
(නිමල කොඩිතුවක්කු)
වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කළ ඇල්ල ප්රදේශයේ ආපනශාලාවකට රුපියල් ලක්ෂ 10 දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම ආයතනය රුපියල් 100/-ක මිලක් සඳහන් පානීය ජල බෝතලයක් රු.200/-කට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම දඩ මුදල නියම කර ඇති බව එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්රකාශ කළේය.
අදාළ නඩුව 2026 සැප්තැම්බර් 23 දින බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කරන ලදී.
මෙවැනි අක්රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකිණිය යුතු උපරිම සිල්ලර මිල සඳහන් කරලා තියෙන්නේ වෙළෙන්දාටත් ලාභයක් ලැබෙන විදියටයි. අධික තණ්හාව විනාශයට සහ කඩා වැටීමට හේතුවක්. දැන් ගෙවපංකෝ ලක්ෂ 10ක්.