දූෂණ, වංචා හා අයතා ගනුදෙනු සම්බන්ධයෙන් වැරැදිකරුවන් වී සිරගත විය යුතු මට්ටමේ වෛද්‍යවරුන් සීයක් පමණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සිටින්නේ යැයි පෞද්ගලික විශ්ව විද්‍යාල මාපිය සංගමය චෝදනා කරයි.
එහෙත් ඔවුන්ට හිමි නිල බලය නිසා එම ක්‍රියාකාරකම් හෙළිදරව් වීම වැළැක්වී ඇතැයි ද ඉදිරියේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය රටට පෙන්වා දීමට තමන් කටයුතු කරන්නේ යැයි ද එම සංගමයේ විධායක සභික අනුර වනිගසූරිය මහතා අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ පැටිකිරිය හොයන්න කලින් තමන්ගේ පැටිකිරිය හොයාගන්න. සයිටම් එකට යන්න වෙන්නේ ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට යන්න සුදුසුකම් නැති නිසා. ප්රමිතිකරණය අපි දැම්ම එකක් නොවේ. සල්ලිකාරයින්ගේ ළමයින්ට දොස්තරලා වෙන්න පුළුවන් කියා හිතනවද ? (බ)
වෘත්තීය නොසැලකිල්ලෙන් අහිමි වූ ජීවිත බැලුවොත් තවත් ගොඩක් අය ඉන්න ඕන ඇතුලේ. (බ)
අනුන්ගේ ඒවා හොයන එක අපේ අයගේ පුරුද්දනේ (නි)
අසංක මේ සයිටම් එකේ අය ලැහැස්ති වෛද්‍ය සභාවේ විභාගය ලියන්ඩ ඒ වුනාට වෛද්‍ය සබාව පිළිගත්තේ නැති වෛද්‍ය විද්යාලෙකින් ඉගෙන ගත්ත නිසා ඒ විභාගයට ඉන්ඩ අවසර දෙන්ඩ බැහැ කියල කියනවා (බ)
අනුන්ගේ පැටිකිරිය හොයන්න කලින් තමන්ගේ වැරදි හොයාගත්තා නම් නේද හොඳ (නි)
යහම්පත් ඇත්ත අපි ලගදීම බයිබරි එකට කියමු. (ර)
සමන් මමත් විශේෂඥ වෛද්‍යවරයෙක්, මටනම් සාමාන්‍යයෙන් දවසකට බලන්න ලැබෙන්නේ රෝගීන් 2-3 දෙනෙක් තමයි. ලෙඩ්ඩු 10ක් බැලුවොත් කලාතුරකින් දවසක තමයි. විශේෂඥ දොස්තරලගෙන් අතිමහත් බහුතරයකට මට වගේ තමයි. හැමදාම ලෙඩ්ඩු 50ක් බලන විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ සියයට එකකටත් අඩුවෙන්. එත් සමහරවිට මම බලන ලෙඩ්ඩු දෙතුන් දෙනාගෙන් කෙනෙකුට දෙන්නෙකුට බැහැ කියලා හිතුනොත් මම එයාලගේ සල්ලි පවා රිෆන්ඩ් කරනවා. ඒ නිසා හැම වෛද්‍යවරයම එකම මිම්මෙන් මනින්න එපා (බ)
සමන්, ඔයාට ඉගෙන ගෙන මුදල් හම්බු කරන්න බැරි වුනාට අනිත් අයට ඉරිසියා කරන්න එපා. සයිටම් ඩොකාලා වගේ නෙවෙයි ඉගෙන ගන්න ගොඩක් දුක්විදිනවා. සල්ලි බලේ එයාලට නැ. (බ)
සාමාන්‍යයෙන් චැනල් කරන දොස්තර කෙනෙක් අවුරුද්දකට ලක්ෂ 183ක් හම්බ කරනවානම් බදු අය කරන්න, අඩු තරමින් චැනල් ආදායමටවත්, අපිටම හැම බද්දම නොදා (බ)
