මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුහු සිය ගුරුවරුන්ට ගෞරව දැක්විමට පාසල් නිල ඇඳුමෙන් සැරසි පන්ති වලට ආහ. තරුණයෝ ද වයස අවුරුදු පනහ ඉක්මවූවෝ ද නිල ඇඳුමෙන් පන්තියට ආහ. ගුරුවරු ද එහි අවුත් පන්තියේදි සිදුවන සියඵ කටයුතු කළහ.
.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ වැරදියට වටහා ගන්න දෙයක් නෑ. පාසල් ඇදුම තමාට රිසි පරිදියි. ගොඩක් අය සුදු කමිස සමඟ දිග කලිසම් ඇදගෙනයි පැමිණියේ. එයාලට විදගන්න පුලුවන් විදියට විදගත්තෙ. '' සුලගේ ලෙළෙනා මල් සේ දඟ පා අප පාසල් ගිය කාලයේ...'' ඒක මෙහෙම වෙනස් වුනා ඊයේ! '' යාලුවො එහි ඇත, ගුරුදෙව් එහි ඇත.. ඊයේ වු වෙනසක අරුමේ!!! '' .(ස)
"මේක මෝඩ සතුටක් " කියල කොමෙන්ට් කරපුඔක්කොටම කියන්න තියෙන්නේ.... ඉස්කෝලේ ගියාට එක හදවතින් ගිහින් නෑ කියන එකයි.. ඔක්කොම ඉස්කෝලෙකට ආදරේ නැති පුද්ගලික පන්ති ගිහින් විභාගේ පාස් වෙලා ඉස්කෝලයක් කියල නාමයක්, ගුරුවරයෙක් ගේ මව් පිය හා සමාන පහස විඳපු නැති... පාසල් කාලේ කිසිම විදිහකට පාසල වෙනුවෙන් වැඩක් නොකරපු.. කිසිම සතුටක් ගත්තු නැති නිකමෝ ටිකක් කියලයි මට කියන්න තියෙන්නේ... (දී)
මටත් මගේ පාසල් කාලය මතක් වුණා! පංතියේදි ගුරුවරු ළමා කාලයේ හොද නරක කියාදුන් විදියටම වටිනා දෙයක් කියා දුන්නානම් ගොඩක් වටිනවා. කොහොම වුනත් 1 හා 3 වන ඡායාරූපයන් කොල පාට බෝතලයක් දාගෙන, මේස් එකක් දිගට එකක් කොටට ඉන්න මෝඩචූන් කෑලි හරි නෑ. .(ස)
විවේකයක් ලද විටදි අපි... දුව පැන ඇවිදිනවා.... තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා... කවුරු කොහොම කිව්වත් සොඳුරු පාසැල් අතීතය යලි සිහිපත් කරන්නට මා වාසනාවන්ත විය. .(ස)
අපි හැමෝම ආසයි ආයෙත් පාසල් ජීවිතේට යන්න, මොහොතකට හරි. ගුරුවරුන්ට ගරුකරන ගමන්ම එම අත්දැකීම ලැබෙනවා නම් කවුද අකමැති? මේක දිහා කුහක හිතින් බලන්නේ නැතිව හොඳ හිතකින් බැලුවොත් මෙය අගය කළ යුතු නව කටයුත්තකි. ඊළඟ ආදිශිෂ්‍ය හමුවත් මෙහෙම කරන්න. (නි)
මට හරි කණගාටුයි (අ)
තවත් වරක් මට පාසල් යන්ට ලැබුණොත් මාත් යනවා...(ස)
කොතරම් සුන්දරද? (නි)
තවත් වරක් පාසල් යන්න ලැබුණොත් කොපමණ අගනේද? (නි)
