ගාල්ල විද්‍යාලෝක නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගෙන සුළු වේලාවකින් සිසුන්ගේ පහරකෑමට ලක්ව මින් මද වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාසලෙන් ඉවත්කරගෙන යනු ලැබූහ. සිසුන් උඩුමහලේ පන්තිකාමර වල සිට ගල්මුල් පොලු කෑලි හා වතුර පිරවූ සිලි සිලි බෑග් වලින් විදුහල්පතිට ගැසූහ. විදුහල්පති ගාල්ල පොලීසියේ සිටිතැයි ද පොලීසිය කියයි. තුවාල ලැබූ බව කියන සිසුහු සිව්දෙනෙක් ද ගුරුවරයකු ද රෝහලට ඇතුලත්ව සිටිති. පාසලට පොලිස් මුර යොදා ඇත.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්ය කියන්නේ ඒකට තමයි ??(ස)
ළමයි නෙමෙයි මේ සුනඛ පරපුරේ අය ...ගුරුවරුන්ට සලකන්න දන්නේ නැති සත්තු ජාතියක් (ස)
දිසාපාමොක් යුගය අවසන් වෙලා දැන් වසර 100 කටත් වැඩියි..(ස)
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනී කුමරු සොදවා පුතාල ලෝක ළමා දිනය සමරන්නේ ඔහොමද ?? (ස)
දකුණෙනේ .....ඒත් ඔය ළමයින්ගේ තාත්තලා ඒ ළමයි ගැහුවේ නෑ කියලා දැනටම දිවුරුම් පෙත්සම් හරිගස්සවලා ඇති (ස)
71වගේද ?? ටිකක් හොයලා බැලුවනම් හරි (ස)
මේවා හොඳ වැඩ නෙමෙයි.. ගුරුවරුන්ට නිගා කිරීම වරදක් (ස)
විදුහල්පති පොලිස් ආරක්ෂාව ද සහිතව කාර්යාලයට පැමිණ වැඩ බාර අරගෙන තියෙන එකෙන්ම පෙනෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බව. ළමයින් කලබල කරන්නේ නිකම් නොවෙයි. මව්පියෝත් විරුද්ධ වෙච්ච බවක් පෙනෙනවා. මේ හැම දේකම හේතුව පිරිහීගෙන යන විනය. නීතියක් නැතිකම. ඒ අනුව වැරැද්ද කොතනද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද? (ස)
කුමණ වරදක් උනත් ළමයිනේ මෙහෙම නෙමෙයි ප්‍රශ්න විසඳ ගන්නේ , සමගිය රකින්න (ස)
විනය සුනඛයට....මැරයා පෙරට මෙයයි ආදර්ශය නායකයින්ගෙන් රටටම ..............(ස)
ගුරුවරුන්ට පහරදීම අනුමත කරන්න බෑ .නමුත් ඇත්ත කතාව දැනගන්න අපි කැමතියි (ස)
නිකන් උගන්වන එකේ අරුමය තමයි මේ... (නි)
පාසල්වල ළමයිනුත් මේ විදියට හැසිරෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ .........විදුහල්පති හොඳ නැත්නම් එයාට ගහලා වැඩක් නෑ..මේ ළමයින්ව මේවට උසි ගන්වන්නේ කවුද කියලා හොයන්න ඕන මුලින්ම (ස)
පාලකයින්ගේ ආදර්ශය ඇතිව අපේ ළමයි ළමා දිනය සැමරූ වගයි .......(ස)
පාර්ලිමේන්තුව පාසලක් කර , පාසල පාර්ලිමේන්තුවක් කරන්න . සිසුන් පිර්ලිමේන්තුවට යවන්න බලන්න (ස)
දමිත් , ඔයා හරි .මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියලා හොයලා බලන්න . ඒත් අර ලුම්බිණි වගේ හැම දේටම ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා වැඩක් නෑ....ඒකෙන් වෙන්නේ ඇත්ත හොයාගන්න බැරිවෙන එකයි (ස)
මෙයාලා ඉගෙන ගන්නේ නැතුව පරිපාලනය කරන්න අරන්ද ? හමයන්න ගහන්න එපැයි මේ ළමයින්ට (ස)