මේ අම්මලත් දරුවන්ට උසස් පෙළ සමත් වෙන්න මොලයක් දුන්නනම් මෙච්චර කරදරයක් නැහැනේ (බ)
දොස්තරලා කියන්නේ සල්ලි මාෆියාවක්. රටට බදු ගෙවන්නේ නැතුව මෙයාල කෝටි ගණන් හොයන්නේ චැනල් වලින්. සීයක් නෙමෙයි ගොඩක් දොස්තරලා එහෙම තමයි. (බ)
මාපිය සංගමය ඔය හදන්නෙ තමන්ගෙ දූ දරුවනුත් හිරේ යවා ගන්න. සයිටම් එකට වියදම් කළ සල්ලි හනික හොයා ගන්න ඒගොල්ලොත් හොරකමට බහින්න එපායැ. සයිටම් එකට වියදම් කළ සල්ලි වලට ආදායම් බදු ගෙවා තිබේද? ඒ සල්ලි ලැබුණේ කෙසේද? මේවා ආදයම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් දෙපාර්තමේන්තුව යටතේ විමර්ෂණය කළයුතුයි (නි)
හොයන්න ඒවා නැතුවටද බොරු වැඩ කරන්නේ? (නි)
කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු දැන් එළියට එයි (නි)
දැන් ඉන්නේ දොස්තරලා නොවේ මුදලාලිලා (නි)
අනුන්ගේ හොරකම් වලට ඇඟිල්ල දික් කළාට තමන්ගේ හොර මගඩි වහන්න බැහැ. සයිටම් වංචාවක් බව රටම දැනගෙන ඉවරයි. දොස්තර මගඩි ගැනත් අපි වෙනම හොයමු. (නි)
සහතික ඇත්ත. මොවුන් අසරණ රෝගීන් ඇපයට තියල උද්ඝෝෂණ කරනවා. මොවුන් හරිනම් ඉන්න ඕනෑ හිරගෙවල් වල. (නි)
ඔය මාෆියා සංවිධානේ මුල් පුටුවල ඉන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි. දොස්තරට 1000යි. දිනකට අවම 50 බැගින් දවස් 330ක් ලෙඩුන් බැලුවොත් වාර්ෂික ආදායම 50X 1000 X 330 = 16500000. වාර්ෂික වැටුප් ලක්ෂ 183ක් විතර, ලැබ් වලින් බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්රණ…??? (නි)
දැන් දෙගොල්ලොම විස්තර ප්‍රසිද්ධියේ කියන්න පටන්ගත්තාම අපිට තොරතුරු දැනගැනීමේ පනත නැතුවත් ඔක්කොම දැනගන්න පුලුවන් වෙයි. ඔහොම යමු. ඔහොම යමු (නි)
මෙන්න කරනවා නම් හොඳ වැඩක්. ඔය හැමතැනම ඉන්නේ ලෝක හොරු. ලෝකේ හැම රටකම පුද්ගලික වෙද විදුහල් තියෙනවා. ලංකාවෙත් තියෙනවා. අැයි ඉතින් ලංකාවේ තව එකක් බිහි වුණාට මක්වෙනවද? අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. කුහක වැඩ එපා. (නි)
මුදලට වෛද්‍ය උපාධිය හොයන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලගත්තා නම් මොකද (නි)
වෛද්‍ය මාෆියාව සදහටම දැන්ම නවතා නොදැම්මොත් දුප්පත් මිනිසාගේ ශරීර අවයව ටිකට දෙවියන්ගේම පිහිටයි (නි)
