IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැට් බද්ද නිසා සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා

(යොහාන් භාසුර)

වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ දැමීමෙන් රටේ සමස්ත ජනතාව අන්ත දුගී බවට පත්කරමින් බවත් ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද දිනයේ පැවැත්වෙන බැවින් 2024 අයවැය ලේඛනයෙ ඉරණම ශ්‍රී ලංකා පොදුජන මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මත තීරණය වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය ප්‍රසිද්ධියේ විවේචනය කරත් එය යථාර්ථයක් කිරීමට නම් අයවැය ඡන්ද විමසීමේදී  විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත්ය.

රාජ්‍ය සේවක වැටුප් අප්‍රේල් මාස වැඩි කරන්නේ යැයි ප්‍රකාශ කිරීම නිසා එය අනාගත අපේක්ෂාවක් පමණක් බව ද මහාචාර්යවරයා කීය.  

අයවැය හිගය පියවා ගැනීම සඳහා රජයට බදු පැනවීම, විදේශීය ණය ලබා ගැනීම සහ සම්පත් විකුණා දැමීම යන විසඳුම් හැර වෙන කිසිවක් නොමැති බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් රජය සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදල ආක්‍රමණය කිරීම පමණක් කළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (4)

වැට් බද්ද නිසා සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා

abaran Monday, 20 November 2023 01:25 PM

ඇත්තටම වයස වැඩි නිසා මොලේ කොලොප්පම් වෙලා වෙන්න ඇති මෙයාගේ. නැතිනම් බදු නැතිව දුවන රටක් (ඇතැම් අරාබි රටවල් හැර) කොහෙද තියෙන්නේ කියලා මේ අප්පුහාමිට මතක් වෙන්නේ නැත්තේ ඇයි? අනික මිනිහත් මුදල් ඇමැති වෙලා හිටියනේ... කරපු හැටි අපි දන්නවනේ... හොඳයි කියමුකෝ බලන්න මිනිහා බලයට ආවොත් කරන විදිහ. අනේ මේ සීයේ පැත්තකට වෙලා ඉන්නවා හොඳයි. තරුණ අපි අපේ වැඩ බලාගන්නම්...! 

:       9       8

sarangaMonday, 20 November 2023 07:19 PM

අබරහම් ගොයියා ලංකාවේ ජීවත්වෙන කෙනෙක් නෙමෙයි වගේ..., මෙතැන තියන ප්‍රශ්නේ මේ ගොල්ලෝ කලින් තිබ්බ බදු අඩුකරලා ආණ්ඩුවේ ආදායම් අහිමි කරගෙන ඊට පස්සේ ඒවා පියවර ගන්න විශාල වශයෙන් සල්ලි අච්චු ගහලා රටේ අදි උද්ධමනයක් ඇතිකරලා රටේ මිනිසුන්ට ජීවන වියදම් දරාගන්න බැරි කරලා දැන් ආපහු එක උඩින් ලොකු බදුගහන එක...

:       0       0

Bamunuarachchi Monday, 20 November 2023 03:10 PM

ලොක්කා දැනටමත් 15% තිබෙන VAT බද්ද නේද 18% වෙන්නේ...? ඉහළ යන්නේ 3% නේද? ඇයි 18% කින් ඉහල යනවා කියලා ජනතාව නොමග යවන්නේ...!

:       3       7

Bamunuarachchi Monday, 20 November 2023 03:17 PM

ප්‍රශ්නය ඇයි මිලදී ගැනීමේදී භාණ්ඩයේ මිලයි අයකරනු ලබන VAT බද්දයි වෙන වෙනම බිලේ පෙන්වන්නේ නැත්තේ? මේ රටේ විස්කි බෝතලයක් ගත්තාම විස්කිවලට ඩොලර් 45 යි... GST 5% කියා වෙන වෙනම පෙන්නවනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් GST නමින් අසාධාරණ ලෙස භාණ්ඩ මිල වැඩිකරලාද කියලා...!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site