තම ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් බවත් වතුකරයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තම දේශපාලන ජිවිතයේ ඉදිරි වසර පහ කැපවී කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කොට පළමු ස්ථානය හිමිකරගත් කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන් මහතා කීවේය.
වතුකරයේ ජනතාවට තම නොමඳ ස්තූතිය පළ කර සිටින බවත් වතුකරයේ ජනතාව ලයින් කාමර ජිවිතයෙන් මුදවා ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න ඕනේ කවුරු කවුරුත් එකතුවෙලා.(ම)
මේ මහත්තයා කියන දෙය තේරුම්ගන්න පුලුවන් නම් ඔහු බුද්ධිමතෙක් බව පැහැදිලියි. බොහොම අර්ථවත් දෙයක් ගැබ්වෙලා තිබෙනවා. අපිට අවශ්‍ය ඉදිරියට යා හැකි, හොද පෞරුෂත්වයක් ඇතුව කතාකළ හැකි, බය නැති නායකයෙක් (නි)
අපි බලමු දැන් ඔයාලගේ වැඩ ගැන. අපි දන්නා කලින් හිටි අයත් ඔහොම තමයි කිවුවේ. දුප්පත් ජනතාව මුළාකරන්න නම් එපා (නි)
තමන්ගේ ජාතිය ගැන පමණක් නොසිතන මෙවැනි උතුම් මිනිසුන්ට ජයවේවා! (නි)