කොළඹ නාරාහේන්පිට පාර්ක් වීදියේ නවතා තිබූ මෝටර් රථයකට හදිසියේම වීදි ලාම්පුවක කොටසක් කඩා වැටුණේය. පෞද්ගලික සමාගමක විධායකයකුගේ මෙම මෝටර් රථය, ‘ශාලික’ ක‍්‍රීඩාංගනය අසල නවතා සිය පුත‍්‍රයා සමඟ ඔහු රථයෙන් බසිනවාත් සමගම වීදි ලාම්පුව රථයේ වහලට කඩාවැටුණේ විශාල ශබ්දයක්ද නංවමිනි.
රථයට සිදුවූ අලාභහානිය ගැන රක්‍ෂණ සමාගමට දැනුම්දීමෙන් නොනැවතී රථයේ හිමිකරු නාරාහේන්පිට පොලිසියටද මේ ගැන පැමිණිලි කළේය. වහා පැමිණි පොලිස් නිලධාරීන් අනතුර වාර්තා කොට වීදි ලාම්පු කොටස ඔවුන්ගේ භාරයට ගෙන මෙහි වගකීම භාර ගත යුතු කොළඹ මහ නගර සභාව කැඳවීය. කොළඹ මහ නගර සභාවේ නඩත්තු අංශයේ නිලධාරියෙක් මෙම අනතුරේ වගකීම භාර ගත්තේය. එයට සමාව අයැදි සිටියේය. මහ මග ගමන් කරන මගියකු ගේ හිස මතට මෙම විදි ලාම්පු කොටස කඩා වැටුණේ නම් ජීවිත අනතුරක් අනිවාර්යයෙන්ම සිදුවීමට ඉඩ තිබූ බව පෞද්ගලික සමාගම් විධායකයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධන ආශ්චර්යයට මෙය එතරම් හොද මදි... (නි)
තානාපතිකමක් දෙන්න මේ නිලධාරියට. ඔහු ඊට ඉතාම සුදුසුයි (නි)
නගර සභාව මේකට ඉක්මන් පිළියම් අරගෙනලු. වීදි පහන් යට වාහන නැවැත්වීම තහනම් කියලා පුවරු සවිකරන්න යනවාලු. (විහිළුවක් හොදේ, හැබැයි අපේ රටේ අය කරන්නෙත් විහිළුම තමා නේද?) (නි)
ඔන්න දැන් පේනවා නේද විදුලි ගාස්තු ඉහළ යනකොට වීදි ලාම්පුවකටට් දරා ගන්න බැහැ කියලා. ඉතින් කොහොමද මේ මහජනතාව මේවා දරාගන්නේ? (නි)
ඕක තමයි කියන්නේ වෙන රටක නම් නඩුත් දාලා, හිරෙත් ඇරලා, වන්දිත් අරන්, නිලදාරින්ගේ රස්සත් නැති කරනවා මේ වගේ වැරදි වලට. අවාසනාවකට මේ "උතුම්"රටේ එහෙම වෙන්නේ නැහැ. ඒකට මොකෝ පුරාජේරුකාරයෝ හිතාගෙන නම් ඉන්නේ කේතුමතී පුරයක් කියලා. (නි)
වැරැද්ද පිලිගත්තු නිසා සමාව දෙන්න සර්. (නි)
අනතුරක් නොවුණේ ඒ මහත්තයාගෙයි පුතාගෙයි වාසනාවට මෙන්ම යහපත්කම නිසා. (නි)
මේකනේ ජීවන්, අපේ ජනතාව කිරුල එහෙම පැළදගෙන රජ පැටව් වගේ ඉන්නේ, සියල්ල දත් කියලා හිතාගෙන. ඒත් ලෝකේ වෙන දේවල් දන්නේ නැහැ. (නි)
මෝඩයෙක් වෙන්නේ නැතුව නගර සභාවෙන් වන්දියක් ගන්න බලන්න මහත්තයෝ. නැත්නම් ලගදීම ඉතුරු ටිකත් කාගේ හරි ඔලුවට කඩාගෙන වැටෙයි. (නි)
වැරැද්ද පිළිගත්තු එක හරිම වටිනවා. මොකද ලංකාවේ වැරැද්ද පිළිගන්න මිනිස්සු බොහොම අඩුයි (නි)
අනිවාර්යෙන් වන්දියක් ගන්න. (නි)
නගර සබාවට සතුටු ඇති. හේතුව, එම ලාම්පුව බිඳුනේ නැති නිසා නැවතත් සවිකරන්න පුලුවන්නේ (නි)
වාහනය වැරදි තැනක නැවැත්තුවා කියලා දඩ ගැහුවේ නැති එක පුදුමයි (නි)