එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින් හොර දොස්තරලාට ගෙවූ බව රෝගී කාන්තාවන්ගෙන් දැන ගන්නට ලැබුණු බව කොළඹ ජාතික රෝහල් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පැවසීය.

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත්වූ එම කාන්තාවන් සුවපත් කිරීමට ඔවුහු වැය කළ මුදල මෙන් තුන් ගුණයක් රජයට දරන්න වන බව දුලිප් පෙරේරා මහතා කීවේය.

ඔවුන්ට සනීප වුවත් කැළැල් ජීවිතය පුරාම පවතින බවද එසේ විකෘති තත්ත්වයට පත්වූ පියයුරු නැවත හැඩකර කැළැල් මකා දැමීමට නම් ඔවුන් සැත්කම් හතරකට භාජනය කළ යුතු බව පෙරේරා මහතා කීවේය.

එවැනි විකෘතිවන පියයුරු හැඩ කිරීමේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදු නොකරන බව පවසන පෙරේරා මහතා කැලැල් මැකීමට එම කාන්තාවන් පෞද්ගලික රෝහලකට යොමුවන්නේ නම් ඒ සඳහා ඔවුන්ට දරන්න වන මුදල අති විශාල බව පැවසීය.

මුදල් ගෙවා මෙවැනි සැත්කම් සඳහා යොමුවීමේ අනුවණකම කිසිවිටක සිදු නොකළ යුතු බවද පෙරේරා මහතා කීවේය.