අනේ මටත් ආසයි ආයෙමත් ඉස්කෝලේ එක දවසක් හරි යන්න. මගේ ගුරුවරු මගේ යාළුවෝ එක්ක පැය කිහිපයක් සතුටින් ගතකරන්න තිබුණා නම් කියලා හිතෙනවා. තවමත් මගේ ළග උ/පෙළ කරපු කාලේ ඇදපු ගවුම් 02 ක් තියෙනවා. මේ කටයුත්තෙහි සංවිධායක මණ්ඩලයට බොහොම තුති . අපිව ආයෙත් සුන්දර අතීතයට රැගෙන ගියාට .(ස)
දරුවන් නැති නිවසක් කොතරම් පාළුද? (නි)
අපි සාමාන්‍ය පෙළ වෙනකල් කොට කලිසම් තමයි ඇන්දේ (නි)
මෙය වැරදියට වටහා ගත යුතු නැත. වේල්ස් කුමාර විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයට වසර සියයක් සැපිරීම නිමිත්තෙන් මෙන්ම පාසල් සංවර්ධනය වෙනුවෙන් මෙම විදුහලේ දැනට සිටින විදුහල්පතිවරයා විසින් සංවිධානය කරන ලද උදාර කටයුත්තකි. මෙය ආදී ශිෂ්‍යන්ට සිය පාසල් සාමය නැවත සිහිකර දීමට, සතුටක් ලබාදීමට සමත් විය. මෙම කර්තව්‍ය දෙස කුහක ලෙස නොසිතන්න..(ස)
මේකේ මෝඩ දෙයක් කියා කමෙන්ට් දාපු අය ගෑනනම් අපිට මාර දුකයි, මට හිතෙන්නේනම් ඉස්කොලයක් පෑත්තට ගිහින් නෑතිව ඈති. ඒකයි සුන්දර පරන ඒ කාලේ මතකයන් නෑත්තේ. මේ වගේ දෙයක් දෑක්කමත් අනික් පෑත්තටම කතාකරන්නේ එක්කෝ නූගත් කමට......නියම වෑඩක් මේක. අලුතෙන් ආව විදුහල්පති තුමාට අපේ ඉස්කෝලේ ආපහු එදා තිබුන තතවයට ගන්න හෑකිවේවායි කියල ප්‍රාර්තනා කරනවා. ආදිශිශය සංගම්වල ඉන්න හොරුන්ටයි, සංවර්ධන සමිතියේ හොරුන්ටයි අහු වෙන්නේ නෑතිව එයාලා විනාශ කල අපේ හෑමදෙයක්ම ගොඩගන්නට හෑකිවෙන්න කියලත් ප්‍රාර්තනා කරන්වා...(ස)
පරණ යාළුවොත් නැවත හමුවෙන්න ඇති (නි)
ඉතාමත් අගය කල යුතු වැඩක්. තමන් ඉගෙන ගත්ත පාසලට කලගුණ සැලකීම. .(ස)
අනිත් පාසල්වලටත් රැල්ල හමාගෙන යයි. .(ස)
නියම දවසක්.(නදී)
මේ වැඩේනම් නියම වැඩක් තමයි. අපි කොච්චර වයසට ගියත් අයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා (දී)
නියම වැඩක් (දී)
අය්යෝ සල්ලි. වෙනවිදිහකට උපහාරය කරලා ඔය රෙදි දුෂ්කර පළාතක නැති බැරි පාසල් සිසුන්ට දුන්න නම් කොච්චර හොඳ ද ? එහම නැත්නම් ඔය විදුහලේම අඩුපාඩු සකස් කලානම් හෝ ගුරු මණ්ඩලයට පොදුවේ අවශ්‍ය දෙයක් ලබා දුන්නම් ? අනික ඔය විදිහට උපන් රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයටත් උපහාර දක්වන්න අදහසක් ඒවිද ? (දී)
ඉස්කෝල කලේ මතක් වෙනවා (දී)
වැඩේ නම් නියමයි (දී)
මේ වැඩේ අනිත් පාසල් වලටත් ආදර්ශයක් (දී)
මම හිතුවේ නැහැ මේ පාසලෙන් මෙහෙම කට්ටියක් රටට දායාද කරලා ඇති කියලා. (නි)
මමත් ආසයි ආයෙත් පාසල් යන්න..!!
