මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් යෝජනාවලියක් වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් විසින් රජයට ඉදිරිපත් කර තිබේ.
සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කිරීම, දැනට සිටින සිසුන්ට සායනික පුහුණුවකින් පසු ලියාපදිංචිය ලබා දීම, වෛද්‍ය පීඨවල නිර්නායක නීතිගත කිරීම එම යෝජනාවල ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුම් රංගන, පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය බාලයි නම් මිල වැඩියි නම් රජයට ඒ වෙනුවෙන් නියාමන ගේන්න කියන්න. අනික කවුද ඔබට පෞද්ගලික රෝහල් වලටම යන්න කිව්වේ? තව ප්‍රශ්නයක් කොහොමද වෛද්‍ය මාෆියාව නූගත් ජනතාව මුලාකරලා සයිටම් ප්‍රශ්නෙදි තමන්ගෙ මඩිය තර කරගන්නේ? පැහැදිලි කරදෙන්න (නි)
මේකද අද තියෙන ලොකුම ජාතික ප්රශ්නය? (නි)
හැකිනම් පළාත් 9 යේම හෝ සියලුම දිස්ත්‍රික්ක වල මුදල් ගෙවා ඉගෙනගැනීමට හැකි සයිටම් වලට සමාන සහ වෛද්‍ය සබාවේ නිර්ණායක වලට එකඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ඉතාමත් කාලෝචිත විසඳුමක් වේවි මෙම ප්‍රශ්නයට. වෛද්‍ය උපාධිය හැර අනිකුත් සියලුම විෂයන් වලට අදාල උපාධි සඳහා මුදල් ගෙවා ඉගෙනගැනීම සඳහා මේ ශ්‍රී ලංකාව තුළ ඉඩ ප්‍රස්ථාව තියෙනවා. දැනට සාමාන්‍ය දුප්පත් ලෙඩුන්ට වෙලා තියෙන්නේ මෙම කුහක දොස්තරලගේ ප්‍රාණ ඇපකාරයන් වෙලා ඉන්නයි. (නි)
සයිටම් වැනි වෛද්‍ය විද්‍යාල රටකට අත්‍යාවශ්‍යයි. නගරබදව චැනල් කඩ තිබුණට, ගම්බදව රෝහල්වල පවා වෛද්‍යවරු හිඟයි. ඒ ගැන වගේවගක් නැති, රජයේ වෛද්‍යවරුන්ගේ බලාධිකාරය බිඳින්නත් එක්ක තව තවත් වෛද්‍යවරු බිහිකරන ෆැක්ටරි උපාධි කඩ රටට අවශ්‍යයි. එතකොට තමයි ඔවුන්ගෙන් ජනතාවට ගුණාත්මක, රටට වගකිවයුතු සේවයක් ලැබෙන්නේ. (නි)
මොකද සිසුන් බඳවා ගැනීම් නවත්වන්න කියන්නෙ? ඒක සැකසහිතයි. (නි)
විෂය පිළිබදව කිසිම දැනීමක් නැතුව තමයි බොහෝ අය ලියා තියෙන්නේ. වෛද්‍ය සබාව ඔය කියන දේවල් කලින්ම සයිටම් එකට කියලා තියෙන්නේ. ඕගෝල්ලෝ ඒවා දන්නේ නැතුව තමයි ඕවා ලියලා තියෙන්නේ (නි)
භද්‍රානිගේ අදහස් හරියටම හරි. (නි)
චාන්දනී, ඔය කියන විදියට මොනම නඩුවක්වත් විභාග කරන්න බැහැ ඒ පිළිබඳ දැනුමක් නැත්නම්. වෛද්‍ය සංගමයවත් අන්තරේවත් වෛද්‍ය සභාවවත් රටේ නීතියට ඉහළින් නැහැ. (නි)