පුදුම දෙමවුපියෝ! තමන්ගේ දරුවන්ගේ අඩු සුදුසුකම් සල්ලි වලින් වහගන්න උත්සාහ කරලා බැරිවෙනකොට රටේ නැති කුණුගොඩවල් අවුස්සනවා. (නි)
සයිටම් එකට බඳවාගන්න සම්මුඛ පරීක්ෂණයේදී ,සයිටම් ආයතනය පමණක් නෙමෙයි , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයත් දෙවැනි සම්මුඛ පරීක්ෂණය සඳහා එනවා. කිසිම ළමයක් සම්මාන දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථ එකකට අඩුවෙන් බඳවාගෙන නැහැ. (බ)
අපි දන්නවා එ්ක. එ් වුණත් ඔවුන් බොරු සහතික පෙන්නලා ඉගෙනගෙන නැහැ (නි)
බදු ගෙවන්න ඕනේ ව්‍යාපාරිකයෝ සහ අනිත් වෘත්තීන්වල යෙදිලා ඉන්න මිනිස්සු විතරද ? මුදල් අැමති තුමා කරුණාකර දුප්පත් රියදුරන්නට විතරක් දඩ නොගහ ඔය දොස්තරලා , පෙරකදෝරුවෝ බදු ගෙවනවද කියල හොයල බැලුවොත් නරකද ? මට පෙනෙන්නේ අර රජයේ නිලධාරී සංගමය මහා ලොකුවට රන්ජන්ට විරුධව පාරට බැස්සට ටික ටික පරිසර විනාශයේ ප්‍රමාණය (බ)
මෙයාලගේ දුවරු පුත්තු ආපු දාට නිකම් බෙහෙත් දෙයි . දොස්තර මුදලිලා බිහිකිරීමේ තිඹිරිගෙය සයිටම් (බ)
සඳුන්, වෛද්‍ය සබාව පිළිනොගත්ත ලෝකෙයේ වෛද්‍ය විද්‍යාල 100 කට වැඩි ගණනකට එම උත්තමයෝ ලියාපදිංචිය දීල තියෙනවා. කොහොමද දුන්නේ , මොනවටද දුන්නේ කියල අපි කියන්නම් ළඟදීම. (බ)
වැරදි තියෙනවා නම් පැමිණිලි කරන එක හොඳයි. අනුන්ගේ කුණු අවුස්සන්න ඉස්සර තමුන් පිරිසුදු වෙන්න ඕනෑ. මම සයිටම් ගැන කලින් අහලා තිබුනේ මුල් අවරුදු තුන ලංකාවේ අධ්‍යාපනය කරලා ඊටපස්සේ උපාධිය ලබන්න රුසියාවේ යනවා කියලා. මම මේ ජීවිතේට ඇහුවමයි උසාවි තීන්දු සහ දේශපාලන බලපෑම් වලින් වෛද්‍ය වෘත්තියට රිංගන්න හදන උත්සාහයක් ගැන (නි)
අසනීපවෙලා බෙහෙත් ගන්න ගිය වෙලාවට දොස්තර මහතුන්ගෙන්ම පැටිකිරිය අහන්නකො. (නි)
බස් මාෆියාව හැමතැනටම නොයොදා හොරකඩේට යවපු කට්ටියව හරිපාරට දාගන්න. මිනීමරන්න අනුබල දෙන්න එපා. ඒක දෙමවුපියෝ හැටියට කරගන්න ලොකුම පාපකර්මය වෙයි. (නි)
අපේ බදු වලින් ඉගෙන ගෙන සල්ලි දීලා ඉගෙන ගන්න අයට වල කපනවා. චැනල් ගාස්තුව 500 කරමු. (ර)
සේන, සයිටම් කියන්නේ වංචාවක් නොවේ රටට දායාදයක්. (බ)
දැන් ඔයගොල්ලෝ යන්නේ අපේ දුප්පත් ඉස්පිරිතාලවල බෙහෙත් දෙන දොස්තර මහත්තුරුන්ට යුද්ධ ප්‍රකාශ කරන්නද? මට හිතාගන්න බැරි දැන් ආණ්ඩුවත් වැඩ කරන්නේ සයිටම් එක වෙනුවෙන්. හැබැයි ඡන්ද ගන්න එන්නේ අපි ළඟට. වැඩ කරන්නේ ඒගොල්ලන්ට. (නි)
