මුන්දලම කච්ච මදුරංකුලියේ විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු 17ක් අද අලුයම පෙරලී පොල්ගස් හා අනෙකුත් ගස් මතට ඇද වැටී ඇතැම් ගස් ගිනි ගත් බව වැසියෝ කියති.
අඩි පහමාරක් ගැඹුරට සවි කළ යුතු විදුලි කනු අඩි දෙකකට වඩා සිටුවා නැතැයි වැසියෝ කියති.
පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු එම් අයි එම් ඉර්ෂාඩ් මහතා පැවසුවේ ගැලවී ගිය විදුලි කණු කිහිපය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
සියයකට අධික පිරිසක් මේ සඳහා පැමැණි බව ගැමියෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන් සහ කණු හිටවූ පුද්ගලයින් සේවයෙන් පහකළ යුතුමය. (නි)
මෙම ප්‍රදේශයේ මුහුදු වැල්ල සහිත ප්‍රදේශයක් බැවින් කණු සිටුවීමේදී සුදුසු කොන්ක්‍රීට් අඩිතාලමක් යෙදිය යුතුයි (නදී)
මේවා කඩාකප්පල් කාරී වැඩ.(නදී)
අඩි පහමාරක් ගැඹුරට හිටවන්න අවශ්‍ය නිසා එම උසින් තාර වලින් අගල් දෙකක් පළලට රවුමට ලකුණු කරන්න.(නදී)
මේවා අධිරාජ්‍යවාධි කුමන්ත්‍රණ. (නදී)
අනාරක්ෂිත වැඩ මේවා. කරන්නම් වාලේ කරලා යන්න ඇති. එක කණුවක් නම් කමක් නැහැ.වගකිවයුතු උදවිය දැන්වත් නිදි පැදුරෙන් නැගිටලා මේවා කොහොමද වුණේ කියලා හොයා බලනු මැනවි. (නි)
තව පොඩ්ඩෙන් කොන්ත්‍රාත් වැඩ වල වන්දිය ගෙවන්න වෙන්නේ ජීවිත බිලිදීලා. (නදී)
මේවා අර පහු ගිය කාලෙ තිබුණු ආණ්ඩුව ඡන්ද පොරොන්දුවකට හදපු ඒවාද දන්නේ නෑ (බ)
ඕවා කොන්ත්‍රාත් වැඩ නෙමෙයි. ඒවා බලපු නිලධාරිය මොනවද කළේ? (නි)
ඔය පැත්තේ වැඩ ඔහොම තමයි (නි)
ඉංජිනේරුවරු ඉන්නේ කැඩෙන, පෙරළෙන කණු නැවත හිටවන්න නෙමෙයි. ජීවිත හානියක් සිදුවුණා නම් ඔය කතාකරන ඉන්ජිනේරුවෝ වගකියනවද? මෙවැනි දේවල් සිදුනොවන විදියට කටයුතු සැකසීම කළයුතුය (නි)
ගිය ආණ්ඩුවේ අය ඔහොම තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. ඔය පෙනෙන්නේ (නි)
මෙම කණු සිටුවීමේදී වැරදි කර ඇති අයට දඬුවම් කරන්නේ නැද්ද? (නි)
මේ ගැන පරීක්ෂණයක් කරන්න ගියොත් පලිගන්නවා කියලා කියයිද? (කේ)
ඔය තියෙන්නේ මහරජාගේ සංවර්ධනේ (ම)
පසුගිය රජයේ වැඩ තමයි ඉතින්. වැඩ බාගෙට කරලා කොමිස් සාක්කුවේ දාගෙන ජනතාව බිල්ලට දෙනවා. දැන් පෙනෙන්නේ නැද්ද හදලා තියෙන පාරවල් ලොකු වැස්සකට හෝදගෙන යනවා. ඒ වුණාට පම්පෝරියේ ඉවරයක් නැහැ (නි)
ලංකාවෙන්ම වැඩියෙන් පඩිගන්නේ කණුවක්වත් හරියට හිටවගන්න බැරි අයද? (නි)
විදුලි ඉංජිනේරුවන්ට මොකද වෙලා තියෙන්නේ? (ත)