ඇත්තටම ඉතාම හොඳ බුද්ධිමත් යෝජනාවක් (නි)
අනේ අපොයි සිල්වා පවු! මෙහෙමත් මෝඩයෝ ඉන්නවනේ. (නි )
සාමාන්‍ය ජනතාවට සයිටම් තිබුනත් එකයි, නොතිබුනත් එකයි. ජනතාවට ඕනෑ වෙන්නේ සාධාරන, දැරිය හැකි මිලට ඉතා හොඳ සෞඛ්‍ය සේවයක් පමණි. (නි)
සංජිව, හැමදේටම යුද්ධය ගාවාගන්න එපා. හොඳ දේ වගේම නරකදේත් පිළිගන්න (නි)
ගයාන් කියනවා වගේ මේ ගොල්ලන්ට දැන් තමයි නිර්ණායක ඕනෑවෙලා තියෙන්නේ. සයිටම් එක පටන්ගන්නත් කලින්, කොටින්ම වෛද්‍ය අධ්‍යාපනය පටන්ගන්න කාලෙම නිර්ණායක, ප්රමිතීන් තිබිය යුතුයි. ඊටපස්සේ කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය වියයුතුයි. අපේ මොන විශ්ව විද්‍යාලයකවත් ඔය ටික සිද්ධවෙනවද, නැහැ. කවුරුත් කියනවා විශ්ව විද්‍යාල පාඨමාලා රටේ අවශ්‍යතා අනුව සකස් වෙන්න ඕනෑ කියලා. කියනවා මිසක් කරන්න ඕනෑ අය නිදි. (නි)
භද්‍රානිගේ අදහසට මමත් එකඟයි. අපි දැක්කා එස්.බී. අමාත්‍යවරයා කියනවා සයිටම් පටන්ගද්දී ඔය කියන කිසිම පීඨයක පීඨාධිපතිවරයෙක් විරුද්ධවුණේ නැහැ කියලා. කවුරු මොනවා කිව්වත්, වත්මන් ජනපතිවරයා මේ සම්බන්ධව කාටවත් අගතියක් නොවෙන විදියට මේ ප්රශ්නය විසඳනවා කියලා ජනතාවට පොරොන්දු වුණා. අපි බලමු. ඒත්, රජයේ වෛද්‍යවරුන්ගේ හීනමානයට බෙහෙතක් දෙන්න රටේ ජනාධිපතිවරයාටත් පුළුවන් වෙයිද කියන එක තමා ප්‍රශ්නේ. (නි)
අනේ භද්‍රානි, ඔයාල වගේ අය නිසා තමා රටට මේ වගේ වෙලා තියෙන්නේ. මොකා අාවත් හොරකම් කරනවා, වෙනස තිබුනේ මහින්ද හොරකම් කළත් රටට පෙනෙන්න දෙයක් කළා. මේ අය හොරා කනවා විතරයි (නි)
භද්‍රානි, ඔයා කියන්නේ කාගෙන්හරි අහපු කතාවක් නේද? මොකද භද්‍රානි 2009 මැයි වලින් පසුව ඉපදිලා තියන නිසයි කිවුවේ. (නි)
භද්‍රානි කියන කාරණාව ඉතා වැදගත්. මහින්ද රට බේරාදුන්නා. එ්ත් අනෙකුත් වැදගත් දේවල් හරියට කළේ නැහැ. බලය ධනය ඉදිරියේ ඒවා යටපත් කළා. නැත්නම් තාමත් ජනාධිපති (නි)
බොහොම හොඳ තීරණයක්. ඉතාම හොඳ යෝජනාවලියක්. එක එක්කෙනාගේ දේශපාලන අතකොලු නොවී බුද්ධිමත් විසඳුමකට හා අනාගතයට වැදගත් වන මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උනන්දු වුණොත් රට පෙරළන්නට මානබලන අයට දවල් තරු පෙනෙයි. (නි)
පේදුරු, භද්‍රානි හිතාමතාම අමතක කරලා රටම වෙලාගත් පිළිකාව ඉවත්කළේ මහින්ද මහතා බව. (නි)
