‘පසුගිය මැතිවරණ  දිනවලදි විදුලි පුටුවට වුණත් යන්න බය නෑ කියපු අය දැන් උසාවියට පොලිසියට කට උත්තරයක්වත් දෙන්න යන්නට බිය වි ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) උඩුනුවරදී කීවේය.

‘ටෙලිකොම් එකෙන් මිලියන 600 ක් ගත්තා ගම් වලට සිල් රෙදි බෙදන්න නමුත් මුළු ලංකාවටම සිල් රෙදි බෙදන්න යන මුදල මිලියන 100 ක් අන්න එතන තමයි රහස .ඉතිරි මිලියන 500 ට මොනවද වුණේ?‘ යනුවෙන්ද කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

මානික්කාව ඇලිපිටිකන්ද පුස්තකාලයේ උඩුනුවර ප්‍රදේශිය සභා විපක්ෂ නායක  ගාමිණී තෙන්නකොන් මහතා සංවිධානය කළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් පොල් පැල 1600 ක්  බෙදාදීමේ “දිවි මගට කප් රුක” පැවති උත්සවයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ඡාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ජාතික ආණ්ඩුවක් සාදන බවත් එලෙස කරන්නේ රටේ සිටින එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පක්ෂයේ උදවු අවශ්‍ය අයට උදවු කිරිමට හා ඉදිරියේදී තිබෙන ප්‍රශ්න විසඳා ගැනිමට හා උතුරු නැනහිර ප්‍රශ්නය ට මුහුණ දීමට මේ ප්‍රධාන පක්ෂ දෙක එකට සිටි යුතු නිසා බවත් අමාත්‍යවරයා පැවසිය.

web web1 web2