ශ්රී ලංකාවේ වැඩිහිටි නිවාස හා මහළු නිවාස ඉවත් කළ යුතු යැයි දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පැවැසීය. මේ රට සහා සමාජය දියුණුයි කියල නායකයෝ කියනවා. හැබැයි අම්මල තාත්තල වයසට ගියාම ඒ අයට සලකනවා වෙනුවට මහළු නිවාසවල ගිහින් දමනවා නම් මේ සමාජය දියුණුයි කියනනේ කොහොමද? රටේ හැම නගරයකම මහළු නිවාස සහ වැඩහිටි නිවාස ඉදිකරනවා වෙනුවට වැඩි හිටියනට සලකන යහපත් සමාජයක් බිහිකළ යුතුයි. මාධ්‍යවේදීන් පිරිසක් දඹානේ දී හමුවූ අවස්ථාවේදී වැදි නායකයා මේ බව කීවේය. වැදි පරම්පරාවේ අයට නොයෙක් තහංචි දමනවා. අපේ පරම්පාරාවේ පැවත ආ හැටියට නිදහසේ දඩයමක් කරගෙන ජීවත්වීමේ අයිතිය අපට තියෙන්න ඕනෑ. ලෝකයේ අනෙක් ජාතීන්වගේම අපටත් ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළුවට ගන්න එපා අපිත් මේ අයගෙන් පැවතගෙන එන අයනේ..!(නු)
ලලිත් මහත්තයෝ.. අතුල මහත්තයෝ මහියංගනේ පොලිසියෙ පොත බලන්න.. එතකොට තේරෙයි වැදි බන කයන්නේ මොනවාද කියලා..!(නු)
ධනුෂ්ක ඔයා කියන කතාව තේරෙන්නේ සිද්ධිය දන්න අයට විතරයි.. හැමොම් ඔය කතාව දන්නෙ නැහැ.. ඒ නිසා ගැලරියෙන් ඔයාට හූවක් එන්න පුළුවං.. නමුත් ඔයා හරියටම හරි...!(නු)
ධනුෂ්ක ඔව් අපිට ඕක පරණ කතාවක් .. (අ)
අපි නොදන්න වන්නිය ඇත්තෝ (අ)
ධනුෂ්ක ශයා හරි..(නු)
වන්නිල ඇත්තන්ට වෙන අසාධාරණය ගැන අපි කණගාටු වෙමු.. නමුත් වන්නිලඇත්තෝ සතුන් දඩයම් කිරීම නැවැත්තුවානම් වැදි සමාජය ලංකාවෙ උසස්ම උත්තරීතර ජාතියක් වෙනවා..!(නු)
ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ..!(නු)
වන්නියලැත්තො මේ අහන්න,වැඩිහිටි නිවාස කියන්නෙ හිරගෙදරක් හෝ අපායක් නෙවෙයි.ඒවායෙ ඉන්නෙ වැඩිහිටි අය නිසා තමයි එවැනි තැන්වලට වැඩිහිටි නිවාස කියන්නෙ.එහෙම නැතිනම් තමන්ට ඕන නමක් දාගන්න පුළුවන්.එවනි තැන්වල මේ වැඩිහිටි අය නොමිලේ තියාගන්නෙ නැහැ.ඒ ආයථන වලට දහස් ගනන් ගෙවන්න ඕනෙ.කැලේ සතෙක් මරාගෙන කාල ඉන්නව වගේ නෙවෙයි,අද කාර්යබහුල බොහෝ අය ඉන්නව.ඒ අයට ඒ අය වෙනුවෙන් වත් යෙදෙන්න වෙලාවක් නැහැ.ඔවුන්ගෙ ගෙවල් වල උදේ හවස කවුරුවත් නෑ.අනිත් එක මේ දෙමව්පියනුත් උගත් අය.යම් යම් තැන්වල ඉහල රැකියා කරපු අය. ඒ අය කැමති නැහැ ගෙවල් වලට හිරවෙලා ඉන්න.එහෙම අය තමා ඔවැනි තැන්වල ඉන්නෙ.