විදුලි ගාස්තු අප්‍රේල් මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය. ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය කොමිසමෙන් ඉල්ලා සිටියේය. කොමිසම මහජන අදහස් විමසීය. විදුලිබල මණ්ඩලයේ අනාගත පිරිවැය අවමකැර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඇතුළත්ව අවම සංශෝදන සහිතව විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර දුන් බව එම කොමිසම පවසයි. මෙම කොමිසමේ සභාපතිවරයා ජයතිස්ස ද කොස්තා මහතාය.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවට තමයි ප්‍රබාකරන් හිටියා නම් කියලා හිතෙන්නේ (නි)
අවුරුදු.30ක යුද්ධය ඉවර වුණත් රටේ ජනතාවට කිසිම සහනයක් නැහැ. සියලුම දේ වැඩි වෙනවා (නි)
ඔය මදි කියන කතා. පොඩ්ඩක් ඉන්න තව ටිකක් වැඩි කරන්න කියන්නම් (ස)
මේ ශාප ලෝකයේ දැන් ජන සමාජයත් දෙපිලකට බෙදිලා (නි)
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා... (නි)
මේවා මේ සිංහල ජාතිය නැතිකරන්න කරන බටහිර කුමන්ත්‍රණ. ලෙමන් පෆ් එකක් කාලා වතුර ටිකක් බීලා තව ටිකක් පටි තද කරගෙන ඉදිමු. (නි)
ගිහිල්ලා, ගිහිල්ලා සිංහල අවුරුද්ද ගිහිල්ලා........, ( කරකල දෙකට නමල )... වරෙල්ල , වරෙල්ලා අඳුරෙ ඉන්න කාලෙ ඇවිල්ලා... (ස)
ආයිත් සංශෝධනය කරමුද? (නි)
මාසයකට දින 2,3ක් කරුවලේ හිදිමු. ජනගහනය වැඩි වෙන්නත් එපායැ. (නි)
ඔය තියෙන්නේ. අර ඇමරිකාවෙන් දෙන මුදල් අඩු කරද්දී, එහෙ බෝම්බ පුපුරද්දී මෙහෙ දෙපැත්තෙන්ම හුරේ දාපු අයට අප්‍රමාන සන්තෝෂද දැන්? (නි)
හොදක් නම් වෙන්න එපා. (නි)
වැඩි කරන්න අදහස් දුන්න මහජනයෝ කවුද දන්නෙ නැහැ (නි)
රටේ මිනුසුන්ගේ රුධිරය බොන්නද මේ සැරසෙන්නේ? දෙවියන් වැඩ ඉන්න බව අමතක වෙලාද? (නි)
කෝ ඇමරිකන් විරෝධියෝ? ඊයේ බෝම්බෙට හුරේ දානකොට මම දැනගත්තා මෙහෙත් පත්තුවෙනවා කියලා. දැන් සනීපයිද? (නි)
අර ලෝකේ කොහේ හරි බෝම්බෙයක් පිපුරුවහම, ස්වභාවික ආපදාවක් ආවහම ඒ සියල්ල වෙන්නේ කරුමවාදෙට අනුවයි කියන අය මට කියන්න මේවා වැඩි වෙන්නේ මොන වාදෙට අනුවද කියලා (නි)
අනේ! ලොකු දෙයක් (නි)
දූෂණ ,වංචා, අක්‍රමිකතා හරියට අපි කළා වගේනේ. ඒ පාඩු අපෙන් පියවාගන්න බිල වැඩි කරන්න හදන්නේ. (නි)
ඊයේ අපේ ගෙදර ලයිට් බිල දීල ගියා. වෙන මාසවල බිල හදන්නේ 12 වෙනිදාට. මේ මාසේ බිල හැදුවේ ඊයේ(17) දා. 12 දින ඉඳලා නම් බිල වැඩිකරන්නේ අපේ ගෙදර බිල වැඩි වෙන්නේ 12 න් පස්සේ දවස් 06 ටද? මුළු මාසේටමද? අනේ මේක කවුරුහරි මට පහදලා දෙන්නකෝ. ඊයේ ඉඳලා හරියට කන්නේ වත් නැතුව මගේ හාමිනේ කල්පනා කරනවා. මගේ පැන්ෂන් පඩිය බැලන්ස් කරගන්නේ කොහොමද කියලා. (නි)
