
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස බලධාරීන්ට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට අද (9) පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය.
“වෛද්‍ය අද්යාපනයේ ප්රමිතීන් සුරකිමු සහ එස්.එල්.එම්.සී. ස්වාධීනත්වයට අත නොතබනු” ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතාව දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සභාවට බලපෑම් නොකරනු
nimesh Friday, 09 February 2024 03:46 PM
මේ ලෝකෙ ඉන්න කුහකම පිරිස කවුද කියල අහුවොත් අනිවාර්යෙන්ම ලංකාවෙ වෛද්‍ය ශිෂ්‍යයො. පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නෑ. හැබැයි එයලට tution කරන්න හොඳයි. පුද්ගලික චැනල් හොඳයි. මෙයලම නේද ලංකාවෙ හෙද උපාදියට වළ කැපුවෙ, සම සෞඛ්‍ය උපාදියට වල කැපුවෙ. එතකොට මෙයාලට ඒවට අත දාන්න පුලුවන්ද? අනිත් අය අත පල්ලෙන් වැටිලද?
kalhara Friday, 09 February 2024 03:56 PM
පොඩි GOMA ලා ටිකත් ලොකු GOMA ලා වගේම තමයි. තමන්ගේ බඩට වදිනකොට එළියට එනවා. රටට හෙන ගහුවත් මීක් නෑ. මෙයාලාගේ ලොකු GOMA තමා තමන්ගේ චැනල් වලට ලෙඩ්ඩු අඩු වෙනවාට අච්චර වටින 1990 ගිලන් රථ සේවය ගේනකොට විරුද්ධ වුනේ. කෝ දැන් එයාලා ටික. හරි නම් උල තියන්න ඕනෑ...
nilanthi Friday, 09 February 2024 04:01 PM
මෙයාලා හරියට කෑ ගහන්නේ රජයේ විශ්ව විද්‍යාල වහල පුද්ගලික එවා දානව වගේනෙ. මිනිස්සුන්ව නොමග යවන බොරු කතා කිය කිය. ඔය තියෙනව අමාරුව කො පුද්ගලික රෝහල්වට විරුද්දව. ඔහේලම තමා උපාධි ගත්තම ඔක්කොම අමතක වෙලා රාජකාරි වෙලාවෙත් පුද්ගලික රෝහල් වල ඉදගෙන හොරට අතිකාල ලක්ෂ ගනන් අරගන්නෙ
KumaraSaturday, 10 February 2024 02:56 PM
කොළඹ සහ ජයවර්ධනපුර හැරුණු විට ලංකාවේ අනෙක් රජයේ වෛද්‍ය පීඨ සියල්ලෙහිම ආචාර්යවරුන් ගේ දැඩි හිඟයක් පවතී. ඉන් බොහෝමයක 30% පමණ පුරප්පාඩු ඇත. රජරට වැනි දුරබැහැර පීඨවල තත්වය ඊටත් වඩා බරපතලයි. රජයේ වර්තමාන ප්‍රතිපත්ති අනුව මෙම පුරප්පාඩු පිරවීමට අවසර නැත. දැනට ආරම්භ කිරීමට සූදානම් වන පුද්ගලික වෛද්‍ය පීඨ වඩා ආකර්ෂනීය වැටුප් හා වරප්‍රසාද පොරොන්දු දෙමින් රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය වරුන් බිලීබෑම දැනටමත් පටන් ගෙන ඇත. පුද්ගලික වෛද්‍ය පීඨ නිසා රජයේ වෛද්‍ය පීඨ වැසීයාම සිදුවිය හැක්කේ ඒ අන්දමටයි. (මෙම ප්‍රකාශය යථාර්තය පැහැදිලි කිරීමේ උත්සාහයක් මිස පුද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට එරෙහි ප්‍රකාශයක් ලෙස සලකා ටිපර් වීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.)
Buddika Friday, 09 February 2024 04:38 PM
වෘත්තිකයෝ අතරින් මේ රටේ ඉන්න කැතම පිරිස වෛද්‍යවරු... රජයේ රෝහල්වලින් පඩි අරන් පුද්ගලික චැනලින්වලට ප්‍රමුඛත්වය දීලා අසරණ ලෙඩ්ඩු සූරන් කනවා. අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් ඔවුන්ට කමක් නැහැ... තමන්ගේ ගොඩ වැඩිකර ගන්න. නිතරම තමන්ගේ වෘත්තියට විශේෂ සැලකිල්ල බලාගෙන ඒවා නොලැබුණොත් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ස්ට්‍රයික් කරන්නේ... තමන්ගේ වෘත්තිය කාර් එකේ වීදුරුවේ ගහගෙන යන ලෝකයේ එකම කුහකයෝ මොවුන් වෙන්න ඇති...