ඇණය ගැලැවූ අත් බෝම්බයක් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ නිවසට දැමීයැයි කියන සිද්ධිය හෙළා දකිමින් වෛද්‍ය සිසුහු කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලංකාවෙ කොච්චර බෝම්බ පිපිරුණාද? මෙයාලට දොස්තර කම ගන්න අපේ සල්ලි කොච්චර වියදම් උනාද දෙවියනේ...!!(නු)
අනේ ආර්.ප්‍රේමදාස මහත්තයාවත් හිටිය නම්..!(නු)
මොවුන් තව වසර කිහිපයකින් රෝහල "සේවයට" ආවම අසරණ රෝගීන්ට දෙවියන්ගේම පිහිට තමයි.රටේ බදු ගෙවන ජනතාවගෙ මුදලින් නිදහස් අධ්‍යාපනය ලබන අනාගත මැරයෝ. .(ස)
දකිනවා ඒත් අද දෙමව්පියන් අසරණයි.(ස).
ජෝන්, ඇදුමින් කෙනෙතුගේ බුද්ධිය මනින්න බැහැ. ඒ ළමයි ඔතෙන්ට එන්නේ විශාල කැපවීමක් කරලා, ලක්ෂ ගණනක් සමග තරග කරලයි. (නි)
ඔතන ඉන්න පිරිසෙන් බහුතරයක් මේ පෙළපාලියට යෑමේ හේතුව කුමක්දැයි කියාවත් දන්නේ නැහැ. (නි)
මේ වෙද සිසින්ද නැත්නම් අර රතු අයද?(නු)
දැන්නම් හිතෙනවා බෝම්බ පිපිරුනා නම් හොඳයි කියල. එතකොට උද්ඝෝෂණ කලත් දුකේ නෑ (අ)
මේකේ ඉන්න සමහරු ඩොක්ටල ද නැත්නම් නර්ලස ද? (අ)
මේ ප්‍රතිචාර කරන අයගේ මානසිකත්වය ගැන බලද්දී වෙලාවකට පුදුමත් හිතෙනවා. (නි)
සජිව ඔබ හරි.ප්‍රෙමදාස මහත්තයම තමයි මෙවට හොද (නු)
ලංකාවෙන් පඩි අරන්, ඕස්ට්‍රේලියාවේ අඩු අදායම් සහනාධාර ලබා යහමින් වැජබෙන දොස්තරලත් ඉන්නවා..!(නු)
දොස්තර මහත්වරුණි.. අනෙක් ක්ෂේත්‍රවලත් අයත් මේ වගේ දේකට වර්ජනය කළොත් මොකද රටට වෙන්නෙ.. බුද්ධිමත්ව හිතන්න..!!(නු)
"නැවැත්වීම ගිලන් රථ සදහා පමණි" කියලා තියෙන තැන නැවතිලා ඉන්න කෙල්ලොත් ගිලන් රථද? (නි)
ඇයි මේ නැවත්වීම ගිලන් රථ පමණයි කියන බෝඩ් එක ළග ඉන්නෙ ඒගොල්ල ගිලන් රථද?(නු)
ඇයි මේ ඔක්කොමලා මේකට බනින්නෙ... කවුරුවත් වෛද්‍යවරුන්ට සහයට නැහැනේ..!!(නු)
මේ ප්‍රවෘත්තියට හුග දෙනෙක් ශිෂ්‍යයන්ට බැණලා තියෙන්නේ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. එයලගේ ගෙදරක කාට හරි බෝම්බයක් ගැසුවොත්, ගෙදර සිහලු දෙනාම එකතු වෙලා ඊට ආවේණික ක්‍රමයකට විරෝධය පෙන්වනවා. මම හිතන්නේ එයාලට වෙන විකල්පයක් නැහැ.මේ සිද්ධියට වගකිව යුත්තන්ගේ මැදිහත් වීම ද මදි. (නි)
