(චමින්ද වැවතැන්න, බණ්ඩාර ජයරත්න සහ පී ශාන්ත බණ්ඩාර)
අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එස රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත අද නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වෛද්‍යවරයා අරණායක රෝහලේ සේවය කරන බවත් ඉකුත් 06 වැනිදා අරණායක දිසා රෝහලේ සේවය කරමින් සිටියදී 28 හැවිරිදි අවිවාහක වෛද්‍යවරියකගේ රහස් ප්‍රදේශය කාමරයක් තුළ දී ස්පර්ශ කර ලිංගික අතරවයක් සිදු කර බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.
පසුව වෛද්‍යවරිය පියාට දැනුම් දීමෙන් පසු පියා කෑගල්ලට කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගත්තට මදි. පවුල් පසුබිම හොඳට තිබුන නම් මෙහෙම වෙන්න බෑ.අනික විවාහක අයෙක් නම් දොස්තර වුනත් මානසික රෝගියෙක් විය හැකියි නේද?
මේවගේ අසහන කාරයින්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනේ. ලෙඩ්ඩු කීදෙනෙක් එනවද? මේ වගේ අය කී දෙනෙක්ව අමාරුවේ දායිද? අසහන කාරයෝ. ඉගෙන ගත්තාට ඇති වැඩක් නෑ...