ඔය අපේ අන්තරේ අයියලගෙන් ඉගෙනගත්ත දේවල් තමයි ඔය..(ස)
බෑ බුදු පුතේ දැන්නම් මට ඉවසන්න හැකිනම් මෙහේ ඇවිත්තේ මා බේරාගන්න මේ මගේ දුක් සුසුම් ලොවටම පෙන්වන්න ආදර පුතෙක් ඇවිදින් මා බේරා ගන්න.... (ස)
හොද පුතාලා ටිකක්.. ඇයි ඔයාලා ඊට පස්සේ ගුරුවරුන්ටත් දෙක තුනක් ඇනලා ගෙදර ගිහින් අම්මලා තාත්තලාගෙ ඔලු ටික පලලා ඔයලා මී හරක් කියලා කිව්වෙ නැත්තෙ....(ස)
විදුහල්පති විදියට ඕ.අයි. සී කෙනෙක් පත් කරන්න , ඕවා කැත වැඩ කොල්ලනේ..(ස)
ඇත්තමයි ළමයි දන්නේ නෑ ගුරුවරුන්ට සලකන්න , මොන ප්‍රශ්න තිබුණත් ඉවසීම තියෙන් එපැයි (ස)
අනේ මන්දා ලංකාවට මොකද්ද වෙන්න යන්නේ කියන්න ... මෙතනටත් කොහෙන් හරි දේශපාලකයෙක් ගෑවිලා ඇති (ස)
විදුහල්පතිගේ ඉතිහාසය අරන් බලන්න ? (ස)
2012 ලෝක විනාසය ලඟයි වගේ..(ස)
ඔව්. මේ දකුණ තමයි.. මමත් ගාල්ලේ.. මේ ප්‍රශ්නේ විසඳ ගන්න අම්මල තාත්තලා මැති ඇමතිලට වැන්දා.. උපවාස කළා. ප්‍රින්සිපල්ගේ දේශපාලන හයිය ඒ හැමදේටම වඩා වැඩි උනා... දැන් හැමෝටම තේරෙන භාෂාවෙන් මිනිස්සු කතා කලා.. දකුණ එහෙම තමයි. (ස)
ගැටුම මර්ධනය කරන්න කියලා අල්ලන් ඉන්න තැන නම් එච්චර හොඳ නෑ හැබැයි (ස)
මේකේ පිටිපස්සේ කවුරුහරි ඉන්න ඕනේ .. සිසුන්ට එක පාරට මේවා කරන්න බැ. කාගේ වරදක් උනත් කතාකරල විසඳගන්න එක තමයි වැදගත්. ඕක ඔතන නෙවෙයි කොතනත් එකයි. තාම අපේ රටේ 75% පාරේ යන්න දන්නේ නෑ. ලංකාව හදන්න තව වසර 20 ක් වත් යනවා. හැමෝම බලාගෙන ඉන්නේ ජපානේ හරි ලස්සනයි ඇමරිකාව ලස්සනයි කියන්න. එත් කිසිකෙනෙක් තමන්ගේ රට ගැන හිතන්නේ නෑ. එහෙම හිතනකන් මේක හදන්න බැ . මොන රජයක් තිබුනත් වැඩක් නෑ දෙමාපියන් ගෙදරදී හොද දේ දරුවන්ට කියල දෙන්න ඕනේ . හැමදේටම මහින්දටයි රනිල්ටයි බනින්න බලන් ඉන්නේ නැතිව (ස)
මෙතන මොකක් හරි අපි නොදන්න කතාවක් ඇති. ඒකයි මෙහෙම වෙන්නේ. නැත්තම් ළමයි මෙහෙම දෙයක් කරන්නේ නෑ. මට මතක සිදුවීමක් තියෙනවා. එක්තරා පාසලක විදුහල්පති වෙනත් පාසලකට මාරුවක් සදාගෙන උපහාර උත්සව,භෝජන සංග්‍රහ ආදිය පවත්වලා තෑගී එහෙම අරගෙන ගියා. මෙන්න සතියකට විතර පස්සේ නැවතත් එම පාසලටම එනවා වැඩ භාරගන්න කියලා..ඒ වෙලාවෙදිත් මේ වගේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මෙතනත් එහෙම දෙයක් ඇති. කොහෙම උනත් ඇත්ත දැන ගන්න කැමතී. (ස)
ගුරුවරයෙක් උනත් දැනගන්න ඕන ළමයින්ගෙන් සැලකුම් ලබන්න ඕන විදිහට හැදෙන්න. මේ පත්වීමේ අවුලක් තිබෙන නිසා තමයි මෙයා පොලීසියත් එක්කම ඉස්කෝලෙට ආවේ. මේ විදුහල්පතිගේ පැටිකිරිය තව ටික දවසකින් අපිට එළි වෙයි. දැන් මේකටත් විදේශ කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නෑ. (ස)
මෙයා කොහොම කෙනෙක්ද කියලා දන්නේ නෑ ?දෙමව්පියන් කොහොමත් බයයි දරුවෝ ගැන..පැය 7 ක් 8 පාසල තුල දරුවෝ තියන්න එපැයි (ස)
