2005 දී ජනිතා බණ්ඩාර නම් තරුණියක කෙළසී යැයි වරදකරු වූ වෙද හාමුදුරුවන් නමින් ප්‍රකට රුවන්වැල්ලෙ සෝභිත හෙවත් සුනිල් ශාන්තට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය බරපතල වැඩ සහිත විසි අවුරුදු සිරදඬුවමක් නියම කළාය.එම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා වන එච්.බී. අනෝමාට ද මාමා වන අයි.ජී. හේමචන්ද්‍රට ද විසි අවරුදු සිර දඬුවම් නියම විය. එම තරුණියට රුපියල් දෙල්කෂයක වන්දියක් ද රුපියල් විසි දහසක දඩයක් ද සෝභිතට නියම විය. වන්දිය සහ දඩය නොගෙවතොත් සිරදඬුව වසර තුන හමාරකින් වැඩිවේ. සෝභිත සිවුරේ සිටිය දී මේ අපරාධය කර ඇත්තේ බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදීය. සෝභිත සිවුරේ සිට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කැර පසුව සිවුරු හළ අයෙකි. නැන්දා මාමාට ද විසි දහසක දඩයක් නියම විය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ලැබුණු දඩුවම ගැන නම් සතුටුයි.. අපරාධයක් කලානම් දඩුවමක් ලබන්න ඕන.. තීන්දුව දෙන්න මෙපමණ කාලයක් ගිය එකයි කණගාටු..!(නු)
මිනිසුන් කොපමණ මුලා කරලා ඇතිද?(නු)
ඔය දඩුවම් මදි (ස)
මෙයා පසුගිය දිනවල මාධ්‍යවලට ලොකුවට දැන්වීම් දාගෙන තමයි හොර වැඩ කරලා තියෙන්නේ..
සංජීව මෙයා යන්තර මන්තර කරන්න දන්නේ අර වැඩ වලට විතරයි (ස)
කාලයකට ඉහතත් මෙහෙම කෙනෙක් හිටියා (නි)
මේ වගේ කොච්චරක් අය අපේ රටේ ඇද්ද ? (ස)
මාධ්‍යවලින්ම උස්සල තියලා.. මාධ්‍යවලින්ම පොළොවෙ ගැහුවා..!(නු)
මෙවැනි අයට උපරිම දඩුවම් දෙන්න (නි)
දැං මේ වගේ දේවල් වලට දෙන දඩුවම් මුළු රටම දන්නවා..!(නු)
මෙවැනි අය හැම තැනම ඉන්නවා.. ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ..!(නු)
තරුණිය කෙළසීම කජ්ජක් ලෙස සලකා තුන් දොර අගුලු දා තම වත්තට දක්කා හිරකර තැබිය යුතුමයි මේ වැලිමැක්කා විනිසුරු ඔබ තුමිය නිවරැදි ලෙස දැක්කා (ස)
මෙයා එක්ක හිටපු නිළිය දැන් කොහෙද දන්නේ නෑ (ස)
මොහු පහත් වැඩ කරපු සාදුවරයෙකුනිසා කරැණාකර මොහුට හාමුදුරැවෝ කියන වචනය භාවිතා කරන්න එපා.මෙය හෙලිකළ ජනමාධ්‍යට මල් මිටක් (අ).
