(නිමල කොඩිතුවක්කු)
තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් එම නිර්දේශ මත තෙල් අර්බුදයකට විසදුම් නොලැබෙන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා අද (17) පැවසීය.
වත්මන් රජය තෙල් අර්බුදයට කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඕනෑම අවස්ථාවක රට තුළ යළි තෙල් හිඟයක් ඇති විය හැකි බවද ඒ මහතා කීවේය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව බොරුල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් යැපිලා මහජනයාටම කෙලවෙනකම් බලන් ඉන්න මේවගෙ රජයේ සේවකයෝ රටටම බරක්. මේ වගේ ආයතන විකුණනකම් අපි ආශාවෙන් බලන් ඉන්නවා.
හැම එකටම රජය... එතකොට මේ ආයතන වල වැඩ කරන අය මොනවද කරන්නේ?
ත්‍රි‘ මලේ තෙල් ටැංකි 10ක් වත් සංස්ථාවට දෙන්න කියලා නේද ඉල්ලන්නේ? එ්ක දුන්නොත් ගොඩක් කාලෙකට සරිලන තෙල් ගබඩා කරන්න පුළුවන්. ඒවත් ඉන්දියන් සමාගමට දෙනවට විරුද්ධව නේද සංස්ථා සේවකයෝ ස්ට්‍රයික් කලේ? දැන් සංස්ථාවටම දොස් කියනවා. වැටත්, නියරත් ගොයම් කනවා වගේ වැඩක්.
පොඩි තැනින්නේ වතුර ගලා බසින්නේ ! පසුගිය ප්‍රශ්ණ වලට හේතුව ඇමැතිතුමාව දැනුවත් කළේ නැති නිසාලු ! දැනුමක් නොමැති ඇමැති කෙනෙක් යන්නයි. එයින් හැඟෙන්නේ! මේවා මහජනතාවට හොඳ පාඩම්!