ඇත්තටම හොඳ යෝජනාවක් (නි)
සයිටම් එකේ ළමයින්ට ආපහු සායනික පුහුණුවක් මොකටද?සයිටම් එකේ ඉගෙනගත්ත මගේ දුව දැන් ඇමෙරිකාවේ දොස්තරලටත් උගන්නනවා (නි)
2016 අප්‍රේල් 22 දින එක්සත් වෘත්තික සන්ධානය විසින් රජයට ඉදිරිපත් කළ වාර්තාවේ විශ්ව විද්‍යාල ලියාපදිංචිය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන ප්‍රමිති සම්බන්ධව නව නීති සම්පාදනය විය යුතු බවත් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍යවන මානව සම්පත් අනුව විශ්ව විද්‍යාල පාඨමාලා වලට ඇතුලත් කරගන්න සංඛ්‍යාවන් පාලනය කිරීම සඳහා ජාතික මානව සම්පත් කොමිෂන් සභාවක් ස්ථාපනය කළයුතු බවත් නිර්දේශ කර තිබුනා. මෙවැනි නීති රාමුවක් තුළ ප්‍රමිතියෙන් අඩු අධ්‍යාපන කඩ පවත්වාගෙන යාමට නොහැකියි. (නි)
භද්‍රානි, ඔබගේ සත්‍ය අදහසේ යම්කිසි අඩුවක් මම දකිනවා. ඒ රාජපක්ෂලාට රුපියල් කෝටි ප්‍රකෝටි මුදලක් ලෝකයේ බැංකු වලට බැර කළා නම් ඕනෑම ජරාවක් පටන්ගන්න තිබුනා කියලා. (නි)
බමුණු රුපියල් ලක්ෂ 120 ක් වියදම් කරන්න පුළුවන් කෙනෙක් වගේ. (නි)
අපේ අවාසනාවට අපේ පොලිටික්කො මහජනයාට හිතවත් අය නොවේ. මේ රටේ උගත් මහත්වරුනි, අපේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට යුක්තිය ඉටු කිරීම ඔබේ වගකීමයි. අතීතය අනාගතයත් විනාශකරන පොලිටික්කන් ටික දෙනෙකුගේ නොව අපේ දු දරුවන්ගේ අනාගතයට යුක්තිය ඉටුකරමු. (නි)
වෛද්‍ය සභාව පිහිටුවලා තියෙන්නේ උපාධි කඩකාරයන්ට අවශ්‍ය නිර්නායක හදලා දෙන්න නොවෙයි. තමන්ගේ ආයාතනයේ උපාධිය මේ රටේ අවශ්‍යතා වලට අනුකූලව පවත්වාගෙන යන්න බැරි නම් මොකටද? (නි)
මේ ගොල්ලන්ට හදිසියේම රෝගීන් ගැන පුදුම කැක්කුමක් ඇතිවෙලා තියෙන්නේ සයිටම් එකේ දොස්තරලගෙන් බෙහෙත් අරගෙන ලෙඩ්ඩු මැරෙයි කියලා. මේ ගොල්ලන් කිසිම් තේරුමක් නැති කරුණු වලට වර්ජනය කළවිට මියයන රෝගීන් ගැන කිසිම කතාවක් නැ. මේ පිටුපස තියන කව්රුත් නොකියන ප්‍රධාන හේතුව චැනල් වලින් තමුන්ට ලැබෙන අාදායම අඩුවීම. (නි)
උසාවිය කියන්නේ සාක්ෂි මත තීන්දු දීමක්. නැතුව විනිසුරු දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ නැහැ. දැන් සමහරු කරන්නේ මාධ්‍ය සංදර්ශන. සයිටම් එකේ පහසුකම් නැහැ කියලා උසාවි යන්න මේ කෑගහන අය බයයි . එහෙම නොකර පාරවල් ගානේ ගිහින් ස්ට්‍රයික් කරලා බයකරන්න හදන්නේ. (නි)
භද්‍රානි, නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. හැඳිම්ටේ දිගින් හැම එකම මනින්න එපා. (නි)
අපි බලමු මේවා ක්‍රියාත්මක වෙයිද කියලා (නි)
භද්‍රානිට එරෙහිව අදහස් දාපු අයටයි. යුද්ධය දිනීම පිළිබඳව හමුදාවට, හමුදා නායකයින්ට සහ එයට නායකත්වය දුන් ජනාධිපතිවරයාට ප්‍රණාමය පුද කිරීමත්, ජනධිපතිවරයා ඊට පසු සිදුකළ හැම වැඩක්ම අනුමත කිරීමත් කියන්නේ දෙකක්. මේක නොදන්නා අය ඉන්නකල් ඒ හිටපු ජනධිපති හැදෙන්නෙත් නැහැ රට හැදෙන්නෙත් නැහැ. (නි)
මම නම් හිතන්නේ සිල්වා, ඩීන්ල ඔක්කොටම වඩා දන්නවා වගේ. (නි)
සංජීව, මහින්ද මහත්මයා යුද්ධය හමාර කළාට, වෛද්‍ය මාෆියාව නැති කරන්න ඔහුට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා තමයි වසර ගණනක් මේ ප්රශ්නය දුරදිග ගියේ. තමන් විමුක්තිකාමීන් ලෙස පෙනී සිටිමින් ජනතාව රවටන ත්රස්තවාදීන් මෙන්ම, අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගනවා යැයි කියමින් තමුන්ගේ මඩිය තරකර ගැනීම වෙනුවෙන් තරුණයින්ව හා නුගත් ජනතාව මුලාකරන පුහු විප්ලවක් කරන මාෆියා සංවිධානයක් අතර ලොකු වෙනසක් නැහැ. අනික සයිටම් කියන්නේ, වෛද්‍ය විද්‍යාව සඳහා පමණක් වෙන්වුණ ආයතනයක්ම නොවේනේ. මෙතන, ඉංජිනේරු, තාක්ෂණ, මාධ්‍ය යන පාඨමාලා හැදෑරිය හැකි ආයතනක්. තව කොපමණ පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාව තුළ තිබෙනවද? රෝගීන් ගැන මෙතරම් කරුණාවෙන් කතා කරන දොස්තරලා පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය ගැන කතා නැත්තේ ඇයි? රෝගීන්ගෙන් ගසා කන එක ගැන සතුටුද? (නි)
හෙට උසාවිය කිවුවොත් ඔවුන්ගේ විනිශ්චයකාරවරුන්ටත් වෛද්‍ය උපාධි දෙන්න ඕනෑ කියල දෙන්න වෙනවා එතකොට (නි)
සයිටම් එක ඉන්නෙත් අපේම ළමයි. දේශපාලුවන්ගේ තකතීරු වැඩ නිසා අසරණ ළමයි අමාරුවේ වැටෙන්නේ. එ්ක නිසා අලුතින් ළමයි බඳවාගන්න එක නැතිකරන්න ඕනෑ, ඉන්න ළමයින්ට සාධාරන විසඳුමකුත් ඕනෑ එකයි මේ විදිහට යෝජනා කළේ (නි)
හරියට හරි භද්‍රානි. 2005 දී මහින්ද මේ රට ගන්නකොට අපි පුදුමාකාර සුඛිත මුදිත වුණ ජාතියක්. මිනිසුන් නොමැරුන රටක්. දේශපාලනය ගෑවුනේවත් නැති, පොලිසි, අධිකරණ ඉතා උසස් තත්වයට පත්වූ, සංවර්ධනය වූ මහාමාර්ග ඇති රටක්. මහින්ද තමා ඔක්කොම විනාශ කළේ. මොනවාද මේ කතා? (නි)
