
(යොහාන් භාසුර)
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ද සමග රෙහාන් ජයවික්‍රම හා තවත්ම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ කොටුව ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන ආණ්ඩුව ලොවටම ප්‍රදර්ශණය කර ඇත්තේ ජනතා හඬට මුහුණදීගත නොහැකිව පළකරමින් තිබෙන භීතියේ තරම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින්නන් කෙරෙහි ආණ්ඩුව දක්වමින් සිටින වෛරයේ ප්‍රමාණය ද ඒ තුළින් මැනවින් ප්‍රදර්ශනය කරන බවත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහසට දක්වන අකමැත්ත ද ඉන් ප්‍රදර්ශනය කරන බව එම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එම සිදුවීම තරයේ හෙළා දකින බවත් ජනතාව මුහුණ දී සිටින දැවැන්ත පීඩනය හමුවේ නිහඩව නොසිටින බව රජය තේරුම්ගත යුතු බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා ගියොත් රනිල් ඉබේම ජනාධීපති... හිරුණිකා ඒක කරගන්නයි හදන්නේ...!
ජනතා හඩට විතරක් නම් මොකද.. අඩු ගානෙ ගෑනියෙකුට මුහුන දෙන්න වත් ශක්තියක් නැහැ.. පඹයෙක් කියන්නෙ නිකන් ද.
හිරුණිකා..... ඔබ ප්‍රමාණය ඉක්මවා යන්න එපා.... පේනවා නේද ජපානයේ සිදුවීම... කවුද හිතුවෙ!
කුණුගොඩට විසි වුණු කරුවල ජයසූරිය හිතනවද දන්නේ නෑ අරගල් කරුවන් කියන්නේ උන්දැට කියලා....
උඹලගෙ වියාපාර ඔක්කොම ත්‍රස්තවදී කන්ඩායම් වල නැත්නම් NGO කාරයන් ගෙ අතකොලු. උඹල ට අැහුන් කන් දෙන්න රජයන් පිහිටුවන්නෙ නැහැ. ජනතාවට අැහුන් කන් දෙන්න හින්ඩ තමයි මෙ ගොඩගන්න හදන්නෙ. ගොඩ ගන්න දෙන්නෙ නැත්තෙ උම්බල. උඹල තමයි ජනතා දෝරොරහියො. LTTE එක අාවනම් තොපිලට හරි හොන්ඩයි නේද.
එක් කාලයක සාධාරණ සමාජයක් හදපු හැටි අපි දැක්කා. යහපාලනය, සාධාරණ සමාජය, ප්‍රජාතන්ත්‍රවාදය උලුප්පන අය ලඟම තමයි ඒවා පොඩ්ඩක්වත් නැත්තේ. කිරිකලයට, ගොම දාන්නේ නැතුව හිටියා නම් තමයි වඩාත් හොඳ...!
මෙවැනි මුග්ධ ප්‍රකාශ මඟින් පෙන්වන්නේ සාධාරණ සමාජයේ තරමය. "ජනාධිපති කාර්යාලය ඇතුළට ගියා නම් මට ජනාධිපති බෙල්ලෙන් අල්ලා එළියට දැමීමට තිබුණා" වැනි අර්ථ දැක්වෙන ප්‍රකාශ කරන අයකු නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීම ගැන කිඹුල් කඳුලු හෙලන මේ අමුතු සාධාරණ සමාජය මාදුළුවාවේ හිමියන්ටද නිග්‍රහයකි.