අනේ රටට ගිය කලක්..!!(නු)
ස්තූතියි විදුහල්පතිතුමනි. ඇස් වලට කදුලු ආවා. (නි)
කැම්බ්‍රියන් කෙනෙකු වීම ගැන ආඩම්බරයි..!! ඉතාම සතුටුදායක දිනයක් ගත කළා.. අපි මෙය සෑම වසරකම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා..!!(නු)
මට හිතාගන්න බැහැ ඇයි මේ විදියට මිනිසුන් අදහස් දක්වලා තියෙන්නේ කියලා.. මේ ඊරිසියාවටයි..? දැං සෑම පාසලකම වාගේ නැවත පාසලට අංගයක් පවත්වනවා..!! ඒක ඉතාම උතුම් අංගයක්..(නු)
වෙනසකට හොඳයි.. (ස)
මේකට විරුද්ධව අදහස් දක්වපු අය පාසල් ගිහිං තියෙන්නේ අකලටද? නැත්නම් විභාග පාස් වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න විතරක් වෙන්න ඇති.. අපි අවුරුදු ගානකට පස්සෙ පාසලට ගියේ හරිම ආසාවෙන්.. අනික මේ ඡායාරූප වලට වඩා ගොඩක් දෙයක් තිබුණා එතන. අනික අපි එකතුවුනේ අපේ පාසල හදන්න සල්ලි හොයාගන්න. පාසල් දවසක නම් ගුරුවරුන්ට වැටුප නිසා කියන්න පුළුවං.. නමුත් එදා නිවාඩු දවසේ එයාලා ආවෙ අපට තියෙන ආදරේට සහ පාසලට තියෙන ආදරේටයි.. මේක විහිළුවක් වගේ උනාට එතනට ආපු සියළු දෙනාට ඇහෙන් කදුලක් නැගුනා.. විදුහල්පති තුමනි අපි ඔබ සමගයි..!(නු)
වැරදි හොයන කට්ටිය වෙතයි. ඔයාලගේ පරණ ගුරුවරුන්ව ඔයාලා ගෙවල් වලට ගිහින් හම්බවෙනවද නිකමටවත්? මේ කාර්යබහුල ජීවිතයේ ගුරුවරුන්ට උපහාර දක්වන්න හොදම අවස්ථාවක්. නැවත අතීතයේ සොදුරු මතකයන් වෙත යන්න හොද අවස්ථාවක්. හොද වැඩක් කළහම කැපිල්ල එනවනේ, ඉතින් කමක් නැහැ. කුමරුවනි , පැහැදිලි අනාගතයක් පේනවා, පැහැදිලි දියුණුවක් පේනවා අපිට. ඔහොම යන්. (නි)
මටත් ආයේ යන්න තිබුණනම්...............(ස)
අනේ හරි ෂෝක්. මට හරි ආසයි. (නි)
මේ මොන කෝළමක්ද? (නි)
හරිම ආසයි. මටත් යන්න ඇත්නම්? (නි)
මේක ලස්සන වැඩක්, අනිත් පාසල් වලත් මෙහෙම කරානම් අපිටත් මොහොතකට හරි අතීතයට ගිහින් එන්න තිබුණා...(ස)
අනේ ඇත්තමයි මේක තමයි කාලෙකින් දැකපු ආසහිතෙන නිවුස් එකක්..අර කොට කලිසම් කට්ටිය තමයි නියම.ආපහු මටත් මෙහෙම යන්න තිබුණානම්....වේල්ස් කුමර හිතවතාණෙනි මෙය හොඳ ආදර්ශයක්.තර්ස්ටන් ආදි සිසුවෝ එක්ක එකතු වෙලා මේ වගේ දවසක් යොදා ගන්න ආසයි මටත් . .(ස)
මාත් ආදි ශිෂ්‍යයෙක්. දැක්කහම ආසයි. මට ඇස් වලට කදුලු ආවා. (නි)
මටත් යන්න තිබුණානම්? (නි)
ෂා... නියම වැඩ. (නි)