භද්‍රානිට පිස්සු හැදිලාද (නි)
බලාගෙන ගියාම දේශපලකයින්ව අදහන බැතිමතුන් පිරිසකුත් ලංකාවේ ඉන්නවානේ? ඒ කියන්නේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න උත්සාහ කරන කට්ටිය තවම ලාංකික සමාජයේ ඉන්නවා එහෙනම්? (නි)
භද්‍රානි, ඔබ හරි (නි)
මේ කට්ටිය ඊර්ෂ්‍යා කරනවා, කුහකකම් කරනවා කියන්නේ 98% රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන්කරන අයටද අසාධාරණයක් කරන්නේ (නි)
බමුණු අාරච්චි, මට දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ කවුරුහරි සයිටම් එකේ ඉන්නවද? ඔබ හැම වෙලේම මේ වෙනුවෙන් කඩේ යනවා. එ් කුමණ අරමුණකින්ද. අපි නම් සයිටම් එකට උඩින්ම විරුද්ධයි. අපිට සාධාරණ තර්ක තියනවා එ්කට. එ්ත් ඔබට පුළුවන්ද ඔබේ මතය වෙනුවෙන් බුද්ධියට අනුගත එක තර්කයක් ඉදිරිපත් කරන්න. (නි)
ඉතාම හොඳයි (නි)
පේදුරුලා සංජීව වගේ අයට ඇත්ත ඇහෙද්දී බඩ බුරුල්වෙන ගතියට, ඉක්මනින් ගිහිල්ලා ඔර්ජිනල් දොස්තරලගෙන් ගාන ගෙවලා ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න. (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
අලුතින් බඳවා ගැනීම නතර කළයුතු නැත. අවශ්‍ය නම් කිසියම් ප්රමිතිකරණයක් යටතේ ආණ්ඩුවේ අධීක්ෂණය තුළ බඳවා ගැනීම් අනිවාර්යයෙන් කළයුතුය. (නි)
දැන් මේක එක එක දේශපාලන කණ්ඩායම් වල සහ පක්ෂ වල උපක්‍රමයක් වී ඇති බව පෙනී යයි. (නි)
දැනට සිටින සිසුන්ට සායනික පුහුණුවකින් පසු ලියාපදිංචිය ලබාදීම? එ් මොකටද...? පීඨ පීඨාධිපතිවරුන් උසාවියට වඩා උඩින්ද ඉන්නේ? (නි)
සයිටම් නැවැත්වීම නොව නියාමනයක් ඇති කිරීම කළයුතුයි. සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා මෙය සද්බාවයෙන් කළයුතුය. මෙහි ප්‍රමිතිය උසස් ලෙස තබාගත යුතුයි. (නි)
දැන් ඉන්න අයට ලියාපදිංචිය දෙන්න පුළුවන් නම් අලුතින් බඳවාගන්න බැරි මොකද? (නි)
මේ රටේ මේ වනවිට උපාධි විශාල වශයෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වල හදාරන්න පුලුවන්. එහෙම තියෙද්දී වෛද්‍ය උපාධිය දෙන්න හදනකොට නිදහස් අධ්‍යාපනය රැකගන්න ඕනෑ කියලා අරගල කරනවා. අන්තරේ වුණත් දඟලන්නේ වෛද්‍ය උපාධිය ගැන විතරයි. එතකොට අනිත් උපාධි ඔක්කොම පුද්ගලික අංශය දුන්නට කමක් නැද්ද? විශ්ව විද්‍යාල ආචාර්යවරු 6%ක් අධ්‍යාපනයට ඉල්ලා සටන් කරද්දීත් නිහඬව හිටපු වෛද්‍ය පීඨ ආචාර්යවරු හදිසියේ දැන් නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරනවා. රකිනවා නම් නිදහස් අධ්‍යාපනය මිසක් වෛද්‍ය උපාධිය විතරක් රකින්න කියන එක නම් කුහකකමක්. (නි)
