(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බවට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුවා මේ මස 14 වැනි දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද(10) නියෝග කළේය.
මෙසේ ළමා නිවාස ගත කරනු ලැබුවේ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකි.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිසුවාගේ මව සිද්ධිය වු දින උදෑසන රෝහලේ 19 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර සැකකරු මව බැලිමට දහවල් දොළහයි තිහට පමණ වාට්ටුවට ගිය අවස්ථාවේ මවට ප්‍රතිකාර කර නොමැති බව පවසා වෛද්‍යවරයාට පහරදි ඇති බවයි.
සැකකරුගේ නිතිඥවරුන් කියා සිටියේ සැකකරු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකු වන අතර කිසිසේත් පහර දිමක් කර නොමැති බවයි.ඔහුගේ මව ප්‍රතිකාර සදහා එම වාට්ටුවට ඇතුළු කර ඇති බවත් මවගේ තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් විමසුවිට වෛද්‍යවරයා උරණවි ඇති බවත් නිතිඥවරු කියා සිටියහ.
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු පාසල් සිසුවෙකු නිසා දින දා හතරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකරන බව කියා සිටියේය.ඒ අනුව 14 දක්වා ළමා නිවාසයේ රදවා තැබිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරිවාස වාර්තාවක් කැඳවිමට ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දරුවාට අවවාද කිරීම වඩාත් සුදුසුය.
ගොඩක් දොස්තරලා ගොඩක් පුහුමානයෙන් පෙළෙනවා. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයට වඩා උගත් බුද්ධිමත් අය රෝහලට එන්නේ නෑ කියලා. හැමෝම පහත් කරලා කතා කරන්නේ. මේ මානසිකත්වය මේ අයට කැම්පස් එකේදීමයි ඇති කරන්නේ. ඒ හින්දා අනෙකුත් උගතුන්ට මේ අයව පිළිකුල්...
මගේ ප්‍රාර්ථනය නම් තවත් මෙවැනි දරුවන් තවත් බිහිවේවා කියයි. මේ රටේ වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ... සියලු අයිතීන් ඇත්තේ ඔවුන්ට පමණක්ය කියයි. අද රෝගීන්ගේ අයිතීන් සඳහා ඉදිරිපත්වීමට කිසි කෙනෙක් නැහැ.
මෙම ළමයා පහර දුන් බව සීසීටීවී කැමරා නැද්ද බලන්න එයාගේ නීතිඥයා කියනවා පහරදුන්නේ නැහැ කියලා. අද කාලේ කවුද විශ්වාස කරන්න පුළුවන්...
මේ දරුවා තමන්ගේ අම්මා වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන්නේ සාමාන්‍යයෙන් පාසල් දරුවෙක් අම්මෙක් වෙනුවෙන් පෙනී ඉන්නේ කලාතුරකින්... ලංකාවේ තියෙන ගෝත්‍රික ගති නිසා අනවශ්‍ය විදිහට දොස්තරලාව මොන දහජරා වැඩේ කළත් පුම්බන නිසා ඒකේ චාන්ස් එක අරන් මේ අසමජ්ජාති දොස්තර අහිංසක අම්මෙක් වෙනුවෙන් කතා කරපු දරුවෙක්ට බොරු චෝදනා කරලා කූඩු කරා කියන එක ගොඩක් විය හැකි සම්භාවිතාව වැඩියි. ලංකාවේ නීතිය සාධාරණ නම් මේ දොස්තරවත් කූඩුවට නංවන්න ඕනේ. ඇත්තටම මේ දරුවා නිර්දෝශී නම් ඒ දොස්තරට ඒ පාපය පලදෙන්න ඕනෑ...
තමන්ගේ මවට නිර්දේශ කළ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට පමාවීම සම්බන්ධයෙන් තමන්ට සිදුවූ අගතිය පිළිබඳව, මා යෝජනා කර සිටිනවා මේ සිසුවා හට, මේ රෝහලට සහ වෛද්‍යවරයාට විරුද්ධව නඩු පවරන ලෙස...
අම්මාට බෙහෙවින් ආදරය කරන ,ආදරණීය පුතෙක්. දඬුවමක් ලබා දෙනවාට වඩා ,අවවාද කර නිදහස් කරානම්, රෝගීව රෝහලේ වැතිරී සිටින රෝගී මවටත් සැනසුමක් වෙයි.
දොස්ටර පාදෙනියගේ ගොලයෙක්ද?
ලංකාවේ බොහෝ රජයේ දොස්තරවරු හිතා ගෙන ඉන්නේ ඔවුන් ලෝකෙට ලොක්කෝ කියල. ඔය දොස්තරත් ඕක ගොතපු කතාවක් විය හැක.