කිසියම් පුද්ගලයකු ඉලක්ක කරගනිමින් විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම චෝදනා කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විමසමින් සමාජ සේවා හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අද (13) පැමිණ ඉල්ලූම්පත්රයක් භාර දුන්නේය.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එච්.ඞී.එස් මල්කාන්ති මහත්මිය එම අයදුම්පත්‍රය භාරගත් අතර දින 14ක් ඇතුළත පිළිතුරු ලබාදෙන බවට ඇය පොරොන්දු වූවාය.
එක්තරා රූපවාහිනී නාලිකාවක් තමන්ට දිගින් දිගටම පහර ගසමින් සිටින බවත් පුවත්පත් ගැන පුවත්පත් කොමිසමට පැමිණිලි කළ හැකි වුවත් විද්‍යුත් නාලිකාවකින් වරදක් කළ විට දරා ගැනීමට සිදුවන බවත් රාමනායක මහතා කීවේය.
විද්‍යුත් මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වයන් පිළිබඳව ද ඉන් විමසූ බවත් අමාත්‍යවරයා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජනතාව එම ප්‍රදේශයේ ජීවත්වූ බවට ජීවමාන සාක්ෂි තියෙද්දිත්" නමුත් ඔබලාගේ මිනිස්සු එම ප්‍රදේශයේ ජීවත් උනේ නැත. (ර)
මේකේ අදහස් දමන ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ මහා උගත්තු කියල ,රන්ජන් මේ අවස්ථාවේදී කළේ නිවැරදි දෙයක් , නිහාල් නම් රන්ජන්ට ඡන්දෙ දුන් කෙනෙක් නෙවයි (බ)
අනේ! ඇයි උසාවිය තියෙන්නේ. ඕනෑම නාලිකාවකට විරුද්ධව අපහාස නීතිය යටතේ නඩු දාන්නකෝ. (නි)
අනේ කවුරුහරි රන්ජන්ට අපේ ප්‍රතිචාර බලන්න කියා කියන්න. එදාට දැනගනී එයා ගැන මිනිසුන්ගේ ආකල්පය. (නි)
මමත් කියන්නේ උසාවිය තමයි හොඳම තැන (නි)
කුම්බලා මාලු කෑවා නම් දුක් විඳපන් බළලෝ කිවුවලු. ඔතන වැරැද්ද නම් තනතුරකට පත්වුණාමත් පරණ නළුකම පෙන්නන්න ගියාම වෙන දේවල් තමයි. නියෝජ්‍ය ඇමතිකමේ ගරුත්වය රැකලා එක්කෝ රඟපෑම අත්හරින්න ඕනෑ, නැත්නම් නියෝජ්‍ය ඇමතිකම අත්හැරලා රඟපෑම කරන්න ඕනෑ. ඔය දෙකම් එකට යන්නේ නැහැ. එ්කයි තියන ප්රශ්නය. වැරැද්දක් නැත්නම් විද්‍යුත් මාධ්‍ය ආයතන චෝදනා කරන්නේ නැහැනේ. (නි)
මාධ්‍ය නිදහස නැහැ අරක නැහැ මේක නැහැ කියලා නේද තමුන්ලා බලය ඉල්ලුවේ ඒවා ලබාදෙන්න..? දැන් මොකද වෙලා තියෙන්නේ..? දැන් හිතෙනවද එයාල හරි කියලා (නි)
මෙතන අදහස් දාන බහුතරය ගැන හරිම දුකයි. තමන්ගේ රටේ භූමිය ගැඹුරටම කපලා පරිසරය විනාශ කළ අය සල්ලි දීලා මෙතුමාට අපහාස කළාම ඒ නාලිකාව හරි කියනවා. අපරාධකාරයෝ වංචාකාරයෝ මුදලට මේ රට විනාශ කරනවා. දේශපාලන භේද නිසා අපි දෙපැත්තකට බෙදිලා ගහගන්නවා. ලැජ්ජයි. (නි)
මෙයා ගැන පැමිණිලි කරන්න වෙන්නේ කොහේටද එතකොට? (නි)
මේ මනුස්සයට ඡන්දෙ දුන්නේ අපි අපිමද හැබෑටම? (නි)
ඔය කියන චැනල් එක රන්ජන්ට තලනවා කියන එක තමා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එතකොට රන්ජනුයි, ඔය චැනල් එකයි දෙකම කරුණු කාරණා හරිහැටි නොදැන දිගින් දිගටම ඉතාමත් ද්වේශසහගතව විල්පත්තුව ඈඳාගෙන එහි අවට ජීවත්වූ ජනතාවට දිගින් දිගටම පහරදෙනවා. ජනතාව එම ප්‍රදේශයේ ජීවත්වූ බවට ජීවමාන සාක්ෂි තියෙද්දිත් මොවුන්ගේ වැඩ අත්හරින්නේ නැහැ. රන්ජන්ගේ ඇත්ත අපි දැක්කේ සිනමාවේ. දැන් දැන් හැබැහිනුත් දකිනවා. ඇඟට දීපු මහන්සිය මොළේට දීලා නැහැ (නි)