පිස්සුද? (නි)
පාසල් දිවිය ඉතා සොදුරු මතකයක්. හොද වැඩක් මේක. (නි)
වැඩේනම් අගය කරනවා! ඒත් මෙයාලගේ හැසිරීම නම් විකට ඇදුම් තරගයක වගේ!.(ස)
අලි බබලා, පිස්සු නැත්නම් හොඳයි.කෝලම් වල සීමාවක් තියෙන්න ඕන.ගුරුවරුන්ට ගෞරව කරන විදිය කලින් ඉගෙන ගෙන නැහැ වගේ. (ස)
මටත් මෙවන් සොදුරු අත්දැකීමක් විදගන්න වාසනාවක් තිබුණා නම්? (නි)
අතීතය හරි සුන්දරයි...(ස)
ආදර්ශමත් වැඩක්...(ස)
නියම විදියට තමන් ඉගෙන ගත් පාසලට ආදරය කරන ආදි සිසුවෝ පිරිසක්..(ස)
නියමයි. (නි)
නියමයි. අපිටත් යන්න හිතෙනවා. (නි)
හරි අපූරු අත්දැකීමක්. ගුරුවරුන්ට මොනවා හිතෙන්න ඇද්ද? (නි)
මෙහෙම ප්‍රදර්ශනයක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතයේදී අනුන්ට ගරුසරු ඇතුව, කරදරයක් නැතුව ජීවත් වන්න බලන්න. ඒ හොඳටම ඇති. එතකොට තමන් ඉගෙන ගත්ත විදුහලට ඉබේම ගරු කිරීමක් කෙරෙනවා. (නි)
හොදයි. (නි)
මේ වැඩෙන්ම පෙනෙනවා මෙයාලට කොච්චර ගුරු ගෞරවයක් තියෙනවද කියලා.(නි)
තමන් දෙයක් ලබාගත් තැනට කෘතගුණ සැළකීම ආශ්චර්යයක්. (නි)
මොනවද මේ වැඩ? (නි)
විකාරයක් වගේ.වෙන උපහාර දක්වන්න ක්‍රමයක් තිබුණෙම නැද්ද ?.(ස)
පාසල් මාතාවට තමන්ගේ දරුවන් අවශ්‍ය වූ මොහොතක, ඇය වෙත පැමිණීම අපගේ යුතුකමකි. මෙම සොඳුරු මොහොතේ ඇයව දිරි ගැන්වීමට මාහටද වරමක් ලැබීම ගැන මාද ඉතාමත් සතුටු වෙමි..(ස)
නොදන්නා අය බොරුවට විවේඡනය කරන්න එපා (නි)
ලුම්බිණි , ඔයාට මේවගේ අවස්ථාවක් ලැබුණානම් නොයා ඉන්නේ නෑ නේද ..? රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ...! වේල්ස් කුමරෙක් වීම ගැන ආඩම්බරවෙමි ..! .(ස)
ලුම්බිනි වැදගත් විදියට වැදගත් අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි. හාස්‍යජනක සිදුවීමක්. රැල්ලක් විදියට පැතිරිලා ගිහින් අපහාස උපහාස මැද වාෂ්ප වී යයි. ළමයින් වැඩිහිටි චරිතත් වැඩිහිටියන් ළමා චරිතත් මවාපෑම සමාජ විකෘතීන්ම තමයි. කාන්තා පක්ෂය මෙවැනි දෙයක් කළා නම් පුරුෂ පක්ෂය දක්වන ප්‍රතිචාරය කුමක් වෙයිද? .(ස)
කවුරු කොහොම මෙම ක්‍රියාව විවේචනය කලත් මම ඊයේ දිනයේ විඳපු ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. වේල්ස් කුමරෙක් වීම ගැන ආඩම්බර වෙමි ..!.(ස)
බහු රෑ කොලම්..... !! .(ස)
මටත් මගේ පාසල් කලේ මතක් වුණා...(ස)