මෙයාලට වෛද්‍ය සභාවේ විභාගය ලියන්න බැහැ කියන්නේ එයාලගේ තියෙන දැනුම අඩුකම නිසානේ. ඔය විභාගය පාස්වෙන කෙනෙකුට නිදහසේ වැඩ කරන්න පුළුවන්. (නි)
මේ ගොල්ලන්ට පත්වීම් දුන්නොත් ඒ අයව වෙනම හඳුනාගන්න සයිටම් කියලා කාර්ඩ් එකක් බෙල්ලේ එල්ලන්න ඕනෑ. එතකොට ඒ අයගෙන් බේරෙන්න ලෙඩ්ඩුන්ට පුළුවන්. (නි)
ඔවුන් සොයා දඟගෙට දමන්න. එහෙත් එයින් ඔබේ ප්‍රශ්නයට විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ ප්රශ්නය තවම ජනතා අධිකරණයේ විභාගවන බව මතක තියාගන්න. (නි)
හිරේ ඉන්න සුදුසු උදවිය ඔය දෙමවුපියන් අතරේ වගේම ඇමතිවරු අතරෙත් ඉන්න බව රටම දන්නවා.මේ සයිටම් එකට අපි කැමති නැත්තේ හොර දොස්තරලා අපට ඕන නැති නිසයි. ප්‍රමාණවත් අධ්‍යාපනයකින් සුදුසුකම් ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනට අපට ප්‍රශ්නයක් නැහැ. (බ)
මුකුත් ඕන නෑ මහත්වරුනේ පුළුවන්නම් හොයන්නකෝ වෛද්‍ය සංගමයේ ලේකම් නවීන් සොයිසාගේ පැටිකිරිය. (බ)
චැනල් කරලා ඔය අය අතර දවසට ලක්ෂ 10 හොයන අයත් ඉන්නවා (නි)
අනේ මොවුන්ට පිස්සුද. අනුන්ගේ වැරදි සොයන්නේ නැතුව තමන්ගේ ගෙදර පැලයක්වත් සිටුවා ගන්න. ලංකාවේ දැනට තියෙන උසස් පෙළ විභාගයක්වත් හරියට පාස්වෙන්න බැරි මිනිස්සු, දොස්තර විභාගයට සයිටම් යනවා. (නි)
මුදලට වෛද්‍යවරුන් වෙන්න හදන අයගෙත් පැටිකිරිය සෙවිය යුතුයි. මෙච්චර කල් උන්නේ ඇයි වැරදි කරන හැමෝමටම නිත්‍යානුකුලව කටයුතු කළ යුතුයි. (ම).
කිසිම කරදරයක් නැහැනේ වෛද්‍ය සබාවේ විභාගය ලියනවා නම්, ඇයි බැරි ඕනෑම පිටරටක ගිහින් වෛද්‍ය උපාධිය අරගෙන අැවිත් මෙහෙ වෛද්‍ය සභාවේ විභාගය ලියනවා එක අනිවාර්යි.අයි මෙගොලන්ට බැරි හරියට ලංකාවේ අධ්‍යාපනය ලබාගෙන ඊට පස්සේ උපාධිය සුදුසුකම් ලැබුවානම් , මෙහෙම ප්‍රශ්ණ නැහැ . (ම)
රටක දියුණුවට ලොකුම බාධකයක්, ඔය වෘත්තීය සමිති. ඇත්තටම එය මාෆියාවක් වෙලා. ඔය මාෆියාවට මුවාවෙලා තමයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වුනත් ඔච්චර දඟලන්නේ. ඔවුන් කරන වැරදිවලට රජයකට දඬුවම් දෙන්න බැරිවුනාට, ජනතාවගෙන් අවශ්‍ය නිසි සැලකිලි ලැබෙන්න වැඩිකල් යන එකක් නැහැ.(ම)
ඔයාල ආදයම් බදු ගෙවනවද,,සයිටම් එකට ගෙවන්න සල්ලි හොයා ගත්ත ආකාරය සෙවිය යුතුයි (ම)