අනාගත පිරිවැය අඩු කරන්නද මෙහෙම කළේ? (නි)
නියම වැඩක් තියෙනවා, ලෝටස් ටවර් එකට වෙලා වටේ බල බල ඉදිමු (නි)
පිරිවැය අඩුකරගන්නලු මෙහෙම කළේ. අපේ රටේ අරක්කු බාගෙට,බත් පැකට් එකට,ටකරමට,සිමෙන්ති මිටියට,සොච්චම් රස්සාවට කඩේ යන අය ඉන්නකල් මේවා මෙහෙම වෙයි. (නි)
බිල ආවහම බලමුකෝ මුළු මාසයටම අයකරලා නැද්ද කියලා (නි)
සම්බෝලයි බතුයි කාලා තමයි දැන් බිල ගෙවන්න වෙන්නේ. (නි)
මරු...මරු ...ලොක්කන්ට දවසකට වියදම කෝටියයි. ජනතාව කරුවලේ. දුකේ... බක්මහ අකුණු තියෙනවා තවම. බලාගෙන හොදේ.... (නි)
හිනාවට, පපුවට තඩි බාගෙන කතා කලාට රැවටිලා චන්දය දුන්න මෝඩයන්ටනම් මේ වැඩි වීම මදි. ඇරත් දුක මේ අවට ඡන්දය නුදුන්න අසරණ මිනිසුන් ගැනයි.(නදී)
මිත්‍රවරුනේ, ඉන්න ඉන්න තව කොරියවෙත් යුද්ධය පටන් ගත්තොත් මොනවා හරි වැඩි කරලා දෙන්නම්. ඔබලා තව තව ඇමරිකන් විරෝධී සටන් පාට කියන්න. (නි)
ඔය කොමිසම පත් කලේ මේ ටික කරන්න නම් ඒ ගොල්ලන්ට මුදල් වියදම් කරපු එක මහා අපරාධයක් නේද? මේ කොමිසමේ රජයේ සේවකයෝ, විශ්‍රාමිකයෝ, හමුදාවේ, පොලිසියේ ,පුද්ගලික අංශයේ කම්කරුවෝ ගොවියෝ වගේ නියෝජිතයෝ ඉන්න නැතුව ඇති නේද? අනේ මන්දා මට නම් පිස්සු වගෙයි. (නි)
ආසියාවේ ප්‍රකෝටිපතියන් ලංකාවෙන් බිහි වෙලා ඉවරයි.(නදී)
මේ වගේ මහජනතාවගේ ප්‍රශ්න සේනා වලට පෙනෙන්නේ නැද්ද ? (නි)
ඔන්න මහත්තයෝ, කෙකර ගගා ඉඳලා දැම්මා බිත්තරේ (නි)
මේවා බටහිර කුමන්ත්‍රණ... (නි)
යුද්ධය තියෙන කාලෙත් මෙච්චර අමාරුවක් තිබුනේ නැහැ . දුප්පත් ජනතාව නගා සිටුවන හැටි හොදට පේනවා. (නි)
අද ඉදන් අපි හවස 6යේ සිට රාත්‍රී 10 දක්වා මිහිකත හෝරාව සමරමු නේද? (නි)
විදුලිය වැද්දුවේ ඇයි ජනයට සිහල ... (නි)
මම නම් බලාගෙන හිටියේ ලැබෙන වැටුපට මොකද කරන්නේ කියලා. දැන් ඒකත් හරි. ඒත් විදින්න බැරි ඊලග අවුරුද්දෙත් පාඩුවට විදුලිය දෙන්නේ කියලා කියනකොටයි. (නි)
දැන් කොමිසන් පත්කලයි කියලා මොකක්ද වුණ සෙතේ? ගාස්තු වැඩිවුනා මිසක. (නි)
මම වැඩ කරන්නේ ගුවන් සමාගමක. රටවල් ගාණක අපි යනවා. ලෝකේ වෙන කිසිම රටක ලංකාවේ වගේ ඉන්ධන, විදුලි ගාස්තු වැඩිකරන්නෙ නැහැ (නි)
කවුද මේ කොස්තා මහත්තයා? (නි)
කොහොමහරි අන්තිමට මේවා ගෙවන්න වෙන්නේ රටේ අහිංසක ජනතාවටනේ (නි)
