(මනෝප්රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් සිය වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් සජින් වාස් ගුණවර්ධන හිටපු ඇමැතිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය රුපියල් දහසක දඩයක් නියම කළාය.
2011 මාර්තු සිට 2012 පෙබරවාරි දක්වා වත්කම් හෙළි කළ යුතු පුද්ගලයකු ලෙස සිටිමින් සිය වත්කම් හෙළි නොකිරීමෙන් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ.. ඔච්චර ලොකු දඩයක් ගහලා ඔය මනුස්සයාගේ ජීවිතේ ඉතිරි හරිය කොහොම ගෙවා ගන්ටද මන්දා !!
මෙහෙමත් වැඩ කරනවනේ, මොන අපරාදයක්ද, රුපියල් දාහක් කියන්නේ මෙයාට දරන්නද පුළුවන් දඩයක්ද, අනේ අපේ නීතිය. මේවා ඉතින් කට කියන්නද අප්පේ?
මොන විහිළුද මේවා
දඩය 1000 නෙමෙයි ලක්ෂ 100 වුනත් මෙයාට එක රුපියල් 500 වගේ . මේ නඩුවෙන් හින්ද සාමාන්‍ය මිනිසුන්ට තියෙන අයිතිවාසිකම් මෙයගෙන් අඩු වෙන්නයි ඕන. උදාහරණ ලෙස ඡන්ද ඉල්ලීම අයිතිය,ඉදිරියට මුල්‍ය කටයුතු කිරීම නිදහස සීමා කිරීම වැනි.
අනේ ගාන වැඩි නැද්ද? දැන් ඔය ගාන හොයාගන්න ඔය මනුස්සයට මහපාරේ හිඟා කන්න වෙයි...
මේක නීතිගරුක රටක්ද?උදේ සවස සතර දෙසින්ම ඇසෙන්නෙ අපේ රටේ මිනිසුන්ට හැදෙන්න බණ අවවාද. අනුශාසනා.එහෙත් මේ වගෙ නීතිය බල්ලට ගිය රටක්.රුපියල් දාහක් දඩ ගෙවාගන්න බැරි එකා ඇපත් නැතුව අවුරුදු.ගනන් හිරේ තපිද්දි හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් යන මුන්ට දඩය දාහයි නොදකින්.
හරි ෂොක් අපිත් දැනගන්න ඕන කොච්චරද සංගපු වත්කම දැන් මේවගේ නඩු තියන අනිත් හැමෝම දන්නවා උපරිම දඩය 1000 තම කියල අවුලක් නැහැ ඔහොම යන්....
කාලය, වියදම්, සේවා ආදිය ගොණුකළ නඩුව අසා දඩය රු.1000 නම් ඔහු නිවැරදියි...
හොරකම් නො "කල" නිසා වැටුනා නඩු මගට.. සිටියා මහගෙදර සතුටින් දින ගණනකට.. " දාහෙන් " ගොඩ ආවෙමි ලොව දිනු ලෙසට.. එබැවින් කරමි ඇතිතරම් හොරකම් ඉදිරියට..
අනේ සජිත් මල්ලියේ මේ මොකද උනේ.... හරිම දුකයි මල්ලියේ උණු දේ ඔබට........
මෙම චෝදනාව සම්බන්ධයෙන් වියදම් වූ රජයේ වියදම පියවා ගන්නේ මහජන බදු වලින්ද . දේශපාලන මඩගැසීම් සඳහා සුළු සුළු අඩුපාඩු විශාලකොට පෙන්වා විශාල අපරාධ වහගන්නවා . "කන්දක් විලිලා මී පැටියෙක් වදනව" කියල පැරැන්නෝ කීවේ මේවට තමයි .
අපරාදේ 1000 ගැහුවේ රුපියල් 10 ක් ගහන්න තිබ්බේ ..............
ඇත්තටම මේක විහිළුවක්. මේ විහිලු වලට හැමදාම මහජනතාව ඉඩ දෙනවද. නීතිය ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය මේවට මොනවද කියන්නේ. පොල්ගෙඩි අටක් හොරකන් කරපු අසරණ ළමයට ක්‍රියාත්මක වෙච්ච නීතිය මේ වගේ අයට නැද්ද. බලන් ගියහම රන්ජන් රාමනායක කියන එකත් ඇත්ත වෙන්නැති. අධිකරණය දූෂිතයි කියන එක. නැත්නම් මේ අඩුපාඩු ගැන හොඳටම දන්න අධිකරණයට සම්බන්ද අය මේ පිළිබඳව අදාළ අංශ සමග නිවැරදිව කටයුතු නොකරන්නේ අයි.
