වසා දමා ඇති ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වහාම විවෘත කරන ලෙසත් එහි නව අධ්‍යක්ෂ එස්.එම්.එස්. සමරකෝන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (30) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.
විරෝධතාව හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්ද හටගෙන තිබුණු අතර පොලිස් කැරලි මර්දන කණ්ඩායම් හා ජල ප්‍රහාරක රථද එහි කැඳවා තිබුණි.
කොමිසමේ සභාපතිවරයා දුරකථනයෙන් අමතා විද්‍යායතනය මැයි 6 වැනිදා නැවත විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ එදින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේදී සිසුන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් පැවසීමෙන් පසු සිසුහු විසිර ගියහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ වෙද මහත්වරු කියන්නේ ඉතා ශික්ෂාකාමී, හික්මුණු, ජාතික ඇඳුමින් සැරසුණු වැදගත් අය. ඒත් අද නම් මේ ඉන්නේ වෙද මහත්වරු නෙමෙයි, රටේ වෙදාලා!ඒ කාලේ වෙද මහත්තයාගේ ගෙදර නැවතිලා බැලමෙහෙවර කරලා ඉගෙනගත් සාස්තරේට මේ පුද්ගලයන් නිගාදෙනවා (නි)