ඉතිරි මන්ත්‍රීවරුන්ටත් ඇමතිකම් දුන්නා නම් හරියටම හරි (නි)
අනේ, අපි බයේ හිටිය උපයෝගීතා කොමිසම අවසරේ ලබා නොදෙයි කියලා.. දැන් ඉතින් ඒ ප්‍රශ්නේ ඉවරයි. (නි)
අපිට ඔය වැඩිවෙන ක්‍රමය (සුත්තරේ) ගැන අදහසක් දෙන්නකෝ
අපට නිවන් සුව! (නි)
මේ වගේ රටට සේවය කරන පුද්ගලයින් අපට ලැබීමම මොන තරම් වාසනාවන්තද? අපේ අනාගත දරුවන් මොන තරම් වාසනාවන්තද? (නි)
පිරිවැය අඩුකරගන්න විදුලි බිල වැඩිකලාලු. කාට කියන්නද? (නි)
ඔන්න දැන් දේශප්‍රේමී ජනතාවට හොදට නින්ද යාවි. (නි)
අපේ අනාගත දරුවන්ට අපි දායාද කරන්න යන්නේ දුප්පත්කමේ අන්තෙටම ගිය ඉතියෝපියාවක්, සොමාලියාවක් තමයි. (නි)
මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු තිහකදී කරන්න බැරි වුණ විනාශයක් මේ අවුරුදු 5 තුලදි රටේ සිද්ධ වෙලා තියෙනවා. (නි)
නීලා, ඔබ හරි. (නි)
හිගන්නන්ට නම් හිගා කාල කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒත් මධ්‍යම පන්තියේ අපිට පුලුවන්ද හිගා කාල ජීවත් වෙන්න. මේ යන ක්‍රමයට නම් අපිටත් වෙන්නේ හිගා කන්නම තමයි. (නි)
නොරෝච්චෝලේ විදුලි බලාගාරය විවෘත කරද්දී නම් කිව්වේ රටටම නෙමෙයි ඉන්දියාවට වුනත් විදුලිය දෙන්න පුළුවන් වෙනවා කියලා. (නි)
අනේ මන්දා, අපේ අවුරුදු තෑගි ගැන හිතනකොට දුකේ බැහැ (නි)
උගත් ආචාර්ය මහාචාර්ය වරු ජොබ් එක කරන්න බැරිව ගෙදර යනවා. මෝඩයන්ට ගිය රටක් මේක.(නදී)
අනේ! හාමිනේ, අවුරුදු සතුට නැත්තටම නැතිකළා දෙයියනේ! අනේ අප්පේ! අපිට තවත් නම් ඔහෙලගෙ ආශ්චර්යය එපා. රටක් හැටියට, ජාතියක් හැටියට ,යුතුකමක් හැටියට කියා කියා මේවත් කරන වැඩද , මං අහන්නේ? (නි)
ත්‍රස්තවාදය තිබුන කාලේදී අපි දෙවියනේ කියලා තුන් වේල කාලා සතුටින් ජීවත් වුනා. දැන් වෙන්නේ අපිටත් අපේ දරුවන් සමග ගගට මුහුදට පැනලා ජීවිතය විනාශ කර ගන්නයි. (නි)
අපි සැමදාම මෝඩයන් ලෙස නැවත අපේ දේශපාලකයන්වම පත් කරගනිමු (නි)
ලගදීම අපේ රටටත් සයිප්‍රස් රටට වුණා වගේ වෙලා බැංකු ටික වහලා දාවිද දන්නෙ නැහැ. (නි)
විදුලිබල මණ්ඩලේ සිදුවන මහා පරිමාණ වංචා දුෂණ වලින් සිදුවන පාඩුව පිරිමහගන්න මහජනතාව පිට මේ විදියට බර පැටෙව්වම සේරම ප්‍රශ්න විසදෙනවද...? (නි)
ඡන්දයක්වත් ළං වුණා නම් තව පොඩ්ඩක් අඩුකර ගන්න පුළුවන් වෙයි (නි)
අපි ඇමති මණ්ඩලයත් තව වැඩිකරමු (නි)
තාම පටි තද කරගෙනද ඉන්නේ? දැන් තොන්ඩුව වැටිලා තියෙන්නේ බෙල්ලටම. (නි)
අපි තරු බල බලා සතුටින් ඉදිමු (නි)