දං දැං අධිකරණය ස්වාධීන වේගන එනවා වගේ..!(නු)
බුද්ධ දේශනාවට අනුව සතර පාරාජිකා කඩකරපු කිසිම චීවර ධාරියෙක්ට චීවර දරන්න අකැපයි, විනය පිටකයට අනුව චීවරෙයන් පන්නා දමන්න කියලයි සදහන් වන්නේ , මේක හාමුදුරුවරු වැඩිය දේශනා කරන්නේ නෑ 01 මෛථුන්‍ය සේවනය 02 උතුරු මිනිස්දම් ඇති බව 03 මිනී මැරීම 04 සංඝ භේධය ලංකාවේ වහාම සංගායනාවක් තියල මේ වැරදි කරපු සියලු සාසනයට නුසුදුස්සෝ සාසනෙයන් පන්නන්න ඕනි තරාතිරම නොබල අපිට නිර්මල බුදු දහම රැකගන්න නම්
වැපිරූ බීඩ අස්වැන්නද සමගින් ඔබ වෙත..!(නු)
මේ වගේ අය තව කොමණ සිටීද නිදැලේලේ..!(නු)
මෙයා බණ කියන්න එහෙම දන්නවාද දන්නේ නැහැ..!(නු)
මේ ගැන රටට හෙළිකල මාධ්‍ය අතුරින් විශේෂයෙන් නෙත් එෆ්එම් නාලිකාවට මාගේ ප්‍රණාමය..(නු)
වැරැද්දක් නොකළ කෙනෙක් ඉන්නවා නම් පළමු ගල් කැටය ගහන්න. (නි)
විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා නෙත් එෆ්.එම්. නාලිකාවට. මේ වගේ හොරුන් ගැන රටට හදුන්වාදීම ගැන. දෙවනුව මගේ ප්‍රණාමය විනිසුරුවරියට. කොන්ද කෙළින් තියාගෙන ගත් තීරණයට. (නි)
ගරු විනිසුරුතුමියට සහ බැලුම්ගලට ස්තූතියි. (නි)
වැලිකඩ සිර ගෙදරට අත්පිට මුදලට තොග වශයෙන් රන්පත් හා සුර අවශ්‍යයි. (නි)
මෙයා නියම විදියට පැවිදි වූ කෙනක් නොවන වග අමතක නොකළ යුතුයි. උසාවියේ මොහුම කියූ විදියට ධර්මය නොදන්නා මොහු සිවුරු හැද ඇත්තේ තමා බඩ වඩා ගැනීම සදහා කරනු ලබන අමනකම් වසාගැනීම සදහායි. කොහොම වුණත් බුදු දහමට අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය මොහුට පඩිසන් දුන්නා. ඒ ගැන සතුටුයි. බැලුම්ගලට අපගේ ස්තුතිය. (නි)
නෙත් එෆ්.එම්. බැලුම්ගලට ජය වේවා! (නි)
නියමයි. මෙහෙම අය සිවුරටත් අගෞරවයක්. (නි)
මුලින්ම ස්තුතිය ගරු විනිසුරුතුමියට. ඒ වගේම නෙත් එෆ්.එම්. සහ ලංකාදිප ඔබ සැමගේ සේවය අගය කරනවා. (නි)
ඔය දඩුවම් මීට ගොඩක් කාලෙකට කළින් ලැබෙන්න තිබුණු ඒවා. එහෙම වුණා නම් තමයි ලස්සන. (නි)
අනේ! අරාබි නීතිය ක්‍රියාත්මක වුණා නම් කොපමණ හොදද? (නි)
ගරු විනිසුරු තුමියට අපගේ ආචාරය.. මෙවැනි ප්‍රෝඩාකාර වංචාකාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන.!(නු)
දියුණූ ලෝකයේ මේවාට බරපතළ දඩුවම් නැත. (නි)
මේකට අදහස් දාලා තියෙන මුස්ලිම් අය බොර දියේ මාලු බාන්න හදන්න එපා. (නි)
නේත් එෆ්.එම්. බැලුම්ගලට මෙය රටට අනාවරණය කිරීම ගැන ස්තූතිය හිමි වෙන්න ඕනැ. ජීවිතය ඇත්තේ විදවීමට නෙමෙයි. හරිම සතුටුයි. හොද තීන්දුවක්. (නි)