ඔය කරලා තියෙන 'අපරාධයට' දුන්න ' පබිලිසිටියේ ' හැටියට අපිනම් හිතුවේ අවුරුදු විස්සකටවත් සිරදඬුවම් ලැබෙයි කියල . මේ වගේ සිද්ධීන්ට නඩු පවරද්දී ලබාගන්න පුළුවන් දඩ මුදල සහ නඩු වියදම් ගැනවත් බලන්නේ නැතිද ? අඩුම ගන්නේ වැරදිකරුගෙන් නඩු වියදම් වත් අය කරගැනීමක් නැතිද ? මහජන මුදල් වලින් විරුද්දවාදීන්ට මඩ ගහපුවාම රට නය බරින් ගොඩ යයිද ?
ශ්‍රිලංකාවේ නීතිය කරන ඇයට රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කියපු දේ කොච්චර ඇත්තද.අනිවාර්යෙන් ලංකාවට විදේශීය නඩුකාර වරුන් නීති මහත්වරු ගෙන්වන්න වෙනවා.බලන්න දැන් එක හොරෙක් වත් ජනතාවගේ සල්ලි හොරා කාපු ඇතුලට දැම්මද කියලා දුප්පත් මිනිහෙක් පොඩි වරදක් කලොත් එවෙලේම උසාවි දාලා එවෙලේම හිරේට දානවා
මේ චෝදනා ගැන පරීක්ෂණ සහ නඩු කටයුත්ත සඳහා රජයට මහජන මුදල් ලක්ෂ ගණනක් වියදම් වෙන්න ඇති. දේශපාලන පලි ගැනීම් නිසා වියදම් වෙන්නෙත් මහජන මුදල්. එ්කයි දුක. විමල්ට රුපියල් 100ක් ගහයි.
අපි මේ මග බලාගෙන ඉන්නේ රුපියල් 1000 ට සමාදම් හොයන්න පෙරහරක්වත් මෙ පැත්තට එවිදවත් කියාලා!
ප්රජාතන්ත්රවාදී බෝඩ් එක හරහා හොරුන් විසින් යටත්කර ගෙන ඇති රටක අප ජීවත්වෙන බව ජනතාවට තේරුම් ගැනීමට හොඳ පණිවුඩයකි.
නීතිය ගැන මෙතන කතා කරන අය මොනතරම් නොදැනුවත්ද? මෙතන අවුල තියෙන්නේ වරදකරු ට නියම කල දඬුවම සම්බන්ධයෙන්. පළමුකොට මොහු වරදකරුවෙක් වීම ලොකු දෙයක්. දැන් මේ දඬුවම වැඩි කරන වගකීම පාර්ලිමේන්තුව සතුයි. භය නැතුව මේ ආණ්ඩුවට සංශෝධන ගේන්න පුලුවන් ඕනෑ නම්.
වත්කම් හා බැරකම් හෙළි නොකරන්නේ.... හෙළි කරන්න බැරි අයථා ලෙසට උපයපු ඒවා තියෙන නිසයි කියලා නීතියට තේරෙන්නේ නැත්තේ ඇයි? අනික මේ වගේ වත්කම් හා බැරකම් හෙළි නොකර හිටියේ කවදාවත් එයාලගේ රජය පෙරලෙයි කියලා හීනෙකින් වත් නොහිතපු නිසයි. මෙලෙසම වත්කම් හා බැරකම් හෙළි නොකරපු දේශපාළුවන් සහ රජයේ නිලධාරීන් සෑහෙන සිටිනවා. ලක්ෂයක් වෙනකම් වත් වැඩි කලොත් රජයට සල්ලි ටිකක්වත් හොයාගන්න පුළුවන්. එහෙම නැතුව මේ වගේ නඩු ගොනු කරලා උසාවි වල කල් මර මරා අහලා අන්තිමට රු.1000 ක් දඩ ගහනවයි කියන්නේ හෙනගහන අපරාධයක්. මොකද නඩු අහන්න ගොනු කරන්න යන්නෙත් මහජන මුදල්. රන් හා වටිනා කාලය. වෙන ඉඩම් නඩුවක් විසඳන්න යන කාලය සහ සම්පත්.