යෝජනා ඉදිරිපත් කරලා විතරක් වැඩක් නැහැ (නි)
ඒක තමයි වෙන්න ඕනෑ (නි)
මහින්ද යුධ ජයග්‍රහණය තනිවම උරුම කරගත්තා. 2004 එයා පත්කළේ ඒකට තමයි. එහෙම වුණා කියලා සදාකල් බලයේ ඉන්න වරමක් දෙන්න බැහැ. විශේ්ෂයෙන් පවුල් පාලනයක් (නි)
මේක මහින්දගෙ කාලෙ නම් වෛද්‍ය සංගමය කට හොලවන්නෙ නැහැ (නි)
ඇත්තටම මේ හැම ප්‍රශ්නයකටම මුල මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන යුගයේ සිදුවුණ අදුරදර්ශී ක්‍රියා නේද? ඔය ආයතනය සම්බන්ධයෙන් පමණක් නොව මුළුමහත් සමාජයම පිළිකාවක් බවට එතුමාගේ පාලන කාලය තුළ පරිවර්තනය වුවා. එයට හේතුව එතුමාගේ බලය රැකගැනීමේ අරමුණින් ඔවුන්ගේ පාලනයට නතුවුණ හැම දෙනාටම එම ගැත්තන්ගේ අවශ්‍යතාවය මත සිදුකරගැනීමට ව්‍යවස්ථාමය බලය පවා ඔවුන්ට ලබා දුන්නා. දැන්වත් කිසිවෙකුට අගතියක් නොවන ලෙස මේ ප්‍රශ්න නිසි ලෙස ප්‍රමිතියක් ඇතිව නිරාකරණය කර ගැනීමට වත්මන් පාලකයින් පියවර ගතයුතු වෙනවා. මේ දේශපාලනය ගැන නොවේ ලිව්වේ, යථාර්තවාදී තිත්ත ඇත්තයි මේ. (නි)
දැන්ද මේවා මතක්වෙලා තියෙන්නේ (නි)
ඉතාම හොඳ යෝජනාවලියක්. එක එක්කෙනාගේ දේශපාලන අතකොලු නොවී බුද්ධිමත් විසඳුමකට හා අනාගතයට වැදගත් වන මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උනන්දු වුණොත් රට පෙරළන්නට මානබලන අයට දවල් තරු පෙනෙයි. (නි)
මෙයාලා දැන්ද නිර්ණායක නීතිගත කරන්න ඉල්ලන්නේ? වෛද්‍ය සභාව මෙච්චරකල් මොනවද කළේ? බොරුවට ස්ට්‍රයික් කරන වෙලාවේ මේවට නේද දඟලන්න තිබ්බේ. මට පෙනෙන්නේ හැමෝම හත්පොලේ ගාගෙන. නිර්නායක හරියට නීතිගත කර නැත්නම්, තවත් කවර කතාද? නඩු තීන්දුව ගැන කිසිම විවාදයක් නැත. (නි)
ධනුෂ්ක, සාධාරණ තර්ක තියනවා නම් එ්ක කියන්න. අපිත් එකඟ නම් කැමති නම් එකඟ වෙන්නම්. මම නම් කියන්නේ සියලුම වෛද්‍ය සිසුන්ට පොදු විභාගයක් තිබ්බොත් හොඳයි කියන තර්කය (නි)
ධනුෂ්ක, මගේ කිසිවෙක් සයිටම් එකේ ඉගෙනගන්නේ නැත. මම හරී කියා සිතන දේ ගැන මම බය නැතුව කතා කරනවා. කව්රුහරි හොඳ තර්කයක් දමා බිදිනතුරු මම මගේ තර්කයේ රැඳීසිටිනවා. (නි)
