ඇමෙරිකා ඇපල් සමාගමේ අයි පෝන් 4 එස් නවතම එළිදැක්වීම වූ ජංගම දුරකථනයේ මතුපිට ආවරණය ඉවත් කැර ඒ වෙනුවට කැරට් 24 රත්තරනින් ආවරණයක් සාදා දියමන්ති 500 ක් ඔබ්බවා ලොව වටිනාම ජංගම දුරකථනය අලංකාර කළ එංගලන්ත ජාතික ස්ටුවර්ට් හියුස් එය ඕස්ට්‍රේලියා ව්‍යාපාරිකයකුට
රන් පවුම් හැට ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 100කට විකිණීය. දුරකථනය බහාලන කවරය සුදු රත්තරං හා සමාන එහෙත් ඊට වඩා වටිනා ප්ලැට්නම් හා ඩයිනෝසිරස් ඇට කැබැල්ලක් එක් කොට නිර්මාණය කැර ඇත. හියුස් විසින් ලොව වටිනාම දෙහි බීම බෝතලය ද නිපදවා තිබේ. දියමන්ති හා රත්තරනින් නිපදවූ බෝතලයේ වටිනාකම රන් පවුම් දෙකොටි හතළිස් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 400කට අධිකය. එහි ලේබලය නිල් දියමන්තියෙනි. ඔහු විසින් නිපැදැවුණු මාළු ටැංකිය රන් පවුම් ලක්ෂ පනහක් හෙවත් රුපියල් කෝටි 86කි. ඔහු දියමන්තියෙන් හා රනින් රූපවාහිනයක් ද නිපැදැවීය. එහි මිල රන් පවුම් කෝටි තුනකි. රුපියල් කෝටි 516කි. ස්ටුවර්ට් හියුස් ඇඳක් ද හදා ඇත. එහි මිල රන් පවුම් තුන්කෝටි හතළිස් ලක්ෂයකි. (රුපියල් කෝටි 585කි) එය ද රනින් නිමවා දියමන්ති ඔබ්බවා ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් සල්ලි තිබුනු පලියට මෙහෙමත් වැඩකට නැති වියදම් කරන්නේ ඇයි
ඇයි රත්තරන් ඔච්චර ගනන්
"ඇයි රත්තරන් ඔච්චර ගනන්" මලකඩ කන්නෑති නිසා රත්තරන්
අයි ත්ස්සට එපා වෙලාද?
අපේ අයටත් ඕන වෙයිද දන්නෙ නෑ
මේවා අපේ ඇමැති පුතුන්ට දැනගන්න තියන්න එපා
මුදලට රත්‍රන් නම් ගත හැකි, ඒත් මොළය?