මෙම පරීක්ෂණ සඳහාත්, අධිකරණ කටයුතු සඳහාත් වියදම කීයද?
මොකක්ද මේ මිලියන දාහක්ද?
මෙයා ඒ කාලේ නම් හිටියේ ලංකාවම එයාගේ තාත්තගේ වගේ..
මොන පවක්ද මෙහෙම නඩු තීන්දු දෙන එක.. නීතිය අන්ධවෙලාද? නීතිය එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද එක නඩු තීන්දුවක් හරියට දුන්නොත් අඩුමගානේ ඊළඟ නඩු තීන්දු යටතේ අනික් අයටත් අද දවසට ගැලපෙන වන්දි නියම කළ හැකියි. හැබැයි කොන්ද පණ ඇති නඩුකාරවරු ඉන්න ඕනෑ... රන්ජන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්න ඕනේ...
සමහර තැන් වලදී අහනවා "ඔබ උසාවියක් මගින් වැරදිකරුවෙක් වී තිබේද?" කියලා. මෙරට වගේම පිටරට. එතකොට තමයි මේවා වැදගත් වෙන්නේ. දඩ මුදල නෙවෙයි.
කිසිවක් නොකියා කදුළු සලමින් ලක් මාතාව දෙස බලා සිටිමි...
ලාබයි, ලාබයි, ලාබෙට ලාබයි !!! මේක නම් රටේ මුළු මහා ජනතාවටම කරපු සමච්චලයක්...
මේ අසරණයාගේ "අති විශාල" දඩය ගෙවීම සඳහා කවුරු කවුරුත් ලඟම තිබෙන පේව්මන්ට් එකේ ලේන්සුවක් එලාගෙන පින්වතුන් දෙන කාසි එකතුකර යැවීමට කටයුතු යොදමු. ඒ අතරම මේ මනුස්සයා තරම් වාසනාවන්තයෙක් මේ මිහිපිට නැත !!!
අසූ ගණන් වල ඇසූ ව්‍යාජ හාල් පොත් නඩුව මතක් වෙනවා. විජය කුමාරණතුංග මාස ගණනක් හිරේ හිටියා. අන්තිමට රුපියල් 250/= ක් දඩ ගැහුවා. දැනුත් රට යන්නේ එදා ගිය විදියටමයි. අන්තිම ප්‍රතිඵලයත් ඒ විදියටම තියෙයි.
ලාබයි.... ලාබයි !!! මේ උත්සව සමයේ දඩ මුදල් සේල් දැන් පැවැත්වෙනවා !!!
1000/=ක්ම දඩ ගහලාද පව් අහිංසක මනුස්සයා. කොහොම දඩය ගෙවයිද දන්නේ නැහැ. මොකක්හරි අරමුදලක්වත් පිහිටුවන්න වේවි.
මම එතන හිටියා නම් හොඳ වැඩක් කරනවා...
ළමයිනේ, මෙතන දඩ මුදලේ වටිනාකම කොපමණ වුවත්, නඩු තීන්දුවෙන් මොහු වැරදිකරු වී ඇත.
ඕනෑම සමාජයක වරප්‍රසාද ලත් පන්තියක් ඉන්නවා. මෙය කොමියුනිස්ට් කියාගත් රටවල පවා ක්‍රියාත්මක වුණා. නිර්ධන පන්තිකයින් ධනවාදයට විරුද්ධව කැරලි ගසනවා වෙනුවට ධනවාදයට මුක්කු ගසා දැවැන්තයින් සොරකම් කරන මුදලින් සොච්චමක් හෝ ලබා ගන්න අරගලයකට ලෝකය ක්‍රමයෙන් හැරවුනා. සචින් කියන්නේ එවැනි ලෝකයක අබ ඇටයක් පමණයි. පොහොසතුන්ට වාසි වෙන අන්දමින් දඩ මුදල් නියම කිරීමේ වෙනසක් සුද්දගේ කාලයේ සිටම මේ දක්වාත් නොවෙනස්ව පැවතියේ පොහොසතා හැම කලකම බලවතාව සිටි නිසයි.
අපේ කට්ටිය දඩ මුදල හොයාදෙන්න පිණ්ඩපාතේ වඩින්න පෝලිමේ...!