හැටන් බෝක්කුවක් යටින් සොයාගෙන වටවල රෝහලට බාර දුන් දැරියගේ බාරකාරත්වය ඉල්ලා සියයකට වැඩි පිරිසක් රෝහලෙන් විමසීම් කර ඇත.
ඇයට අවශ්‍ය රෙදිපිළි හා කිරිපිටි වර්ග ද සැපයීමට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
මව සොයා ගත නොහැකි වූ බව පරිවාස නිලධරයෝ හැටන් මහේස්ත්‍රාත්ට කීහ.
මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේ දැරිය උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට බාර දෙන ලෙසයි.
ඉපදී දවසකට පසු අතහැර දැමූ මේ දැරිය මූලික ප්‍රතිකාර කිහිපයක් සදහා තවත් දින කිහිපයක් රෝහලේ සිටිය යුතු බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී අයේෂා ශ්‍යාමලී වෙත්තසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වටවල දැරිය හදාගන්න සීයක් පෝලිමේ
සිල්වා Wednesday, 03 April 2013 09:49 PM
බැදීම් වැඩි වෙන තරමට අසාවන් වැඩිය අසාවන් වැඩි වන තරමට මිනිසාගේ අද්යත්මය බිදී යනු ඇත (ත)
ජූඩ් Wednesday, 03 April 2013 04:01 PM
මේ වගේ වැඩක් කරන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද?අනේ අහිංසක කිරි සප්පයා. (නි)
දිලුක Wednesday, 03 April 2013 04:19 PM
මම මේ බබාට ආදරෙයි. මට බබාපා නැහැ.(නදී)
කුමාර Wednesday, 03 April 2013 04:19 PM
මේ කුඩා බිළිඳාව පෝෂණය කල මවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා... (ස)
දිලුක Wednesday, 03 April 2013 04:20 PM
ලස්සන බබා මට දෙන්න.(නදී)
ශාන්ති Wednesday, 03 April 2013 04:42 PM
මව සොයාගන්න. මේ වගේ මවිවරු නිසා අසරණ වෙන්නේ පුංචි දරුවෝ. මේවා ජාති ජාතිත් පඩිසන් දෙන වැඩ.(නදී)
වරුණ Wednesday, 03 April 2013 04:43 PM
දරුවෝ නැති අම්මාලා දරු සුරතල් බලන්න පෝලිමේ දරුවාගේ වාසනාව වෙන්නත් පුළුවන්.(නදී)
අමිල Wednesday, 03 April 2013 05:11 PM
මට දෙනවා නම් මමත් හදාගන්න ලෑස්තියි.(නදී)
සෙන්තිල් Thursday, 04 April 2013 02:09 PM
දිලුක,මම දෙන්නම් ඔයාට දරුවෙක්. මගේ ළඟ ඉන්නවා. (නි)
නාමල් Thursday, 04 April 2013 02:44 AM
පවු !!! (නි)
අමරවීර Thursday, 04 April 2013 03:14 AM
මොනවා වුණත් දරුවා මරන්නේ නැතුව මෙහෙම කරපු එක හොදයි. ඔය වගේ අම්මලාට මේ කියන්නේ... මිනිස්සු ඕනෑතරම් ඉන්නවා දරුවෝ නැතුව,පින් සිද්ද වෙනවා මෙහෙම කරපු එක. ලස්සන දරුවා... බුදුසරනයි දරුවට. මොනවා වුණත් අපේ රටේ දරුවෙක්. (නි)
මොහොමඩ් Wednesday, 03 April 2013 06:44 PM
අනේ ලොකු පිනක් (ත)
ඉස්ලාම් Wednesday, 03 April 2013 07:04 PM
ළමයාගේ අම්මාව සොයා ගත්තත් ළමයාව බාරදෙන්න එපා, මේ ආත්මෙයම දඬුවම් ලැබෙයි. මේ සුරතල් මුණ දකින කොට කොහොමද හිතෙන්නේ මේවගේ දාලා යන්න? මේවගේ සිද්දීන් ගොඩාක් ලංකාවේ වෙනවා....දෙවියනේ මේ මොනවද වෙන්නේ?.......(නදී)
අසෝක Thursday, 04 April 2013 08:37 AM
පව් කගේ උනත් දරුවෝ. (ස)
අනුර Wednesday, 03 April 2013 02:55 PM
මොනවා උනත් වසනාවන්ට දරුවෙක් (ස)
කසුන් සදරුවන් Thursday, 04 April 2013 08:54 AM
ළමා ආරක්ෂණ භාරයට අරන් දරුවා රැක ගැනිමට හැකි දරුවන් නැතිව අසරණ වූ ගෑණු කෙනෙකුට දරුවා දෙන්න. (ස)
අජිත් Wednesday, 03 April 2013 03:12 PM
වදපු අම්මට දරු කැක්කුම නැති උනාට දරු කැක්කුම තියෙන අම්මල අපේ රටේ ඕනෙතරම් ඉන්නවා.(නදී)
දයා අලහකෝන් Wednesday, 03 April 2013 03:08 PM
කහල ගොඩක විසිකළත් වාසානාවන්ත දැරිවියක්. අනාගතේ අපේ රටේ ශේෂ්ඨ තැනක් මේ දැරියට හිමි වේ.(නදී)
අරුණ Wednesday, 03 April 2013 08:23 PM
දරුවන්ට ආදරේ කී දෙනෙක් ඉන්නවද? මේ පැටියව එයාලට දෙන්න.(නදී)
කමල් Wednesday, 03 April 2013 09:00 PM
අපේ බල සේනාවට දුන්නා නම් හරිනේ. (නි)