IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘වැටුණු දේ යළි හදනු බෑ‘

එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින් හොර දොස්තරලාට ගෙවූ බව රෝගී කාන්තාවන්ගෙන් දැන ගන්නට ලැබුණු බව කොළඹ ජාතික රෝහල් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පැවසීය.

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත්වූ එම කාන්තාවන් සුවපත් කිරීමට ඔවුහු වැය කළ මුදල මෙන් තුන් ගුණයක් රජයට දරන්න වන බව දුලිප් පෙරේරා මහතා කීවේය.

ඔවුන්ට සනීප වුවත් කැළැල් ජීවිතය පුරාම පවතින බවද එසේ විකෘති තත්ත්වයට පත්වූ පියයුරු නැවත හැඩකර කැළැල් මකා දැමීමට නම් ඔවුන් සැත්කම් හතරකට භාජනය කළ යුතු බව පෙරේරා මහතා කීවේය.

එවැනි විකෘතිවන පියයුරු හැඩ කිරීමේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදු නොකරන බව පවසන පෙරේරා මහතා කැලැල් මැකීමට එම කාන්තාවන් පෞද්ගලික රෝහලකට යොමුවන්නේ නම් ඒ සඳහා ඔවුන්ට දරන්න වන මුදල අති විශාල බව පැවසීය.

මුදල් ගෙවා මෙවැනි සැත්කම් සඳහා යොමුවීමේ අනුවණකම කිසිවිටක සිදු නොකළ යුතු බවද පෙරේරා මහතා කීවේය.



අදහස් (0)

‘වැටුණු දේ යළි හදනු බෑ‘

උමේෂ් Monday, 08 June 2015 10:43 AM

එහෙනම් අපි පිවිතුරු යහපාලවත් නුගේගොඩ පොලට යවමු. (ම)

:       0       0

රුකී Monday, 08 June 2015 10:47 AM

පිට නැති සාරි හැට්ට අඳින කොට ඉස්සරහින් එල්ලා වැටෙන එක අහන්න දෙයක්යැ? (නදී)

:       0       0

අමල් Monday, 08 June 2015 10:54 AM

මෙච්චර හරියක් වෙනකන් මේ කාන්තාවගේ සැමියා මොකද කරලා තියෙන්නේ. ? (ම)

:       0       0

පාලිත Monday, 08 June 2015 10:57 AM

ප්‍රතිකාර ගන්න කලින් හොර දොස්තරගේ නෝනා දිහා බැලුව නම් මේ අමාරුවේ වැටෙන්නේ නැහැ. (ම)

:       0       0

සනි Monday, 08 June 2015 11:08 AM

ඉල්ලගෙන නේ කාලා තියන්නේ.අමල් කීව වගේ මේ කාන්තාවගේ සැමියා කොයි දීපන්කරේක හිටියද? (ම)

:       0       0

සුනිල් Monday, 08 June 2015 11:39 AM

සැමියා,කොහෙවත් ගිහිල්ලා නැහැ යාලුවනේ. ගෙදර ඉඳගෙන ළමයි බලාගෙන කියන්න ඇති "එහනම් ලස්සන කරගෙන වරෙන්කො"කියල. (ස)

:       0       0

ජෙහාන් Monday, 08 June 2015 07:50 AM

මේක විතරක් නෙවෙයි දරු පල ගන්න කියලා කපුවන් කට්ටඩියන් පස්සේ දුවලා ඒකේ ප්‍රතිපල ආවමත් ගෙවන්නකෝ ආණ්ඩුවෙන් අර දීමනා මේ දීමනා කියලා. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 08 June 2015 08:00 AM

මේ කුණු කයට දෙන වදයක්. (ම)

:       0       0

නිශේන් Monday, 08 June 2015 08:00 AM

අපේ ලංකාවේ තමයි මෙහෙම මෝඩකම් කරලා අමාරුවේ වැටුනාමත් රජයෙන් බර කර ගහන්නේ. දියුණු රටවල් මෙහෙම රුප ලාවන්ය සැත්කම් වැරදුනා නෙවෙයි හරියන්න කරගන්නවත් රජයේ අනුග්‍රහයක් නැහැ. ඔන්න මොකක් හරි හදිසි අනතුරක් සිදු වෙලා රුපය අවලස්සන වුනොත් පිළිස්සීම් යනාදිය සුවකර ප්ලාස්ටික් සැත්කම් කරගැනීමට ආධාර කරනවා.(ම)

:       0       0

ජිලෝනි Monday, 08 June 2015 08:07 AM

වැටෙන්න නෙමෙයි මෙහෙම වද දෙන්න ගියොත් හැලිලාම යාවි (බ)

:       0       0

දුල්මි Monday, 08 June 2015 08:13 AM

පසුගිය කාලයේ දොස්තර නෝනා කෙනෙකුත් නැති වුණා නේද රුපලාවන්‍ය සැත්කමක් කරවා ගන්න ගිහින්. මේ කාන්තාවන් ප්‍රවෘත්තියක් පොතක් පත්තරයක් බලන්නේ නැතිවද ආයෙමත් මෙහෙම අමාරුවල වැටෙන්නේ. ඇති යන්තන් පණ පිටින් බේරුනා. (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 08 June 2015 03:26 PM

වයසට යනකොට ඔහොම වෙනවා කියල මේ නෝනලා ටිකක් හිතුවනම් වියදම් කරපු සල්ලි කන්දරාවෙන් ලෝකේ වටේ රවුම් ගහන්න තිබ්බා කියල අපේ ආච්චි කියනවා..(බ)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 08:32 AM

රූප තණ්හාවේ ආදීන (නදී)

:       0       0

ජේමිස් බන්ඩා Monday, 08 June 2015 09:14 AM

වැටකොලු තැඹිලි කරන්න අමාරුයි! (නදී)

:       0       0

ජානක Monday, 08 June 2015 09:22 AM

ඉසුරින්දිගේ මොකද වෙලා තියෙන්නේ ? (නදී)

:       0       0

පරාක්‍රම -ඇඩිලේඩ් Monday, 08 June 2015 09:32 AM

විද්‍යුත් මාධ්‍ය තුලිනුත්, ඇතැම් වෙබ් අඩවි තුලිනුත් පෙන්වන උස්සා, පුම්බා, හැඩ වැඩ කැර ඇති අඟ පසඟ දකිනවිට තිරිහන් වෙන්න මැදිවියේ සහ ඊට එළඹෙන අම්මල ඔවැනි දේවලට පෙළඹෙනවා තමයි. (බ)

:       0       0

කපිල Monday, 08 June 2015 09:33 AM

නුගේගොඩ පොලේ ඉන්න බ්‍රෙසියර් විකුනන මිනිහා මේ කාටත් වඩා හොඳයි. ඔහු හොඳ නිර්මාණකරුවෙක් (බ)

:       0       0

පුලාරා Monday, 08 June 2015 10:15 AM

"දෙහි දොඩම් රැක්කා අගනා තැබිලි වික්කා පසුව වට්ටක්කා වැලක වැටකොළු තිබෙනු දැක්කා "(ම)

:       0       0

ලුම්බිණි Monday, 08 June 2015 10:25 AM

වැටුණු දේ යළි හදන්න නම් බැරි කමක් නැහැ. හැබැයි හොර දොස්තරලට නම් බැහැ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site