IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වෘත්තීය සමිති දඩයම් හොයන්න නීතිඥ කණ්ඩායම්


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනය  නියෝජනය කරන වෘත්තිය සමිතිවල නායකයන්ට හා සාමාජිකයන්ට සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට වෙනම නීතිඥ කණ්ඩායමක් පත්  කිරීමට එම සම්මේලනය  තීරණය කර ඇත.

මේ තීරණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීමේදීය. මෙම රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය 23 වැනිදා පැවැත්විණ.

එසේම තම වෘත්තිය සමිති නිලධාරීන්ට මුහුණ දීමට සිදුවන අභියෝග වලදී ඉදිරිපත්ව නීතියේ ආවරණ ලබාදිය යුතු යැයි  මෙහිදී ඒකමතිකව තීරණය කෙරුණු බව  ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මැල් මහතා පැවසීය.

වර්තමාන රජය විවිධාකාරයෙන්  රාජ්‍ය සේවකයින්ගෙන් මෙන්ම වෘත්තීය සමිති නායකයින්ගෙන්  දේශපාලන   පළිගැනීම් කිරීම  සම්බන්ධයෙන්  මෙහිදී දීර්ඝව සාකච්ඡා  කෙරිණ.

එහි දී ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ  වෘත්තීය සමිති නායකයන් මෙන්ම  ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු දැනටමත්  වැඩ තහනමට ලක්කර ඇති බවයි.

දේශපාලනික වශයෙන් විරුද්ධ මත දරණ වෘත්තීය සමිති නායකයන් සම්බන්ධයෙන් රජය දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම හෙලා දකින බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මැල් මහතා පැවසුවේ මෙම දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කළ යුතු බවයි.

වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම සම්බන්ධයෙන් පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන්ට කරන බලපෑම් සම්බන්ධයෙන්ද තොරතුරු රැස් කළ යුතු බව ඔහු සඳහන් කළේය. කණ්ඩායමක් ලෙස සාමූහිකව මුහුණ දීමෙන්  දේශපාලනමය බලපෑම් අවම කර ගැනීමට සහ වෘත්තීය සමිති රැක ගැනීමට මෙන්ම සාමජිකත්වයේ ආරක්ෂාව සහතික කර ගැනීමට අවස්ථාව ලැබෙන බවටද    මෙහිදී සාකච්ඡා  කෙරිණ

තැපැල්, දුම්රිය, ගුවන් හමුදා සහ නගර සභා යනාදී ක්ෂේත්‍රයන්හි වෘත්තීය සංගම්වල  නියෝජිතයෝද   ප්‍රශ්න ගැටලු  අදහස් සහ යෝජනා මෙහිදී ඉදිරිපත් කළහ.


 



අදහස් (2)

වෘත්තීය සමිති දඩයම් හොයන්න නීතිඥ කණ්ඩායම්

බකල ජයා Monday, 28 July 2025 04:47 PM

තර්ජන තියෙන අයට රත්තරං පාට ආයුධ දුන්නොත් ආරක්ෂාවට හොඳයි.

:       1       9

ජිල්බු Monday, 28 July 2025 06:15 PM

ගුවන් හමුදාවේ වෘත්තිය සමිතියක සාමාජිකත්වය ලැබූ අය මෙතැන කොටත්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 538 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site