අනේ අපේ මෝඩ මිනිසුන් සෝභිත තැනගේ යන්ත්‍ර මන්ත්‍ර හදි හුනියම් මගින් අනුන්ගේ බිරින්දෑවරුන්ගේ ඇසුර සොයා යනවා.නඩු දිනන්න යනවා,නමුත් සෝභිත තැන එම ක්‍රම වලින් දැන් පැරදී ඇත. මෝඩ මිනිසුනි, යමක් සිතන්න.( බුදුරජාණන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව තිරස්චීන විද්‍යා ලෙස සැලකූ බව සිවුර දරා සිටින හිමි වරුනි සිතනු මැනවි.) (නි)
ගුණරතන හාමුදුරුවනේ මෙවැනි අය හැමතැනම ඉන්නවානම් ප්‍රසිද්ධ වෙන්නෙත් නැතිනම් පිං සිද්ද වෙයි හැමතැනම ඉන්නවානම් ඒ අය ප්‍රසිද්ධ කරන්න..!ඒක රටට කරන ලොකු සේවයක්..!(නු)
මෙයාගේ අවයවය කපන දඩුවම තමයි දෙන්න ඕනෑ. (නි)
බැලුම් ගලට ජය වේවා!(නදී)
ෙනත් FM බැලුම් ගලට මෙය රටට අනාවරණය කිරීම ගැන ස්තූතිය හිමි වෙන්න ඔනැ....(නු)
ප්‍රසිද්ධියේ එල්ලන්න තමයි ඕන.. අනිත් අයට මෙහි බරපතල කම පෙනෙන්න..!(නු)
සුදුසු දඩුවම ලැබිල තියෙනවා. නමුත් සෝබිත ඔය තැනට ගෙනාපු ජනමාධ්‍ය ආයතනත් මේවට වග කියන්න ඕන නේද? (ස)
ඔය සිවුරු දාගෙන ඉන්න හුගක් අය ඔහොම තමයි. (ස)
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ..!! (ස)
මෙයා හිර ගේ ඇතුලෙත් යන්තර මන්තර දාවිද දන්නේ නෑ (ස)
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. (ස)
මමනම් හිතන්නේ මේ දඩුවම ලොකු වැඩියි ..මොකද මිනිස්සු 3 ක් 4 ක් මරලත් මෙහෙම දඩුවමක් දෙන්නේ නෑනේ (ස)
තීන්දුව හොදයි.. තව කොයි තරම් අය බේරිලා ඉන්නවාද? බාල අපරාධ කාරයෝ.. දූෂණය කරලා වාර්තා තියන අය.. අනේ මන්දා කොහොම තීන්දු තීරණ අරගන්නවාද කියලා..!(නු)
මේක ලංකාවේ ගුරුකම් කරන අනිත් හාමුදුවරුන්ටත් හොඳ පාඩමක් , බුදු දහමට නිගා කරන බොරු කාරයෝ (ස)
දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමයි (ස)
මෙයා ලඟ තිබුණනේ නඩුහබ ජයග්‍රහණය කරන යන්ත්‍ර මන්ත්‍ර.. (ස)
ආගමට ,සමාජයට වින කරන හැම කෙනාටම හොඳ පාඩම් (ස)
මේක තමයි වෙන්න ඕනි ආසියාවේ ආශ්චර්‍ය නියම ලෙස දකින්නනම් (ස)
කරුණාකර සෝභිත කියන නම භාවිතා නොකරන්න , මෙයා ගුරුවරයෙකු යටතේ මහනවූවෙකු නොවේ . කඩෙන් අරන් සිවුරක් දා ගත්ත කෙනෙක් (ස)
දෑන් ඉතින් හිර කාරයන්ට ගුරුකම් කරන්න පටන්ගනීද දන්නෙ නෑ, බොරු නම් දාගත්තු වෙද හිමි වරු වෑහි වෑහෑලා. (ස)
කලකම් ඵල දේ .....මේවා තව බොහෝ දෙනෙකුට පාඩමක් කරගත්තොත් හොඳයි (ස)
මෙයා මුලින්ම කෙලෙසුවේ ජනතාව නොව බුදුදහමය (ස)