ඒ අය සතුටින් එවැනි තැන් වල ඉන්නව.අදහස් බෙදා ගන්නව.ගෙයි අස්සක ඒකාකාරි බවෙන් මිදිල හොඳින් ඉන්නව.ඒ නිසා වැඩි ආයුෂත් ගෙනියනව.ඔය අතර ඕක කනපිට පෙරලිච්චි අයත් ඉන්නව. ඒක නැහැයි කියන්නෙ නැහැ.ගෙවල් වල ඉඳගෙනත් අපාදුක් විඳින අයත් ඉන්නෙ.ඉතින් කොහොමද වැඩිහිටි නිවාස හොඳ නැහැයි කියන්නෙ.ලංකාවෙ ඔක්කොමල ඔයාලා වගේ ඉන්නවනම් වයසක දෙමව්පියෝ ගෙදර තියාගන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ.කවුද කැමති තම දෙමව්පියන් අහක දාන්න.ඒ නිසා ඔය උපදෙස් නම් මේ සමාජයට වැදගත් වෙන්නෙ නැහැ.අනිත් එක තමා ඔයාලාට කියල වෙනම නීතියක් රටේ හදන්න බැහැ.කැලේ ඉන්න සත්තු මරන්න දෙන්න බැහැ.ඕනෙ නම් සත්තු ඇතිකරගෙන මරාගෙන කන්න පුලුවන්.වැදි ජනතාව කියන්නෙ ආදිවාසි ජනකොටසක් නෙවෙයි.ආදිවාසි ජනකොටස තමයි සිංහලයො කියන්නෙ.මොකද සිංහලයො එදා ඉඳලම පැවතෙනව. වැදි ජනයා පැවතෙන්නෙ විජය කුමාරයගෙන් පසුවයි.ඕට්‍රේලියාවට ලංකාව පටලවගන්න එපා.(නු)
අපේ වන්නිලාඇත්තන්ට ගිය කළ.. මෙච්චරකල් කොහෙද හිටියෙ.?(නු)
ධනුෂ්ක මොකද මේ තරම් වන්නිලඇත්තො එක්ක තරහා.. (නු)
වැද්දන්ගේ බණ අහනවා කියන්නේ ඕකට තමයි.. ඕක එයා කියන්න දෙයක් නෙවෙයින්.. අපි හැමෝම දන්න පරිදි ළමයින් වගේම වැඩිහිටියෙ කියන්නෙත් අපේ සම්පතක්.. එයාලව අපි රැක ගත යුතුයි.. මොකද අතීතයක් නැති මනුෂ්වයාට අනාගතයක් නැති නිසා..!(නු)
වන්නිලා ඇත්තන්ට රුලේ විධායක බලය තිබුණට රටේ අනිත් මහළු මිනිසුන්ට එහෙම බලයක් නැහැනේ..!(නු)
දඩයම් කරන්නනම් දෙන්න බෑ වන්නිලැත්තො. දැන් කැලේ සත්තු ටිකයි ඉන්නෙ. (නු)
මොකාටද මෙයා එන්න හදන්නෙ ? (නු)
ධනුෂ්ක ඔළුව අතගාල බලන්න. අං ඇවිල්ලද කියලා. කියල තියන දේ තේරුම් ගන්න. වැදි නායකයා වුණත් ඔහු කියන දේ ඇත්ත. මොකද අද අපේ කොල්ලො ගෑනු ගෙනාවාහම. අම්මා තාත්තා අමතක වෙනවා. ඔක්කෝම ගැනී කියන විදියට නෑ.හැබැයි ඒ අයත් වයසට යනවා කියල දන්නේ නෑ. දැන ගන්න කොට සියල්ල සිදු වී හමාරයි. (අ)
වන්නියලෑ ඇත්තෝ අපිට අවවාද පොජ්ජක් දීලා, පාර්ලිමේන්තු පොජ්ජට මංගච්චලා, බින්න දෙසා බාන අපේ මන්තිරි ඇත්තන්ගේ සිත් පොජ්ජවල් හෝන්දු මාන්දු කරන්න තනතන්න නාකයි. (නි)
ඔහු ඊළග මැතිවරණයට ඉදිරිපත් වුණොත් අපිට "දඩමස් පිරි රටක්" හිමි කරගන්න පුලුවන්. (නි)
කුමාර, මට මතක නැහැනේ. (නි)