රසික, ඔබ හරි. සයිටම් නැවැත්වීම නොව නියාමනයක් ඇති කිරීම කළයුතුයි. එයට ප්‍රමිතියක් දිය යුතුයි. බොහෝදෙනා සයිටම් ආයතනය දිහා බලන්නේ කුහක ලෙසය (නි)
උගතුන්ගේ අදහස් වලට ගරු කරනවා නම් අපිට හුගක් ප්‍රශ්න පහසුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්. නීතියෙන් මේ වගේ ප්‍රශ්න විසඳන්න ගියොත් ජනතාව අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. දේශපාලන උදච්ච්කම ඇඟට අරගෙන ප්‍රශ්න විසඳන්න ගියොත් ප්‍රශ්න වැඩිවෙන්නත් පුළුවන්. (නි)
කුමන හෝ ක්‍රමයකින් සයිටම් පවත්වාගෙන යන්න. (නි)
තව කෙනෙකුගේ ඉගෙනීමේ අයතියට ගරුකරනවා නම්, ගෝත්රවාදය ඉවතලනවා නම්, අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකරනවා නම්, මේ ප්‍රශ්න බොහොම පහසුවෙන් විසදාගත හැකියි. (නි)
ඉතා හොඳ අදහසක් (නි)
වර්ෂයකට 75000 - 80000 ක් පිටරට යන ළමයින්ට මොකද කරන්නේ. ඒ වගේම විදෙස විනිමය? (නි)
කොළඹ, ගාල්ල, නුවර දිස්ත්‍රික්ක වල විතරක් දිස්ත්‍රික් කෝටා නිසා සරසවි වරම් අහිමි වුණ දක්ෂ ළමයින් අවුරුදු පතා අනාදිමත් කාලයක සිට ඉන්නවා. දැන් මේ සරසවියට තේරුණා කියන ළමයින් හිතන්නේ රටේ අනික් උදවිය ඔක්කොම මෝඩයෝ කියලා. ඔය උද්දච්චකම තමයි මේ ප්‍රශ්නෙට මුල. (නි)
භද්‍රානි, දන්නා දෙයක් කතා කරන්න. බස් එකේ යනකොට බෝම්බයකට අතක් හරි කකුලක් හරි ඔයාගේ ගලවලා ගියා නම් අද ඔයා ඔහොම ලියන්නේ නැහැ. අනුන්ට උපදෙස් දෙන්න කලින් කෙළෙහිගුනේ තියාගන්න. එනවා මෙතන මෝඩකම ප්‍රසිද්ධ කරන්න. (නි)
භද්‍රානි සහ අරවින්ද සමඟ මමත් එකඟ වෙනවා. මේ අදහස් දරන අය දිගුකල් වැජඹේවා. (නි)
භද්‍රානි, ඔයා කියන්නේ ඇත්ත. මහින්ද කරපු ලොකුම අදුරදර්ශී ක්‍රියාව තමයි යුද්ධය ඉවර කරපු එක. එ්කට අවුරුදු 3 ක්ම ගියානේ. යුද්ධය දැන් නැති එක එක කට්ටියකට පිළිකාවක් තමයි. (නි)
බමුණුසිංහ, "වෛද්‍ය සිසුන්ට පොදු විභාගයක් තිබ්බොත් හොඳයි කියන තර්කය "...රුපියල් ලක්ෂ 120 ක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට ඉතිරි ටිකත් කරලා දෙන එක මහා ලොකු කජ්ජක්ද. නාමල් නීති විභාගය සමත් කළේ 99% ලකුණු අරගෙන ලංකාවේ නීති ක්ෂේත්රයේ ඉහළම ලකුණු වාර්තා කරගෙන. තව මොන කතාද? (නි)
සිල්වා, උසාවිය මොනවාද විද්‍යාව ගැන දන්නේ...? එහෙම නම් මිටපස්සේ වෛද්‍ය විද්‍යාල ඕනෑ නැහැ. වෛද්‍ය ශිෂ්‍යයින් නීති පිඨයට යවලා වෛද්‍යවරුන් බිහිකරමු. මහා පිස්සු රටක්. (නි)