මට තේරෙන්නේ නැහැ ඇයි ශිෂ්‍යයින්ට බනින්නේ කියලා. අපිත් ශිෂ්‍ය සංගම්වල හිටියා. උද්ඝෝෂණය කළා. ඒ සාධාරණ හේතු වලට. එදා දිනාගත්ත දේවල් අද ශිෂ්‍යයින් බුක්ති විදිනවා. ඇයි අපේ අම්මලා, තාත්තලා එයාලගේ දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය ලැබෙනවාට කැමති නැද්ද ? (නි)
ප්‍රේමදාස මහත්තයා හිටියා නම් මේ අයට මෙහෙම දගලන්න හම්බ වෙන්නේ නැහැ. බලාගෙන යනකොට හැම විශ්ව විද්‍යාලයම පෞද්ගලීකරණය කළොත් හොදයි වගේ. (නි)
"නිර්මලා 2012-08-19 08:41:30 මට තේරෙන්නේ නැහැ ඇයි ශිෂ්‍යයින්ට බනින්නේ කියලා. අපිත් ශිෂ්‍ය සංගම්වල හිටියා. උද්ඝෝෂණය කළා. ඒ සාධාරණ හේතු වලට. එදා දිනාගත්ත දේවල් අද ශිෂ්‍යයින් බුක්ති විදිනවා. ඇයි අපේ අම්මලා, තාත්තලා එයාලගේ දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය ලැබෙනවාට කැමති නැද්ද ?" නිර්මලා ඉහතින් තියෙන මීට අදාළ පුවත කියවා බැලුවාද? මේ සිසුන් වීදි බැහැලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? නැත්නම් අනාගතේදී යන්න ඉන්න රස්සාව ගැන උපන් වර්ගවාදය නිසාද? නිදහස් අධ්‍යාපන කතාවකුත් මොවුන් කියාගෙන එනවා තමයි , එහෙත් වරෙක සම සෞඛ්‍ය සේවාවේ උපාධි අපේක්ෂකයින්ට එරෙහිව ඔවුන් සරසවි වලින් පිටමන් කිරීමට අවි අමොරගන්නෙත් මොවුන්මයි. (නි)
වෛද්‍ය ලසන්තට මහතාට බෝම්බ ගැසීමට ආසන්නම හේතුව විදිහට විශ්වාස කරන්නේ ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම ට විරෝධය පළ කරපු කෙනකු නිසයි කියලයි මට න්ම හිතෙන්නේ. උද්ඝෝෂණය සාමකාමීයි. එබැවින් ලසන්ත මහතාට ඒල්ල වූ ප්‍රහාරය වෛද්‍ය සිසුන් හෙළා දකිනවා. ඔහුන් උද්ඝෝෂණ කිරීම හැරුණාම වෙන කුමක් කරන්නද ? ඔහුන් ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒත් අපේ ජනතාව ඒක තේරුම් ගන්නේ නැත්තේ ඇයි ? (නි)
බෝම්බ ඇණ ගලවලා විසි කරන්නේ කවුද කියල මහජනතාව දන්නවා. මේවා කරන අය එළියට දමන්න තමයි සීමිතව වර්ජන කරන්නේ. (නි)
ප්‍රේමදාස මහතාට සිද්ධ වුණු දෙය, ඒ මහතා වෙනුවෙන් ප්‍රතිචාර දමන අය සිහිකර ගත්තොත් හොදයි. (නි)
නිකන් උගන්වන එකේ වැරැද්ද තමයි මේ. දැන්මම මෙහෙම නම් උපාධිය ගත්තහම කොහොමට තියෙයිද? (නි)
හාපෝ, ඉන්න හැටි? (නි)
අපි ආසියාවේ ආශ්චර්යයට යනවෝ..... (නි)
පේනවනේ අනාගත දොස්තරලාගේ හැටි? පොලිසිය තව හොදයි. (නි)
