(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක තුළ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ හොත් ජූලි මස මැද වන විට ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බවත් යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවේ විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සතියේ මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වාර්ෂික විදුලි ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කළුකඩ මුදලාලි හෙට අනිද්දා කියාවි ඉදිරියට පායනවා... ඒක නිසා අඩු කරන්න බැහැ කියලා...
මිල වැඩිවන විට විදුලි වේගයෙන්ද? මිල අඩුවන විට ඉබි ගමනින්ද? යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව අපගේ හදපිරි මෙව්වා එක...
ඡන්දෙන් පස්සේ එන හොද නායකයෝ සහනයක් ලබා දේවි
ඔය කියන හැටියට, ජුනි 14 වන විට මණ්ඩලය යෝජනා ඉදිරිපත් කලොත්, ක්‍රියාත්මක කිරීමට ජුලි 14 දක්වා කල් යනවා කියන එකනේ. කොමිසමට ඕකට මාසයක් ඕනද? කොමිසමත් මණ්ඩලයත් එක වැල්ලේ පොල් ! කොමිසමට කියක් වියදම් කරනවද? ඒකෙන් මහජනතාවට මොනවාද කරන්නේ ?