මොණරාගල සියඹලාණ්ඩුව කිවුලේයාය ග‍්‍රාමසේවක වසමේ හිරිපිටිය ගම්මානය අසල වෙට්ටඹුගල කන්දේ ඇති ඉපැරුණි සිතුවම් පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් ආරක්ෂා කිරිමට මෙතෙක් පියවර නොගෙන ඇතැයි ප‍්‍රදේශවාසිහු පවසති.
වෙට්ටඹුගල කන්දේ ගල් ගුහා තුනක් පමණ දැකිය හැකි අතර ඉන් එක් ලෙනක ඉතා පැරුණි ප‍්‍රථමික යුගයේ චිත‍්‍ර විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ..
මොණරාගල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නවරත්න කරවිගහඅංග මහතාගෙන් විමසු විට ඔහු කීවේ මෙම ස්ථානයට පුරාවිද්‍යා ආරක්ෂිත රැකවලෙක් යොදා ඇති අතර එම ස්ථානය පිළිබඳ ඔහු වරින් වර සොයා බලන බවයි. දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙම ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇතැයි ද ඔහු කීවේය.
නමුත් ප‍්‍රදේශවාසිහු කීවේ මෙම ස්ථානයට තමන් දන්නා කාලයකින් කිසිවෙකු නොපැමිණි බවත් නිධන් හොරුන් මෙම ස්ථානයේ පැමිනේ යැයි යන සැකය නිසා තමන් අවධානයෙන් සිටින බවත් ය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන විනාශ වෙන්න කලින් බේරාගන්න!
පිනට පඩි ගන්න රජයේ නිලධාරීන් බොරු නොකිය හිටියානම්. (බ)
ජාතියක අනන්‍යතාවය තමයි මේ විනාශ වෙන්නේ. අතීත මුතුන්මිත්තන් මේ හෙළ පොළොවේ සැබෑ ලෙසම වාසය කළ බවට වන ඓතිහාසික සාක්ෂි. මේවා මිල කළ නොහැකියි. වහාම පුරාවිද්‍යා බලධරයින්ගේ අවධානය යොමුවේවා! ජනාධිපති පුරාවිද්‍යා සේවක පිරිස තවදුරටත් පුළුල් කර මේවාට ආරක්ෂාව සැපයිය යුතුයි. (නි)