සයිටම් විතරක් නොවේ කොතලාවල පිළිබඳවත් සමාජය කතා කරන්න ඕනෑ. (නි)
ඔව් ඇත්තටම හොඳ යෝජනාවක් (නි)
අනේ සිල්වලා වගේ මිනිස්සු අකුරු ලියන්නත් දන්නවනේ! (නි)
සිල්වා, මෙතනදී විශේෂයෙන්ම සළකා බැලිය යුත්තේ කාගේ වුනත් එහි සිටින ඉගෙනගන්න උත්සහ කරන ළමයි දිහා. අඩු අධ්‍යාපනයකින් එම ආයතනයෙන් පිටවෙලා මිනිස් ජිවිතයක් බිලිඅරගෙන හිරේවිලන්ගුවේ වැටුනම? විශේෂයෙන්ම ඒ ඔබගේ ළමයෙක් (දොස්තර හෝ ලෙඩා) වුනොත්?නිසි ප්‍රායෝගික පුහුණුවක් නැති එකනේ මෙතන තියන ප්රශ්නය. ඉතින් පීඨ අධිපතිවරුන් කියන විදියට මේ ප්‍රශ්නෙට පිළිතුරු සොයමු. උසාවියේ තීරණ ගරුකරන ගමන් ඉදිරියේදී ඇතිවියහැකි අනිකුත් ප්‍රායෝගික ප්‍රශ්න වලටත් සෑහෙන විසදුමක් හොයමු. (අ)
සයිටම් එකේ අයගේ අඩුපාඩු තියෙන බව GMOA /SLMC ඇතුළු හැමෝම කියන නිසා සයිටම් එකේ අයට පිටරට ගිහින් උපාධි අරන් එන අය කරන ACT 16 (ERPM ) විභාගයට පෙනී සිටින්න කියන්න ඕන .නැත්නම් අසරණ ලෙඩ්ඩු අමාරුවේ වැටෙන්නේ. ERPM කියන්නේ වෛද්‍යවරයෙක් වශයෙන් වැඩකරන්න සුදුසුද කියල බලන්න තියෙන ඉතා හොඳ විභාගයක් . ඒකට වෛද්‍යවරයෙකුගේ දැනුම බලන්න විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් යන දෙකම අන්තර්ගතයි. (අ)
ලංකාවේ වය සිසුන් හිතන්නේ තමන් තරම් බුද්ධිමත් කොට්ටාශයක් ලෝකයේම නැහැ කියලා. හැබැයි අධ්‍යාපනය සෑම කෙනෙකුගේමඅයිතියක් කියා තේරුම් ගන්න බුද්ධියක් නැහැ . හොඳයි අනාගතයේ ඔබේ දරුවෙකුට සරසවියට යන්න ලකුණක් දෙකක් මදි වුනොත් කුඹුරු කොටන්න යවනවාද ? දැන් මෙතන සයිටම් එකේ ප්‍රමිතියට වැඩිය රටේ මිනිස්සුන්ට පේන්නේ රජයේ සරසවි වල සිසුන්ගේ කුහක කම. ප්‍රමිතිය ගැන තීරණය කරන්න අදාළ පාර්ශව කටයුතු කරාවි. ඔබලාගේ යුතුකම අපේ බදු මුදල් අපතේ නොයවා ඉගෙනීමේ කටයුතු කර ගැනීම. ඊට පසුව රට හදන්න යන්න . (අ)
ඔවුන්ටද කොළඹ විද්‍යා පීඨයේ අවසන් වසර විභාගයට පෙනීසිටීමට උපරිම තුන්වරක් අවස්ථාව දී සුදුස්සන්ට ලියාපදිංචිය දෙන්න. නැවත බඳවා ගැනීම් නතර කරන්න. සයිටම් ජනසතු කරන්න. කාටවත් අසාධාරනයක් නැහැ (නි)
සංජීවලගේ කුලකයේ අයට පුළුවන් ඔච්චරයි. මහින්දගේ මොන වැරැද්දක් පෙන්නුවත් ඒ ගැන කියන්නේ එයා යුද්ධය ඉවර කළානේ කියලා විතරයි (නි)