ලුණුගම්වෙහෙර මැණික් ඉල්ලම් මතු වූ පෙදෙසේ කතරගමින් රාජකාරියට යැවූ පොලිස් පිරිස අත තිබූ ටී 56 ගිනි අවි 8ක් අද ආපසු පොලිසියට යළි බාර දෙන ලෙස නියෝග කැර ඇත. එම ගිනි අවි එහි රැගෙන යෑම ගැන වහාම පරීක්ෂණයක් දකුණු පළාත් පොලිස්පති කාර්යාලය අරඹා ඇති බව දැන ගන්නට තිබේ. විශේෂ කාර්ය බළකායේ බව කියන පිරිසක් පෙරේදා රාත්‍රි කිහිපවතාවක් තම නිවෙස්වලට පැමිණ හිරිහැර කළැයි තම්මැන්නාව වැසියෝ කියති. තහනම් කලාපයක් කැර ඇති එහි වාහන යන එන බව ද මෙම තත්ත්වය නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව එහි වැසියෝ කියති. වෙඩි තැබීමක් සිදුව ඇති බවට පැතිර යන කට කථාවේ සත්‍යක් නැතැයි ද දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd