
(යොහාන් භාසුර)
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට සම්බන්ධ නිවැරදි කළ චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවසීය.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද රැස්ව එම තීරණයට එළඹි බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව කී චමිල් විජේසිංහ මහතා ඒ අනුව අයවැය ලේඛනයට ජනාධිපතිවරයා සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය මාර්තු මස 25 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළ බව ද ඒ මහතා කීය.
එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය අප්‍රේල් මස 28 වැනිදා නිකුත් කළ බවත් එම චක්‍රලේඛයේ අමතර රාජකාරී දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්‍ෂණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වූ බවත් විජේසිංහ මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අප්‍රේල් මස 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු වගකිවයුතු බලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වූ බව කී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එම දීමනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ පවා ක්‍රියාත්මක නොකිරීම තුළ සෞඛ්‍ය සේවාවේ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනයක් කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි අවුරුදු 2කට විතර හරියන දේ අහලා එක සැරේම දෙන්න. මේ වැඩේ අපි හැමෝටම කරදරයි.
රජය සමාජවාදී, දොස්තරලා ධනවාදී.. GMOA සමාජවාදී වෙද්දී රජයට කීයක් හරි හම්බ වෙන්න හදලා තියෙන කොතලාවල මෙඩිකල් ෆැකල්ටි එකත් වහලා දාන්න කියනවා පඩි ඉල්ලනකොට ...
අන්න... කරාපිටිය ආපු තරුණ කොල්ලෙක් මැරිලා... ඊට කළින් පොඩ්ඩක් බලාගෙන එන්න. වෙන රටවල් ඔහොම පණ පිටින් එන තරුණයින් නිකන්ම මැරිලා යන්නේ නෑ. ඒකට මාධ්‍ය හමුවක් තියලා ඊට පස්සේ ඕවා කතා කරගනිමුද? මොකද සර්ලා තමයි ලෝකයේ සෞඛ්‍ය සේවය හොඳටම කරන්නේ.
වෘත්තීය සමිතියකට රජයකට කාලයක් දෙන්න බෑ. විධානයක් දෙන්නත් බෑ. රජයක් යනු වෘත්තීය සමිතියකට වඩා ඉහළින් ඇති, ඇති රටේම මිනිස්සුන්ගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පද්ධතියක්. මෙතන කාගේ වරදද කියා නොදනිමි. ඕනෑම රටක්, ආයතනයක් ප්‍රශ්ණ මැදින් රැගෙන යාමට බුද්ධිය, දැනුම, බිය නොවීම, කාරැණික බව සහිත නායකත්වයක් අවශ්‍යයි. මේ විවිධ සමිති සමඟ නොව රටේ මිනිසුන් සමඟ රටේ නායකත්වය නිතර නිතර සංවාදයක් ගොඩ නැඟිය යුතුයි. අඩුම තරමේ රටේ ඉහළම නායකත්වය සතියකට වරක් මාධ්‍ය සහ මහජනයා සහිත තැනකට විත් මේ සියලු ප්‍රධාන ප්‍රශ්ණ වල අග මුල, විසඳුම් පිළිබඳව කතාකළ යුතුයි. එවිට පමණයි මිනිස්සුන්ට දැනෙන්නේ රජය තමන් නියෝජනය කරන වග. ඇමැතිලා තැන්තැන් වල මයික් අටවන් දොඩවන ඒවා මිනිස්සුන්ට විස්වාස නැත. බටහිර රටවල මෙය ඉතා හොඳින් සිදුවේ...
මේ දොස්තර මාෆියාවට විරුද්ධව දැන්වත් කටයුතු කරන්න.