අමල්, විදුහල්පතිතුමා දේශපාලන බලය ලබාගෙනද? (නි)
අධ්‍යාපන පරිපාලනයට ගත්තු හැටි අපි දන්නවා.මේවා බලාපොරොත්තු විය යුතු දේවල්. (ස)
වැරැද්දක් වී ඇත්නම් එය නිවැරදි කර පාසලට සාධාරණය ඉටු කර යුතුය (ස)
තම පාසලේ ගෞරවය ආරක්ෂා කරගැනීමට නොදන්නා ඒ වගේම පාසලේ ප්‍රධානියාට ගරුත්වය දක්වන්න නොදන්නා මෙම සිසුන්ගේ අනාගතය නම් අදුරෙන් අදුරට තල්ලුවීම වැලක්විය නොහැකියි. කුමන ප්‍රශ්න තිබුනත් ඒවා විසදා ගැනීමට දෙමව්පියන් වැඩිහිටියන්ගෙන් සැදුම්ලත් පාසල් සංවර්ධන සමිතියක් තිබියදී සිසුන්හට පාසල් පරිපාලනයට හොට දැමීමට ඉඩදිය යුතු නැත. මේවා රජයේ පාසල් මිසක් කාගෙත් පුද්ගලික දේවල් නොවන බව සිතාගෙන කටයුතු කළ යුතුයි. මගේ අදහස නම් මෙයට පිටුපස හිටපු කෙනෙකුගේ කවුරුන් හරි එසේත් නැතිනම් ඊර්ෂ්‍යාව මුල්කරගෙන සිසුන් උසිගන්වා පරිපාලනය අවුල් කිරීමට කරන කුපාඩි සැලස්මක් බව කිව යුතුයි. විනය හා සදාචාරය නැති තැනක අධ්‍යාපනයත් නැතිවෙන බව අප සිසුන් මතක තබාගත යුතුයි. (ස)
අපි නොදන්න දකුණ (ස)
"දෙමාපියන් විදුහල්පතිගේ රියට හරස් කපමින් " ඡායාරූපයේ පොලිසිය දෙමාපියන්ට කුමක් කරන්නට යනවාදැයි යන්න පැහැදිලි නැහැ. (නි)
සිසුන්ගේ හැසිරීම නින්දිතයි (ස)
අන්තිමට විදුහල්පති තමාටම ගහගෙන (ස)
රට සුනඛයින්ට ගිහින්, අහිංසකයෝ මහ පාරට ! හිර ගෙට ! කනත්තට ! (ස)
පොලිසියේ මහත්තයෙක් අර අම්මව තල්ලු කරන විදියනම් හරි නෑ (ස)
රටකට ගිය කලක්... (ස)
දෙමාපියන් විදුහල්පතිගේ රියට හරස් කපමින් කියන තැන රාළහමි ඒ අයව පාලනය කිරන හැටිනම් කැතයි හොදේ (ස)
ෆොටෝ වල හෑටියට අපේ ගම්වල පාසල් එක්ක ගද්දි මේක හොටෙල් එකක් වගේ . ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමයි (ස)
ඔය වගේ අය තමයි අනාගතයේදී ආරක්ෂක නිලධාරීන්ගෙත් ඔලු පලන්නේ (ස) දැඩ් දඩුවම් දෙන්න ඕන..නැත්නම් මේ ලෙඩේ අනික් පාසල් වලටත් බෝ වේවි (ස)
සිසුන්ට යුද පුහුණුව ලබා දීම ගැන නැවත හිතන්න (ස)
මට කවුරුත් ගැහුවේ නෑ . වැඩ භාර ගන්නකොට පොඩි කම්පනයක් ඇති වූණා . ඒක නිසා මම මටම ගහගත්තා (ස)
යුක්තිය සාධාරණ නැති විට මිනිසුන් යුක්තිය අතට ගන්නවා . මේ සිද්ධියට හේතුව සාධාරණ නොවෙනවාත් ඇති (ස)
අමල් ... දකුණේ උනත් මේ වගේ දේවල් සිද්ධ වේන්න හොඳ නෑ . ළමයින්ට කියලා ගුරුවරුන්ට ගස්සන අය ගැන හරිම ලැජ්ජයි (ස)
මේක පිටිපස්සේ ඉන්නේ මේ ෆොටෝ ගත්ත කෙනා තමයි , නැත්නම් මේ ෆොටෝ ගන්න බෑනේ (ස)
අර පොලිස් උන්නැහේ අම්මාව අල්ලලා තල්ලු කරන විදිය ගැන නම් මට එච්චර පැහැදීමක් නැහැ. (නි)
නිශාන්ත , ඔබ හරි , ඔහු ලැබුණු අවස්තාවෙන් ප්‍රයෝජන අරන් (ස)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ .විදුහල්පතිට නිකන් ගහන්නත් හේතුවක් නෑනේ (ස)
කමොන් අමල් ඔක තමා ඇත්ත (ස)
නිශාන්ති හරි (නි)
ඔබ හරි නිශාන්ත (ස)