කොහොමත් දියුණූ බුද්ධිමත් සමාජය ඉන්නේ වැදි සමාජයට පිටුපසින් තමයි. (නි)
කාර්යබහුල සමාජයකට මෙවැනි සුරැකුම් මධ්‍යස්ථාන අවශ්‍යයි. (නි)
අනුන්ට බණ කියන එක බොහොම පහසුයි. වන්නියලෑ ඇත්තොගේ ගම් පොජ්ජට වෙන්න යන වින්නැහිය ඒ හූරට පෙනෙන්නේ නැති පොජ්ජ හුදුයි. කොළඹත් සුද්දා කනවා. වනාන්තරෙත් සුද්දා කෙළසනවා. ඕවා වැදි බණ නෙවෙයි. ෆොරීන් බණ රීමික්ස් කරලා. (නි)
දැන් උඹල හිතනවද අර රංගේ බණ්ඩාරගේ ළමයින් ලොකු උනම ඒයාට සලකි කියල. වැඩිහිටි නිවාසයකට දන එක කොහම වෙතත් පයින් එකක් ගහල පාරට දමයි දරුවන්ට සලකන විදියට. (අ)
ආදි වාසි නායකයාගේ ප්‍රකාශය වැදගත්.(නදී)
වැද්දා අපිට වැඩිය ශීලා චාරයි.(නදී)
ඇත්ත තිත්තයි. (නි)
නියම නායකයෙක් (නි)
බොහොම බුද්ධිමත් අදහස් ඇති නායකයෙක් (නි)
ගෝමරීව ආදරෙන් මතක් කරා කියන්න (ස)
වන්නිලඇත්තෝ,අම්මල තාත්තල මහලු නිවාස වලට ගාල් කරලා,දරුවෝ දෙමව්පියෝ අදුරන්නේ නැති සමාජයක ප්‍රතිපල තමයි සීයල ,ලොකුතාත්තල දරු මුණුබුරෝ දුෂණය කරන්න තරම් පිරිහෙන්න එක හේතුවකුත් මොකද ? අපි දැන් අශ්චාර්යයේනේ ඉන්නේ (ස)
අපට වඩා වැදි ජනතාවගේ මොලයේ ක්‍රියාකාරිත්වය හොදයි කියලා මට හිතෙනවා ඇත්තටම..!(නු)
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීකමක් ලබාගන්න කැමතිද දන්නෙ නැහැ..!(නු)
ඇත්තෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න සමහර අයට වඩා වැඩි දැණුමක් මෙතුමට තිබෙන පාටයි..!(නු)
අපේ අයට වඩා වැදි සමාජයේ ඒවගේ ගතිගුණ ඇත්තෙන්ම තියෙනවා..!(නු)
සම්පූරන ඇත්ත.නිදහස, සමාජ සේවය,වැඩිහිටියන්ට සැලකීමමේ මිනිස්සු හොඳට දන්නවා. මහා ලොකු දියුණුව කියල මුදලින් මනින සමාජයක, කඩදාසි, ලෝහ වලට මේව දැනෙනවද? ඉතින් දියුණුයි කියන සමාජයත් ඒ ලෝහ, කඩදාසි වගේ තමයි...(නු)
මට පේන්නේ මෙයාටත් ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් තියෙනවා..!(නු)
මට පෙන්නේ මීළඟ මැතිවරණයේදී මෙයත් ඡන්දෙ ඉල්ලයි වගේ...(නු)
මේ රටේ පිළිගත් කිසිම කෙනෙක් අවධානය යොමු නොකළ ඉතාම වැදගත් දෙයක් ගැන මෙතුමා කරුණු දක්වා ඇත.. අපේ සමාජයේ අයට මීට වඩා අපේ මව්පියන් වැඩිහිටියන් ගේ උත්තරීතර බව ගැන පහදා දිය යුතුයි..!(නු)
මෙයාලට තේරෙන තරමව්වත් අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ...(නු)
