ)
කෙකර ගාන්නේ කවුද කියලා කවුරුත් දන්නවා. (නි)