නිශාන්ත එක්ක මාත් එකඟයි , පොලීසියේ මහත්වරු අම්මලව තල්ලු කරන්නේ නරක විදියට (ස)
අද ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය.වැඩිහිටියන්ගේ පෙළඹවීම මත ළමයි හැසිරෙන්නේ මෙහෙමයි.මේක නරන පූර්වාදර්ශයක් (ස)
අර පින්තූරෙ පොලිස් අයියගෙ අත කොහෙද තියෙන්නෙ ??? (ස)
ලුම්බිණි හරි. ළමයි මෙහෙම ගහන්නේ මොකක්හරි හේතුවක් ඇති (නි)
දකුණ පලි නැහැ මේවට. දකුණ නැත්නම් රටක් නැහැ (ස)
ගුටිකන විදුහල්පතිවරුනුත්, ගුටි දෙන ශිෂ්‍යයනුත් හොද නැහැ, කුමණ්ත්‍රණය හොයා ගනිමු! (ස)
දයා, මේ ප්‍රශ්නය ගැන හරියට දන්නේ නැතුව බොරුවට කෑගහන්න එපා. (නි)
නිශාන්ති......... තල්ලු කිරීමෙම නෙමෙයි වැරද්ද තිබෙන්නේ අල්ලන තැනයි (ස)
මහලොකුවට සුද්දන්ට බනිනවා.මෙන්න අප්‍රිකාවෙත් නැති ගෝත්‍රිකයෝ. කොටි ත්‍රස්තයන් වගේ. මේනම් ළමයි නෙවෙයි, යක්කු. (ස)
හරිම කණගාටුදායකයි ළමයින්ගේ හැසිරීම නම් (නි)
සිසුන්ගේ හැසිරීම අනුමත කල නොහැකියි. ඔවුන් මෙයට පෙලඹවූයේ කවුරුන්ද ? (ස)
ලෝක ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය, වැඩිහිටියෝයි පොඩිහිටියෝයි දෙගොල්ලම ලස්සන ආදර්ශයක් දීල තියෙන්නේ. දේසපාලන ප්‍රශ්නයකුත් ඇති කියමුකෝ, විදුහල්පතිත් සුදුසු නැහැත් කියමුකෝ, ප්‍රශ්නෙට පිළිතුරු හොයපු විදිය අන්තිම නින්දිතයි. අර ගල අතට ගත්තු දරුවා හෙට තමන්ගේම මවට පියාට එක එල්ලකරපු දවසට ඔය දෙමව්පියන්ට තේරෙයි මගේ දරුවාව මේ පාපෙට තල්ලුකලේ අපිම නේද කියල . එතෙක් ඉවසමු. පාසැලේ විනය = 0 සිසුන්ගේ හැසිරීම = 0 දෙමාපියන්ගේ හැසිරීම අශිකිතයි, අසොබනයි සැ .යු මේ සිද්දියට සම්බන්ද හැමෝටම ධර්ම ඥානනය පහල වේවා (ස)
නිශාන්ති, ඔබ හරි. නමුත් මෙහෙම කලබල වෙලාවක පොලිසියට බල බලා අල්ලන්න බැහැනේ. අනික අල්ලන එක හොදයි, පහරදෙනවාට වැඩිය. :) (නි)
වැඩ බැරි වුනත් ගම ගල්ලෙලු. (ස)
මෙවැනි නොමනා ස්පර්ශ කිරීම් අපි විසින් හෙළා දැකිය යුතුයි නේද? :) (නි)
අපේ ළමයින්ට පිහිටලා තියෙන්නේ දෙමාපියන්ගේ නපුරු ගතිගුණ විතරයි. (නි)
සනත් ඉන්දිකා සමඟ මමත් එකගයි. මොන ප්‍රශ්න තිබුනත් මෙවැනි දෙයක් පාසැලක නොවිය යුතුයි. (ස)
මේවට කියන්න දෙයක් නෑ . (ස)
කරුණු කාරණා කෙසේ වෙතත් ආශ්චර්යයක් කරා යන ගමනේ පෙරනිමිති තමයි මේ. (නි)
මේ අදහස් දාපු ගොඩක් අය මේ ගැටලුව හරි හැටි දන්නේ නැහැ.. ඉතිහාසයේ පළමුවරට විද්‍යාලෝක විද්‍යාලයේ හොදම විදුහල්පති මාරු කළේ දෙමාපියන්ගේ, සිසුන්ගේ ආදි ශිෂ්‍යයන්ගේ දැඩි විරෝධය මැද.. මේ සම්බන්ධයෙන් දින සති මාස ගණණ් උපවාස කළා.. පළාතේ දේශපාලනඥයන්ට ජනපති හමුවෙලා මේ ගැන කිව්වා.. මේ මාරුව අහෝසි කරලා දෙනවා කියලා ජනතාව නොමග ඇරියා.. විද්‍යාලයේ දියුණුව පතන පාලකයන්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න සිදුවෙලා තියෙන්නේ මේ නිසා තමයි..
විදුහල්පති හරි හෝ වේවා, වැරදි හෝ වේවා, මේ ගුරුවරයෙකුට සළකන අයුරු නම් නෙමෙයි. (නි)
මේකෙන් පෙනෙන්නේ දරුවන්ගේ හැසිරීමේ ඇති නරක ස්වභාවයයි. (නි)
මේ පාසලක ළමයින් හැසිරෙන හැටිද? දෙවියන් අපේ රට දෙස බලත්වා! (නි)
අපේ රටේ ඉන්න මිනිස්සු ඕනෑම දෙයකට කියන්නේ මේක ආශ්චර්යය කියලා (නි)
මොහොමඩ්, වැඩේ කෙසේ වෙතත් ඒ පැත්තේ අය ගමත් කාලා, රටත් කනවා. (නි)
අර පළවෙනි ෆොටෝ එකේ පොලිස් නිලධාරියාගේ අත තියෙන්නේ කොහෙද? අනේ මන්දා, මට පෙනෙන හැටිද කියලා නොදන්න නිසයි මේ අහන්නේ. වැරදියට හිතන්න එපා. (නි)
මේ පොලිස් මහත්තයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.. අම්මලාටත් මෙලෝකෙ සිහියක් නැහැ..!(නු)
අන්තිමට විදුහල්පති කියයිද දන්නේ නැහැ, "මට ගැහුවේ නැහැ. මට කම්පනය නිසයි මෙහෙම වුණේ කියලා" අයියෝ! මෙහෙමත් රටක්? (නි)
අධ්‍යාපනයත් දැන් පිරිහී හමාරයි (නි)
සනත් ඉන්දිකට මමත් එකගයි. කලියුග කාලේ... (නි)
ඒ පොලිස් අයියා අද ගෙදර ගිහින් අත හෝදන්නේ නැතුව ඇති තාම . (නි)
පළමු ඡායාරුපය අයින් කරන්නකෝ වහාම. ලැජ්ජාවේ බැහැ. (නි)
ඇයි මේ ළමයි විදුහල්පතිට ගැහුවේ? (නි)
මේවා සිසු අරගල කියලා ආඩම්බරයෙන් කතා කරන කොටසකුත් ඉන්නවා. තමන්ගේ මොළය පාදන ගුරු උතුමන්ට අපි ගරු කළ යුතුයි. (නි)
පොලිස් මහත්තුරුත් ඒ අස්සේ කරන දේවල්.... (නි)
ළමයි පාසල් යවන්න කලින් අම්මලා පාසලට යවන්න ඕනෑ. (නි)
මෙම පාසලත් අර විදුහල් දහසේ ව්‍යාපෘතියට අයත් එකක්ද? එහෙනම් මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
අර අර පළවෙනි ඡායාරූපයේ..... (නි)
දයාට මීට වැඩිය දෙයක් පළකරන්න මොළයක් ඇත්තෙම නැද්ද? (නි)
ප්‍රශ්න අස්සෙත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පොලිසිය දන්නවා. (නි)
ඕකත් අන්තර් ජාතික කුමන්ත්‍රණයක් . (නි)
ළය චිකිත්සකවරයෙක්ද? නැත්නම් සාජන් නල්ල තම්බි කෙනෙක්ද? හරියට පැහැදිලි මදි. (නි)
කෝ පොලිසියේ වැදගත්කම? (නි)
කකුළුවන්ගේ පැටවු කවදද කෙළින් ගියේ? (නි)
ඊ... රාළහාමි, ලැජ්ජා නැද්ද අනේ? (නි)
මොන ප්‍රශ්නය තිබුණත් එක රාළහාමි කෙනෙක් නම් මොළය පාවිච්චි කරනවා හොදට. (නි)
එක් පුද්ගලයෙකුට මෙපමණ විශාල පිරිසක් විරුද්ධ වෙන්න මොකක්හරි ලොකු හේතුව්ක ඇති (නි)
දේශපාලන පත්වීමක්ද දන්නේ නැහැ නේද? ඒක එහෙම නම් ගහපන් මල්ලී, ඔලුව කුඩු වෙන්නම. (නි)
ලෝක ළමා දිනයට ළමයිගෙන් විදුහල්පතිට තෑග්ගක්. :D (නි)
කල දුටු කල වළ ඉහ ගැනීම! (නි)
පළමු ඡයාරෑපයේ ඉන්න පොලිස් නිළධාරියාට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි. පාසලක් අසල නිළඇදුමින් කාන්තාවකගේ ශරිරය ස්පර්ශ කිරිමේ වරදට. (නි)
රාළහාමිටත් හරි සතුටුයි. (නි)