කලිසම් අදින නෝනලා මහත්තයලට දැං තේරෙනවාද තමන්ලා දැං කොතනද ඉන්නෙ කියලා... ඔය ඇත්තට ආයු බෝ වේවා.. අසිරිමත් ශ්‍රී ලාංකිකයන්ට මේක පෙන්නලා දුන්නට..!(නු)
අපේ රටේ මහත්වරුන් කියන අයයි වැද්දෝ. මේ වැදි ඇත්තා සැබෑම මහත්මයෙක්. (නි)
ඔය ඇත්තෝ මන්ද කොරපු එක හොදා. අපේ ඇත්තන්ගේ මොළගෙඩි ඇතුළේ මොළය පොඩ්ඩක්වත් නැතුවා. (නි)
ඔයා හරියටම හරි (ස)
ඇත්තෙන්ම වැදිනායක ඌරුවරිගේ වන්නිල ඇත්තොන්ගේන් දියුණුයැයි සම්මත සමාජයට උගත යුතු පාඩමක්..!(නු)
මහජන සම්බන්ධීකම දෙන්න සුදුසුයි..!(නු)
බටහිර සංස්කෘතිය අපේ අය කරපින්නාගෙන ඉන්න තාක් කල් මේ දේවල් වෙනස් කරන එක ටිකක් අමාරුවෙයි කියලා මට හිතෙනවා වන්නිලඇත්තෝ..!(නු)
අම්මලාට තාත්තලාට මියයනතාක්ම සළකන්න දුවල පුතාලාගේ යුතුකමක්. එසේ නොකරන අය ඊළග ආත්මවලදි මව්පියන් නැතිව අසරණ විය යුතුයි..! මේ අයට වෙන කියන්න දෙයක් නැහැ.. වැදි නායකයාගේ කතාව දහස් වටී..!(නු)
ඇත්තටම වැද්දෝ ඉන්නේ කැලේද? නගරෙද? (අ)
ආදිවාසීන්ට පාර්ලිමේන්තුවෙ ආසනයක් ව්‍යාවස්ථාව මගින් වෙන්කර දිය යුතුයි..!(නු)
සියැටල්ටත් වඩා අතීතයක් අපේ වැදි ජනතාවට තියෙනවා... ඒත් ඔවුන් කියන ඇත්ත තේරුම් ගන්න අපේ අයට බුද්ධිය නැති එක තමයි ගැටළුව. (අ)
ඌරුවරිගේ ඔබ තුමාට තියෙන හදවත මිනිස් වරිගේ කියාගන්න බොහෝ දෙනාට නැහැනේ (අ)
ඇත්තටම වන්නිල ඇත්තන්ගේ කතාව ඇත්තම ඇත්ත. උගත් යැයි සම්මත අපිට මේක හොද පාඩමක්. දෙමවුපියෝ අපිව බරක් කියලා අතෑරලා දානවද නෑනේ. එහෙව් දෙමව්පියන්ව මහළුමඩම් වලට ගිහිං දාන්නේ පව්කාර ළමයි. මේ කතාව අපේ වගකිවයුතු නිළධාරීන්ට ඇස ගැටේවා.!!! (අ)
වයසක දෙමාපිය හූරන්ට සළකන්නෙ නැති මදාවි ඇත්තොන්ට කෝටු පොච්චකින් පස්ස පොජ්ජ පුපුරන්න තලන්න ඕන...!(නු)
එතකොට සමහර වැදි නායකයෝ සුදු ජාතික කාන්තාවන් සමග පවුල් කෑම හරිද? (නු)
දැං බැලුවාම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන අය දඹානෙ.. දඹානෙ ඉන්න ඕන අය පාර්ලිමේන්තුවෙ..!(නු)
දැන් ඉතින් "දුසිරිත් දනන් දෙන ඔවා "මහතුන්" දෙසන බණ වැනි" කියා වෙනස් කළ යුතුයි (අ)
ධනුෂ්ක මහත්තයෝ මේතන තියෙන්නේ පවුල් කෑමේ කතාවක් නොවේ. කියල තියෙන්නේ මොකක්ද කියල හොඳ සිහි නුවණින් තේරුම් ගන්න. කාත් එක්ක පවුල් කෑවත් තමන් මෙලොව බිහි කරපු මවුපියන් අතරමං කරන්න එපා (අ)