රංජන් කස්තුරි
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාල තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර තොගයක් බලහත්කාරයෙන් පරීක්ෂා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව අද (18) මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන්ද සොයිසා සහ වෛද්‍ය නලින්ද හේරත් යන මහත්වරුන් සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු බලහත්කාරයෙන් එම තැපැල් ඡන්ද පත්‍රිකා පරීක්ෂා කළ බවද ඔවුන් එසේ කළ බව සී සී ටී වී කැමරා වල පටිගතව තිබෙන බවද ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පොලිසියට කර ඇති පැමිනිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලගේ නම්බුව දැන් බල්ලට ගිහිල්ල. හේතුව නොමිලේ දෙනනිසා හැම පිලිකන්නේන්ම දොස්තරලා හැදිලා?
මොවුන්ට අවශ්‍ය දෙය හොදින් හෝ නරකින් කරගන්න කට්ටියක්. අත්අඩංගුවට ගෙන නාමයෝජනා අවලංගු නොකළ හැකිද ?
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්න මේ පාතාල කල්ලිය පන්නා දැමිය යුතුය.
මෙයාල දොස්තරලද? එහෙම නැත්නම් මැරයොද? කථා කරන විදියට නම් පේන්නේ මැර දේශපාලකයෝ වගෙයි.
සමජයේ පහළම මට්ටමේ නූගත් මිනිසුන් කරන වැරදි කරන්නත් මේ අය දැන් පෙළඹිලා.
ගරු කටයුතු වෘත්තියක ඉහල නිලධාරීන් නේද මේ . තම වෘත්තීය සගයන් ගේ අයිතීන්වත් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ . මේ අය මේ රටේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය , ඉගෙන ගැනීමට ඇති නිදහස පිලිගනීවිද ? හැබැයි කතාව නම් රට හදන්න.
සයිටම් විරෝධී වෛද්‍යවරු ටික හිර කරන්ඩ මෙහෙම හරි පොටක් හදා ගමු. එතකොට සයිටම් මුදලාලිලාට ශෝක්.
සයිටම් ගැටලුව ලිහන්න අවශ්‍ය කරුණු සොයාගන්න වෛද්‍ය මාෆියාව වෛද්‍ය සභාවේ ඡන්ද පත්‍රිකා බලන්ට ඇති.අවශ්‍ය වුව හොත් ඒවා හොරකම් කිරීමට වුවද ඔය කියන නඩය රටේ තාවගේ සෞඛ්‍ය යහපත් කිරීම වෙනුවෙන් කිරීමට පෙලඹ්.....
නෑ. රට ජාතිය වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවයයි නිදහස් අධ්‍යාපනයයි මතු පරම්පරාවට ජීවිත පරදුවෙන් රැකදෙන්න ජාතියේ පිනට පහල වූ දෙවිවරු ටිකක්.
දැන් GMOA එකේ ඉහළම පුටුවල ඉන්නේ ලංකාවේ දොස්තරලා අතරින් මරුම මැර දහදෙනා කියල හැමෝම දන්නවා. එයාලගේ අදහස් වලට පිටින් ශක්‍රයාටවත් ක්‍රියාකරන්න බැහැ කියලයි හිතාගන ඉන්නේ. වෛද්‍ය වරුන්ට මොළේ තිබුණට ඒක වැඩ කරන්නේ ඉතා පොඩි පරාසයක් ඇතුලේ කියල එයාල දන්නේ නැහැ. ඒක හරියට අර ලිඳේම හැදිලා ලොකු උන ගෙම්බෝ වගේ කියලයි මට නම් හිතෙන්නේ.
බලය රැකගන්න මිනිස්සු ඕනෑම ජරා වැඩක් කරන්න පෙළඹෙනවා - ගමේ ගොඩේ කෙසෙල්කැන් හොරා මේ මිනිස්සුන්ට වඩා හොදයි.