හරි. මහජනතාව වන අපිටත් විද්‍යුත් නාලිකා විකාශනය කරන සහ ප්‍රචාරය කරන වැරදි දේ ගැන පැමිණිලි කරන්න තැනක් තිබුණා නම් හොඳයි. අනික ඔය නාලිකා මොනවා කිවුවත් ඇත්ත අපි දන්නවා. (නි)
ඔය ජොබ් එකට එනකොට කවුරුවත් කියාදුන්නේ නැද්ද සෑහෙන්න මඩකන්න වෙනවා කියලා? ඒක ජොබ් එකේ හැටි. හරි හෝ වැරදි හෝ විවේචන එනවා. එතකොට තමයි සමහරු කියන්නේ අපි හොඳට තෙම්පරාදු වෙච්ච අය කියලා. කරන දේවල් වල හැටියට පේන්නේ මේ කපේදී නම් තෙම්පරාදු වෙන්න බැරිවෙයි කියලයි. (නි)
හුසේන් රියාද්, විල්පත්තුවේ ඉස්සර ඉඳලම ජනාවාස තිබුණා. කුවේණි ඇතුළු පිරිවර හිටියෙත් විල්පත්තුවේ තමයි. එත් හුසේන්ලට ඕනෑවෙලා තියෙන්නේ ඉතිරි කැලෑ ටිකත් කපලා මේ රට අරබියක් කරන්නද? (නි)
ඇත්තටම මොහුට පිස්සු ඇදීගෙන එනවද? කිසිම ශීලාචාරකමකට නෙමෙයි වැඩ කරන්නේ. (නි)
ඔබ කලදෙය නිවෑරදි විය හෑක. එහෙත් ඔබගේ හෑසීරීම ඔබ නොපිරුණුබව මොනවට පසක්වේද? රාජ්‍ය මාධ්‍යටද ඔබගේ නීතිය පොදු විය යුතුය. (ර)
ලොක්කගේ හිත රිදිලා වගේ ඇත්ත කියනකොට. හොරු අල්ලනවා කිව්වට කරන දෙයක් නැහැ. මහා බැංකු හොරකම ගැන කතා කරනනත් බයයි. (ර)
නියම තැනක් නම් තියෙනවා...... (නි)
ජනමාධ්‍යවේදීන් නැගීසිටිය යුතුයි. (ර)
මහින්ද මහත්තයට ගහන මඩ ගැන හොයන්න තියෙන ආයතනය මොකක්ද ඇත්තටම? (නි)
මෙතුමා කරන තර්ජන නොදකින්න මහජනයාගේ ඇස් වහන්නයි උත්සහ කරන්නේ... (ර)
පිස්සෝ කරන වැඩ එළිදරව් කරනවට පැමිණිලි කරන්න තියන හොදම තැන තමයි අංගොඩ පිස්සන් කොටුව. (ර)
අනේ සකෝ බලලෝ කිව්වලු! මාධ්‍ය නිදහස රකින්න යහපාලන බෝඩ් එකෙන් ආපු නළු බට්ටෝ! (ර)
නන්දමිත්‍ර! මහබැංකු හොරකම ගැන කාලය විසින් නිසි පිළිතුර ලබාදෙයි.මෙම ආණ්ඩුවෙන් නැත්නම් මීලග ආණ්ඩුවකින් හරි. නමුත් යම් නාලිකාවකින් දිගින් දිගටම මොහුට පහරදීම යම් ද්වේශයකින් කරන බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන දෙයක්. එය තේරුම් ගන්න! (ර)
සමහර විද්‍යුත් මාධ්‍ය වල හිමිකරුවන් බවට පත්ව තිබෙන්නේ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූවන්. (ර)
තමාගේ විෂයපථය ගැන නොදන්නා ඇමතිවරුන් වහාම ගෙදර යැවිය යුතුය. (ර)
මෙතුමා කරන තර්ජන එතුමට හරි, ඒක තමා එතුමාගේ තේරුම් ගැනීමේ හැකියාව. (ර)
ඒකාලේ වගේම දැනුත් මහින්දට ගහන ලෝක කෙප්ප කුණු මඩ වගේ ඒවත් හොයන්න ගියොත් වෙනම ආයතන හදන්න වෙයි. (ර)
හරියට හරි ඇසළ. ඒවගේම පිස්සන්ව යවන්න ඕන තැනත් පිස්සන් කොටුව, පාර්ලිමේන්තුව නෙවේ. (ර)
පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ මුදල් වංචාව මතක්වුණා මට (නි)
මොකක්ද කරන්නේ කියලා හැමදාම ඔබතුමන්ලා හොයා හොයා ඉන්න... වැඩක් නොකර (ර)
පාටක අදහස් බැලුවම හැඟෙන එකම දෙය නම්, මේ දෙශපාලකයෝ රටත් රටේ ජනතාවත් පත් කර ඇති තත්වයයි. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් මේරට හරි මාවතට ගතයුතුයි නේද ? (ර)
රන්ජන් මහත්තයෝ, හැමදේම ඇඟෙන්, මස්පිඩු වලින් කරන්න බැහැ. මොළෙත් තියෙන්න ඕනෑ. පැමිණිලි කරන්න තැනක් හොයන්න කලින් මොළේ වර්ධනය කරගන්න තැනක් හොයාගන්න. නැත්නම් හැමදාම ගැලරිය තමා ඔබට අයිති වෙන්නේ. (නි)