(බණ්ඩාර ජයරත්න)

අරණායක දිසා රෝහලේ සේවය නිරතව සිටි සිය 28 හැවිරිදි වෛද්‍යවරියකට රාජකාරියේ නිරතව සිටියදි බලහත්කාරයෙන් ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  එම රෝහලේ වෛද්‍යවරයකු අද (8) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක දිසා රෝහලේ සේවයේ නිරතව සිටිබව කියන 45 හැවිරිදි විවාහක වෛද්‍ය වරයෙකු බවද පොලිසිය පැවසීය .

වෛද්‍යවරිය‌ගේ පියා කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. වෛද්‍යවරිය වෙනත් රෝහලක සිට ස්ථාන මාරුවක් ලබා ඉකුත් 05 දින අරණායක දිසා රෝහලේ සේවය සඳහා පැමිණ ඇතිබවද සඳහන්ය.

සිද්ධිය සම්බන්යෙන් අතවරයට ලක්වූ වෛද්‍ය වරියගෙන් සහ එම අවස්ථාවේ රාජකාරියෙ නිරතව සිටි පස්දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතිබවද සඳහන් වන අතර සිද්ධියට මුහුණු දුන් වෛද්‍ය වරිය කෑගල්ල ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.