කවුරු හරි මේ බෝම්බය වෙන කෙනෙක් වෙනුවෙන් පාව්ච්චි කරලා වැඩේ හරි නොගියහම ඒක තාප්පයකට උඩින් වීසි කරලා යන්න ඇති. ඒත් කරුමෙටම ඒක වැටිලා තියෙන්නේ දොස්තර ගෙදරකට. මගේ ගෙදෙට්ට වැටුණා නම් මම ඒක කුණු බාල්දියට දාලා වැඩට යනවා. (නි)
ඕකට ඔච්චර දගලන්න ඕනෑද? ඒක බෝම්බයක් නෙමෙයි ,කෝම්බයක්ලු. (නි)
මෙම දින වල පවතින ශනි කුජ මාරුව නිසා රටේ උද්ඝෝෂණ, දේශපාලන අර්බුද, කම්කරු ගැටුම් සහ වැඩ වර්ජන හට ගන්න පුලුවන්. මෙ නිසා සියලුම දේනා ඉතා කල්පනාකාරිව කටයුතු කරන ඕනේ. .(ස)
මේ දරුවෝ ඇදන් එන ඇදුම් මේ දරුවෝන්ගේ අම්මල දකින්නේ නැද්ද?.(ස)
බණ්ඩාර හරි. මේක කුමන්ත්‍රණයක් තමයි. (නි)
කටුනායක පැත්තේ ඉන්න කට්ටිය ගැන අමිලට අත්දැකීම් තියෙනවා වගෙයි. (නි)
බණ්ඩාර, ඇයි ඔයා ඒක කුණු බාල්දියට දාලා යන්නේ? සාක්කුවේ දාගෙන ගියානම් නේද හොද? (නි)
අයියෝ! මෙයාලා කොන්දොස්තරලට වැඩිය අන්තයිනේ. (නි)
මාර වැඩනේ ලංකාවේ වෙන්නේ. දැන් දොස්තරලාගේ බඩ වේලුනත් වර්ජන. අනේ මෙහෙමත් රටක්. (නි)
මගේ රටට මේ සිදු වී ඇති විනාශය දෙවියන්ට පෙනේවායි පතමි! (නි)
දැන් නම් හිතෙනවා බෝම්බය පුපුරන්නයි තිබුණේ කියලා. එතකොට වර්ජන කළත් දුකක් නැහැ. (නි)
කවුරු කළත් පෞද්ගලික මතවාද අතහැර දමා රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම නේද හොද? (නි)
ප්‍රශ්නය බෝම්බය පුපුරු නොගිය එක නොවෙයි. එකින් එකටම සිදුවන මෙවන් සිද්ධි දාමයයි. හෙට අනිද්දට රෝගීන්ට වෙන්නේ උඩ බලාගෙන හූල්ලන්න තමයි. (නි)
දැන් එතකොට ඔය බෝම්බේ දැම්මේ ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩුද? එහෙම නැත්නම් කුඹුර මුවා කෑවහම මුවහමට තලපු ගමයාගේ මොළෙයි මේ උන්දැලාගේ මොළෙයි එක පමණද?.(ස)
බන්ඩාර ඔය ඇත්තමද කියන්නේ...(ස)
බුදු අම්මේ බලාපල්කො දේශප්‍රේමියෝ ටික.දැක්කම පේනවා කාගෙ හරි පදේකට නටන රූකඩ ටිකක් කියලා.දශක තුනක් බෝම්බ ලොරි ගනන් ආවා,පිපුරුවා,එතකොට ඔය දේශප්‍රේමියෝ කොහේද හිටියේ.අහන්න දන්නෙ නැතිනම් දෙමාපියන් ගෙන්.දරුවනේ ඔබ සැම අද සිටින තැනට එන්න මොනතරම් කැප උනාද?දෙමාපියන් මොනතරම් කැපවීමක් කලාද? අනාගතය බාරගන්න ඉන්න දරුවනේ දේශපාලනයට කත්අදින්න එපා....(ස)
එදා කොටි බෝම්බ තියනකොට දොස්තරලා මේ විදියට වර්ජනය කලානම් අපට යුද්ද නොකර ප්‍රශ්නය විසඳා ගන්නට තිබුණා..(ස)
ඉහලමට්ටමක ඉන්න නිසා උඩපනිනවා වැඩියි මේ අය කොහොමත්...(ස)
මම හිතන්නේ ඕවා එයාලගේම වැඩ..(ස)