ගල්මුල් පොලු කෑලි විසිකර ඉහළ ඉඳන් ගුරුවරු හදන්නට යන මේ කොලු පැටවුන් විද්‍යාලෝකෙ අඳුරට පෙරළා මෙලෙසින් මුළු මහ ශිෂ්‍ය ගණයට නින්දා නොකරන්... (නි)
මේක විද්‍යාලෝක නෙමෙයි, පාතාලෝක විදුහලක්. (නි)
මේවා බලු වැඩ. ළමයින් නිකමිම ඇවිස්සෙනවා නෙවෙයි අනිවාර්යයෙයන් වැඩබලපු ප්‍රින්සිපල්ලාවත් පසුපස ඇති කොහොම උනත් විනය ඉගෙන ගන්න සිසුන් ළග තිබිය යුතුමයි (ස)
මට නම් මේ ගැන හරිම දුකයි. (නි)
අපේ රටට ගිය කලක්. (නි)
මොහොමඩ්, දකුණේ මිනිස්සු තමයි කරපු තරමක් සංවර්ධනයට වැඩකළේ. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මේ වගේ වැරදි දේකට ළමයින්ව උසි ගන්වන්නේ කවුද කියන එකයි. (නි)
සිසු දරුවොද? සිසු මරුවොද? අනාගත ඇමතිලාද? මේවට උඩගෙඩි දෙන දෙමාපියන්ට අනාගතයේදී දෙවියන්ගෙම පිහිටයි! (නි)
අර පොලිසියේ කෙනාට තල්ලු කරද්දී අත තියන්න වෙන තැනක් තිබිලම නැද්ද? (නි)
අද ගාල්ල විද්‍යාලෝක විදුහල්පතිවරයාට වැඩ බාර ගැනීමට නොදී ගල් ගසා එළවීමේ සිදුවීමද අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ක්‍රියාදාමයේම කොටසකි. එහිදී අද වැඩ බාරගැනීමට ගිය විදුහල්පතිවරයාගේ පත්වීම සිදුකර ඇත්තේ ද රාජ්‍ය සේවා කොමිසම විසිනි. ඊට බාධා කෙරුණේ දේශපාලන පන්දම් පත්වීම් ලබා ඇති වැඩ බලන විදුහල්පති වරයා විසින් සිසුන් සහ දෙමාපියන් උසි ගැන්වීම නිසාය.(ස)
ළමයි ඉන්න ඕනෑ ළමයි වගේ. දැන් ලංකාවේ විදිය තමා නීතිය අතට ගැනීම. (පොඩි කාලෙ ඉඳලම ) දෙමවුපියොත් තමන්ගේ ප්‍රශ්ණ විසාඳා ගන්න එන්නේ ළමයි සමඟ. මේක එන්න එන්නම විකාර ලෝකයක් වෙනවා. අර පොලිස්කාරයත් අම්මාව තල්ලු කරන හැටි. පුහුණුවේ ආශ්චර්ය කියන්නේ ඒක තමයි. මොනවා වුණත් මේක පාසලක් නෙමෙයි හරක් මඩුවක් වගෙයි. (නි)
ළමයින්ගේ සහ ඒ ළමයි ඒ තත්වයට මෙහෙයවපු දෙමවුපියන්ගේ හැසිරීම නම් නින්දිතයි. අනිවාර්යයෙන් විදුහල්පති වෙන්න බලාගෙන ඉන්න ඒ පාසලේම ගුරවරයෙක් හෝ කීප දෙනෙකුත් මේකට සම්බන්ධ ඇති. පාසල මාස කීපයක් වසා තබා ගුරු මණ්ඩලය මාරු කර නව ගුරු මණ්ඩලයක් සමඟ නැවත විවෘත කිරීමෙන් ගැටළුව විසදිය හැක. මේ වගේ කලබල වෙලාවක ගෑණුද, පිරිමිද, අල්ලන්නේ කොහෙන්ද කියලා බල බලා පොලීසියට කටයුතු කරන්න බැහැ. අනික පොලිස් කාන්තාවන් යොදවලා මේ වගේ දරුණු තත්වයන් පාලනය කරන්නත් බැහැ. අහුවෙච්ච තැනකින් අල්ලලා තල්ලු කරලා දානවා මිසක් වෙන විකල්පයක් නැහැ. (නි)
පොලිසියෙ මහත්තයාත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා වගේ..! කොහොම උනත් සිසුන් සහ දෙමාපියන්ගේ හැසිරීම නම් ඉතාම නරක ආදර්ශයක්.. පහරදීම්වලට සම්බන්ධ සියළු දෙනාට දඩුවම් දිය යුතුයි.!(නු)
අර උඩම ඡායාරූපයේ ගැහැණු කෙනාට මේ පොලිස් මහත්තයාට විරුද්ධව නඩුවක් දාන්න පුළුවං නේද?(නු)
අපේ රටේ ගුරුවරු කොයිද ? ළමයිනේ මේකද අපේ බෞද්ධ රටේ ඉදිරි දැක්ම (ස)
