(යොහාන් භාසුර)
මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් රට හැර යන සහ රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 41 ක් වෘත්තිකයන් හෝ නිපුනා සහිත පුද්ගලයන් බව විදේශගත වන ශ්‍රී ලාංකියන් පිළිබඳව වාර්තාවකින් හෙළිවී තිබේ.
විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් 2023 වසරේ මසකට විදේශගත වූ සංඛ්‍යාව 25,000 ක් වැනි වැඩි ඉහළ අගයක පැවැති බවත් එම වාර්තාව සඳහන් කරයි.
ඒ අනුව වසරකට ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ තුනක් පමණ රට හැර යමින් හෝ රැකියා සඳහා හෝ විදේශගත වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි දේශපාලකයන්ගේ එකම දක්ෂතාවය. උගතුන්ට එපාවන විදිහට වැඩ කළාම දේශපාලකයන්ගේ පැවැත්මට සුබයි. උගතුන් හට දේශපාලුවා කියන දේ වටහා ගැනීමට පහසුයි. නොහොත් දේශපාලකයන්ගේ පැවැත්මට අසුබයි.
අපි කලින් කීවා ලංකාව හොඳ නෑ කියලා, ලංකාවෙන් යන වෘත්තිකයින් නැවත වසර 05 ක් ඇතුළත ලංකාවට එනවා කියලා. අපේ වාක්‍ය බොරු කරමින්, වසර 05 ක් නෙමෙයි, වසරක් යන්නත් මතතෙන් ලංකාවෙන් ගියපු වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ නැවත ලංකාවට එනවා. තවද ජර්මන්, ඇමරිකා, කැනඩා ගියපු ලංකා වෛද්‍යවරු ඒ රටේ රෙස්ටුරන්ට්වල ජොබ් කරමින්, ගිය ලැජ්ජාවට ඉන්නවා. ගොඩක් අය ගිහින් තියෙන්නේ, ලංකාවේ දේපල විකුණලා. දැන් ඉතින් එයාලාට බඩුම තමයි.
රෝහල් පාලනයත් සුළු සේවකයින්ට ගිය රටක වෘත්තිකයෝ මොනවා කරන්නද කියලා හිතනවා ඇති...!