(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අලුත්ගම බෝගම දී විශේඥ වෛද්‍යවරයෙකුට මරු කැඳවමින් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පක්ෂග්රාහී නොවී නිසි අන්දමින් පරීක්ෂණ සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වීරඟුල පොලිසියට නියම කළේය.
වතුපිටිවල රෝහලේ මානසික රෝග පිළිබඳ විශේඥ වෛද්‍ය වසන්ත පුෂ්පකුමාර හේරත් මහතාට මරු කැඳවමින් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්ෂග්රාහිව පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ අධිකරණය නොමඟ යවන අන්දමට බවත් පවසමින් අනතුරින් මියගිය වෛද්‍යවරයාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හිමාලි කුලරත්න මහත්මිය කළ දැනුම් දීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින එල්.එම්. 8869 දරණ ලොරි රථයේ රියදුරු වන සින්නමඩම බංගදෙණියේ මුදිත ගයාන් රාජපක්ෂ නමැති සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අලුයම සැකකරු පැදවු ලොරි රථය නුවර දෙස සිට කොළඹ දෙසට නියමිත මංතීරුවේ සහ විශේඥ වෛද්‍යවරයා පැදවු කාර් රථය කොළඹ දෙස සිට නුවර දෙසට විරුද්ධ මංතීරුවේ ධාවනය වෙද්දී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇතත් අනතුර සිදුවු ස්ථානයේ ඇති ‘සිසිල’ හෝටලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සැකකරු නුවර දෙස සිට කොළඹ දෙසට පැදවු ලොරි රථය වංගුවකදී වැලි ලොරියකට ඉස්සර කරමින් විරුද්ධ මංතීරුවේද විශේෂඥ වෛද්‍යවරයා කොළඹ දෙස සිට නුවර දෙසට පැදවු කාරය නියමිත මංතීරුවේද ධාවනය වෙද්දී මෙම අනතුර සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට ඇතැයි වෛද්‍යවරයාගේ පාර්ශ්වයේ නීතිඥවරිය අධීකරණයට කියා සිටියාය.
සැකකාර ලොරි රියදුරා වයස අවුරුදු 23ක තරුණයකු බවත් ඔහු වැන්නකුට නුවර සිට බියගම ප්‍රදේශයට මෙවැනි දීර්ඝ ගමනක් යෑමට පළපුරුද්ද ඇත්දැයි ප්‍රශ්න සහගත බවද ඇය දන්වා සිටියාය.
මෙම අනතුර සිදුවන ආකාරය ඇසින් දුටුවකුගේ සාක්කි නොමැති බව පොලිසිය දැනුම් දී ඇතත් ලොරි සහායකයා අනීවාර්යයෙන්ම මෙම අනතුර සිදුවන අයුරු දැක තිබිය යුතු බවත් ලොරි සහායකයා මෙම සිද්ධියේ සාක්කිකරුවකු ලෙස කැඳවීමට නියම කරන්නැයි ද ඇය ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වීරඟුල පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් තමන් ‘සිසිර’ හෝටලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබාගෙන ඇතැයි දැනුම් දුන්නේය.
පැමිණිල්ල ලබන වසරේ ජනවාරී 9 වැනිදා කැඳවන ලෙසත් එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කිව්වොත් රෑට මහා පාරේ තියෙන්නේ කැලේ නීතිය. පොඩි වාහනයේ යන එකා ලොකු එකා කොහෙන් ආවත් තමුන්ගේ පන බේරගන්න ඕනනම් බේරෙන්න දැන ගන්න ඕනෑ. විශේෂයෙන් ලොරි කාරයෝ ඉඩ ගන්න මෝටර් බයිසිකල් කාර් වගේ එව්වට ඇඟට කපනවා. අනික ලොරි වලින් මාසෙකට පොලිසි වලට සලකනවා. ඒ වගේම දොස්තරලත් දොස්තර ලාංඡනය වාහනයේ වීදුරුවේ ගහලා තියෙනකොට තමුන්ගේ පාර කියලා හිතාගෙන වාහන එලවන්නේ. රටේ නීතිය කියන කෙනා පොතට විතරක් කියන මේ තත්වය නැති වෙන්න ඕනෑ.
දොස්තරවරුන්ට, දොස්තර ලාංඡනය වාහනයේ වීදුරුවේ ගහලා එළවනවට ඔහොම වෙනවා.
"දොස්තරලත් දොස්තර ලාංඡනය වාහනයේ වීදුරුවේ ගහලා තියෙනකොට තමුන්ගේ පාර කියලා හිතාගෙන වාහන එලවන්නේ." යනුවෙන් දක්වා ඇත්තේ මෙම අනතුරේ වරද මියගිය වෛද්‍යවරයා පිට පටවන්නදැයි සැකයක් මතුවේ.
මේක තමයි අද අපේරටේ අපරධ වලට මුල්ම හේතුව... ඉතින් කවුද බය මිනී මරන්න මෙහෙම රටක? මෙහෙමත් පොලීසි, ආණ්ඩු .....
මෙය ඉතා දරුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. මා රටවල් ගණනාවක වාහන පදවා ඇත. නමුත් ලංකාවේ අඩු වයස අයගේ රිය පැදවීම දකින පොලිසිය නම් අහක බලා ඉන්නවා..
පෞද්ගලික බස් රථ ,ටිපර් රථ වල වේගය පැයට 40km දක්වා සීමා කල යුතුයි. පොලිසියේ රථවාහන අංශයට තවත් 5000ක් බඳවාගෙන විශේෂ පොලිසියක් ඇතිකළ යුතුයි.
මහපාරේ අයිතිය දැන් අධිවෙගයටත් ඇවිල්ලා බස්, ලොකු වාහන වලට නීතියක්, විනයක් නැද්ද කොහෙද පොලිසිය දඩ ගහන්නේ පොඩි අපිටම විතරෙයි වගේ, අනේ අපොයි රටට ගිය කලක්
අධිවේග පාරේ බස් යන වේගය බලන්න. මහා විශාල බස්, සේරම 100 ට වැඩ වේගෙන් යන්නේ. කව්ද මේවා අල්ලන්නේ. මගේ කතාව වැරදිනම් මම අධිවේගයේ ගිහිල්ල ඔප්පු කරලා පෙන්නනවා. විදුලි වේගයෙන් ඇවිත් විදුලි වේගයෙන් අපේ වාහන ඉස්සර කරගෙන යනවා. ඒ සමගම 1000 අඩු ධාරිතාවෙන් තියෙන වාහන හදල තියෙන්නේ 100 වේගයෙන් යන්නත් නෙවේ.
බස් ලොරි ටිපර් වලට කිසිම වේග සීමාවක් නැති එකම රට ලංකාව වෙන්න ඇති. කිසිම නීතියක් නැහැනේ . මිනිසුන් අකාලයේ හදිසි අනතුරුවලින් මියයන වැරදි කරුවෝ තව තව මිනී මර මර රිය පදවනවා.. හරියට මිනී මරන්න ලයිසන් අරගෙන වගේ.
බස් ලොරි ටිපර් වලට කිසිම වේග සීමාවක් නැති එකම රට ලංකාව වෙන්න ඇති.