අධ්‍යාපනයේ අවසානය නේද මේ..? මේ සිදුවීමට හේතුව හොලා එයට පිළියමක් කළොත් හොදයි.. දෙමාපියන් සමග සාකච්ඡා කරලා මේ ගැටලුව විසදහන්න.. ළමයි මේ දේවල් වලට පොළඹවා ගන්න එපා.. අහන්න දකින්න කැතයි මේවා.. අර රාළහාමි රාජකාරි කරන විදියද?(නු)
අර පොලිසියෙ මහතාට විරුද්ධව අර අම්මා නඩු දාන්න ඕන.. මේ ඡායාරූපයම හොද සාක්ෂියක්.. (නු)
අනේ මන්දා, ලෝක වැඩිහිටි දිනයේදී පොලිසියේ අයත් කරන දේවල්? (නි)
මේවටනම් ඔය විශ්ව විද්‍යාල වල අන්තරේ අයියලගෙ ආදර්ශ යම් තරමකට හෝ වග කිය යුතුයි.(ස)
පළවෙනි පින්තූරේ මොකක් හරි අවුලක් තියෙනවා (ස)
කැකිරි ඔබඩ වත්තේ මල්ලිලා කැකිරි පලපු හැටිනම් පංකාදුයි. "සුඛෝ පඤ්ඤාය පටිලාභෝ" ප්‍රඥාව ලැබීම සැපයකි, නොලැබීම වත්තේ මල්ලිලාට පමණක් නොව මුළු රටටම දුකකි, අභග්‍යකි.(ස)
නියමයි කොල්ලනේ නියමයි (ස)
මේ නම් ළමයි නෙවෙයි යක් පැටව ටිකක්. ලැජ්ජා විය යුතුයි තමුන්ගේ හැසිරීම ගැන. මොන ප්‍රශ්න තිබුනත් වැඩිහිටියන්ට මෙහෙම සැලකීම ඉතාමත් නරකයි. ගාල්ල උනත් කොහේ උනත් වැරැද්ද වැරද්දමයි. වාහන පෙරලලා මොකක්ද මේ හැසීරීම හරියට ත්‍රස්තවාදීන් කල්ලියක් වගේ. ඉතාමත්ම නරකයි.(ස)
මෙහෙම දේවල් කරන්න හොද නැහැ. මේ සර් අපිට උගන්වලත් තියෙනවා. හොද සර් කෙනෙක්. (නි)
ඔය ළමයි ඊලඟට අනිත් ගුරුවරුන්ටයි දෙමාපියන්ටයිත් ගහයි (ස)
හෙට අනිද්දට ළමයින්ගේ තාත්තලටත් මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙයි. අයියෝ! විනයගරුක පාලනයක් කවදා ඇති වේවිද? (නි)
නරක වෑඩ කරනවෝ.......නෝටි පොලිස් අංකල්.........(ස)
කොහොම වුණත් ළමයින් පෙළඹවු එක නම් වැරදියි. ඒවාට ළමයි යොමුකළ වැඩිහිටියන්වත් නැවත පාසල් යැවිය යුතුයි. (නි)
දැන් ළමයිනුත් කාලයේ තාලයට හැඩගැහිලා (නි)
දැන් ඉන්නේ ළමයි නෙමෙයි, තාත්තලා (නි)
රාළහාමී ඔබ හැම කෙනාගෙම හෘද ස්පන්දයනය චෙක් කරනවද ??? (ස)
අමල් දකුණ ගැන දං මුළු රටම දන්නවා.. උතුර දකුණ මාරුවෙන රටේ මහජනයා නැගිටිනවා ළගදිම.. එතකොට බලාගන්න පුළුවං රටේ මිනිසුන්ගේ තත්ත්වය..!(නු)
අර ෆොටෝ එක අයින් කරානම් හරි, ලැජ්ජාවේ බෑ (ස)
ඔය ළමයිට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට දෙන්න ඔන හොදම දඩුවම තමයි ඒ ළමයින් ගේ පාසල් කාලය අවසන් වන තුරුම තව අවුරුදු 10ක් හරි ඔය ඉස්කෝලේ වහලා දාන ඒක සහ ඒම නොහොඹිනා ළමයි කිසිම පාසලකට භාර නොගැනීම (ස)
අර රාළහාමි ගැහැණු කෙනාගේ අනවශ්‍ය තැනකින් තල්ලු කරනවා තමයි.. ඒ රාළහාමි හිතලා ඒ දේ කරනවානම් ඒක වැරදයි..ඒත් රාළහාමි ඒ ගැහැණුකෙනාගේ කොතනින් අල්ලා තල්ලු කරන්නද? නීතිය නොදන්න පුද්ගලයා රාළහාමිට විරුද්ධව නඩුත් දාන්න ලැහැස්තියි.. (නු)
හැම දේටම දකුණ ගාවගන්නෙ ඇයි..!(නු)
ප්‍රදීප් කවදා ඉදලද අධ්‍යාපන ඇමති උනේ..!(නු)