සිවුර දා ගත්තට දිටඨ ධම්මවේදනීය කර්ම පලිසන්දෙන හැටි පේනවා නේ (ස)
වරදට නියම දඩුවම් ලබාදීම නිසා සමාජයට ලොකු ආශ්චර්‍යයක් විනුසුරු තමා ලබාදීම ගැන සතුටුයි නිරභීත විනිසුරු තමාට දීර්ඝායු වේවා (ස)
ඔච්චර යන්තර මන්තර දන්නවානම් ඇයි හිරෙන් පණින්න මන්තරයක් දන්නේ නැද්ද ? (ස)
හොඳ තීන්දුවක්...(ස)
හොද වැඩක් (ස)
මහේල ඔයා ගැන ඔය වගේ ජාතිවාදී අදහස් පළ කරන්නේ ඇයි..! මෙයා හොරෙක්නේ..!(නු)
කාලයක් රට ගිය අම්මලාව රුවැට්ටුවා.. නිළියන්ට ඉඩම් දුන්නා කිව්වා.. මේ ඔක්කොම සතුටු ඇති..!(නු)
මේ වගේ කොපමණ හාමුදුරුවරු ලංකාවේ ඇත්ද ? (ස)
නියමයි . හොඳ වැඩක් (ස)
විනිසුරුවරියට අපගේ ආචාරය..!(නු)
දඩුවම ඉතාම හොදයි.. විනිසුරුවරියට මාගේ ප්‍රනාමය..!(නු)
ඇත්තටම හොඳ තීන්දුවක්, මේ විදියට තමයි දඩුවම් දෙන්න ඕනි , ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි (ස)
මෙය හෙලිකල වැඩ සටහනට අපගේ ප්‍රණාමය (ස)
හෙට අනිද්දට ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්න අය පාරට බැහැලා උද්ඝෝෂණය කරයිද ? (ස)
නිවැරදි දඩුවම ලැබිලා තියෙනවා..!(නු)
හරි පටන් ගමු ජාතිවාදී අදහස් (ස)
මෙය හෙලිකර මාධ්‍ය ආයතනයට මාගේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා (ස)
මට හිනා යනවා, ගැහැනියකට පාරේ යන්න බෑ මෙයා නිසා (ස)
එල කිරි (ස)
අනිවාර්යයෙන්ම අභියාචනා කරාවි. ඉහලම නීතිඥ කණ්ඩායමක් මගින්. බොහෝවිට දඩුවම අඩු කර ගන්න ඉඩ තියෙනවා. කොහොම වුනත් මහාධිකරණ විනිසුරු තුමියට අපගේ ආචාරය! දැන් තවත් කෙනෙක් ඉහල නංවා ගෙන යනවා මාධ්‍ය විසින් . (දේවාලෙක ප්‍රධාන දේවගැතිතුමෙක්ලු) මට හිතෙන්නේ එයත් මෙහෙම කෙනෙක් බව හෙලිදරවි වනවා ඇති. (ස)
මෙයා අවුරුදු ගණනාවක සිට පුවත්පත් වල පළකල දැන්වීම් හා ඒවාට ගිය මුදල් සම්භාරය කොපමණද? නඩහබ වලින් ජය ගන්න.. සැමියා බිරිය ලංකරන්න.. සතුරන් මෙල්ල කරන්න.. අදී වශයෙන් කොපමණ දේවල් කළාද? ඇයි බැරිඋනේ තමන්ට මේ වැඩෙන් ජය ගන්නට.. එයාගේ ගුරුකම් හරි නම්..!(නු)
වරදට නියම දඩුවම ලැබිලා.. හෘද සාක්ෂියක් තියෙන විනිසුරු තුමියක්.. අනිත් අයටත් මේ වගේම දඩුවම් දුන්න නම් හොදයි .. බංගලාවත් රාජසන්තක කලා නම් හරි..!(නු)
විශේෂයෙන් මම ස්තුති වන්ත වෙනවා නෙත් එෆ්.එම්. නාලිකාවට.. මේ වගේ හොරුන් ගැන රටට හදුන්වාදීම ගැන.. දෙවනුව මගේ ප්‍රණාමය විනිසුරුවරියට කොන්ද කෙළින් තියාගෙන ගත් තීරණයට..!(නු)
හිරගෙදර ඉදන් යන්තර මන්තර කරන්න ලේසියි, දුරකථනයෙන් තමයි මෙයාගේ වැඩ (ස)