මේම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් කලයුතුයි. මේම දඩුවම අනික් අයට ආදර්ශයක් විය යුතුයි. බලධාරිනි බලා ඉන්නේ නැතුව සාක්ෂි විමර්ශනය කර ඉක්මන් පියවර ගන්න..!(නු)
අපේ සිංහල ජාතිය පිරිහෙමින් තියෙන ජාතියක් බව මෙවන් සිදුවීම් වලින් පැහැදිලි වේ. (නි)
අනේ අධ්‍යාපනයට ගිය කල! (නි)
ඇත්ත දැනගෙන විතරක් සියලුම දෙනා කථා කළා නම් නේද හොද? (නි)
මේක මුළු අධයාපන ක්ෂේත්‍රයටම කැළලක්.(නදී)
මේ විදුහලින් ගොඩක් උගතුන් බිහිවෙන්න ඇති.(නදී)
පාසැල් සිසුන් හැටියට හැසිරීම යහපත් වෙන්න ඕනේ.(නදී)
නිදහස් අධ්‍යාපනය නැතිකරලා සල්ලි ගෙවලා ඉගෙනගන්න විදියට අධ්‍යාපනය වෙනස් කරන්න ඕනෑ (නි)
සුජීව, දකුණ ගැන වචනයක් හරි කිවුවොත් බලාගෙනයි. (නි)
මේවිදියට හැසිරෙන අම්මන්ඞිලාටයි ඳග ළමයි ටිකටයි තවත් මෙවැනි දේ නොකරන්න හොදම දඩුවමක් දෙන්න තව බලන් ඉන්නෙ නැතිව රටටම නිගාවක් ළමා දිනයදා හැසිරුන හැටි (ස)
මේ පාසලේ හිටියේ වැඩබලන විදුහල්පති කෙනෙක්. එය හොද වෙන්න පුළුවන්. හැබැයි එයාට විදුහල්පති තනතුරේ ඉන්න සුදුසුකම් නැහැ. මේක ජාතික පාසලක් නිසා විදුහල්පති වෙන්න ඕනෑ අධ්‍යාපන පරිපාලන සේවයේ කෙනෙක් මිස විදුහල්පති සේවයේ කෙනෙක් නෙමේ. මෙම පත්වීම් වලට විරුද්ධ වෙන්න අධ්‍යාපන අමාත්‍යංශයටවත් බැහැ. ළමයි උසි ගැන්වීම් කරලා පරිපාලන ගැටළු ඇතිකරන එක වැරදියි. (නි)
අම්මා නම් ලස්සනයි. (නි)
අයියෝ සල්ලි ....
බාහිරව පෙන දේ දැකලා නිකන් කියවන්න එපා කට්ටියම... මේ අදහස් දාපු ගොඩක් අය මේ ගැටලුව හරි හැටි දන්නේ නැහැ.. ඉතිහාසයේ පළමුවරට විද්‍යාලෝක විද්‍යාලයේ හොදම විදුහල්පති ඒකයි මෙහෙම වෙන්නේ. නැත්තම් ළමයි මෙහෙම දෙයක් කරන්නේ නෑ.කියවන කොයි කාගේ හරි ළමයෙක් ඒ පාසලේ හිටියනම් එයා කරන්නෙත් මේ දේම තමයි..ළමයි උනත් කෑමතියි පාසලට ළමයින්ට ආදරේ විදුහල්පති කෙනකුට (ස)
ඇයි මේ වෙච්ච දේ දන්‍නේ නැතව වලිග පාගගෙන දගලන‍්‍නෙ, මේ ප්‍රශ්නය ඇතිවෙලා දැන් මාස 4-5 වෙනවා හැබැයි වෙච්ච දේ හරි වැරදියි , මේකට වග කියන්න ඕන රාජ්‍යසේවා කොමිසමේ ඉන්න අය, ඇයි අති දක්ෂ විදුහල්පති වරයෙක් වසර 1 1/2 ඇතුලත මාරුකරන්‍නේ . පාසල ගැන කැක්කුම තියෙන්න ළමයින්ට හා දෙමාපායන්ට තමයි මෙතන දේශපාලනයක් නැහැ තියෙනන ගද ගහන නිළධාරීවාදය පමණයි (ස)
අමල් මමත් එකගයි.පාසලට ඉදපු හොදම විදුහල්පති මාරු කරලා.විද්‍යාලෝකය ගාල්ලේ අනෙක් පාසැල් අභිභවා යන ලක්ෂණ පෙන්නාපු නිසා ඔහුව මාරු කරලා යවන්න අනෙක් පාසැල් වල විදුහල්පතිවරු ඇතුළු කට්ටියක් කටයුතු කරලා ඇති. අතිදක්ෂ විදුහල්පතිවරයෙක් වසර 1 1/2 ඇතුළත මාරුකර, පටු අරමුණු වලට ළමයින්ගේ ජීවිත වලට මෙහෙම දේවල් කළහම ඔහොම වෙනවා. (නි)
දකුණේ ඉන්නේ කොහොමත් වැඩ බැරි මිනිස්සු තමයි. (නි)
දෙමවුපියන්, ළමයි සියල්ල අකමැති නම් ඇයි වැඩ භාරගත්තේ? (නි)