අගය එකතු කිරීමේ වැට් බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152වැනි වගන්තිය ප්‍රකාරව සිදු කර නැති බවත්, එහෙයින් එම පනතේ අන්තර්ගතය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කිසිත් විමසා නොබලන බවත් මෙම ක්‍රියාවලිය නිවැරදි කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද කතානායක කරු ජයසූරිය මහතාට සිය තීන්දුව සැළ කළේය.
152 වගන්තිය මෙසේය.
152. ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී අරමුදල්වලට වැය බරක් පැවරීමට හෝ යම්කිසි බද්දක් පැනවීමට හෝ තත් කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට, වැඩි කිරීමට නැතහොත් අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක්, අමාත්‍යවරයකු විසින් විනා අන් කිසිවකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේ ය. තව ද, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම්කිසි ආකාරයකට අනුමත කොට ඇතොත් මිස, එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයකු විසින් වුව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේ ය.
ඒ අනුව වෙනත් පනතක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති - මෙවැනි පනත් මීට පෙර සම්මත වී තිබෙනවා. ඒ ගැන සොයා බලන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.
දිනේෂ් ගුණවර්ධන - මෙය පරාජයක් ලෙස සලකන්න එපා.
අගමැති - නෑ නෑ එහෙම සලකන්නේ නෑ. නමුත් එවැනි පනත් මීට පෙර සම්මත වූයේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.
කතානායක - පක්ෂ නායක රැස්වීමකදී මේ ගැන සාකච්ඡා කර තීන්දුවක් දෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හැන්සාඩ් පත්‍රයට ඇතුළු කරන ලෙස ද කතානායක නියෝග කළේය.
COMMENTS
ඔක්කොටම වැඩි පඩි ඕන, ලාබෙට බඩු ඕන, අධ්‍යාපනයට වැඩියෙන් මුදල් ඕන, ලාබෙට බෙහෙත් ඕන, ගමන් වියදම් අඩු කරන්න ඕන, ඉතින් ඔබ හිතන්නේ අනිත් රටවල් හැමදාම නිකන් දෙයි කියලද මේ වියදම් පියවා ගන්න? එහෙම නොවේ මහජන මුදල් කන දේශපාලකයන්ට විරුද්දවයි කතා කරන්න ඕන, (හේ)
ආණ්ඩුවේ ආර්ථික ඔස්තාරලා ,නීති ඔස්තාරලා වැහි වැහැලා නමුත් වාදක කරන්න ගියාම හත් පොලේම නා ගන්නවා .(හේ)
අලුතින් ගේන්න යන ව්‍යවස්ථාවටත් ශ්‍රේෂ්ඨාධිකරණයම පිහිට වේවා ! (ර)
මේ පනත නීත්‍යානුකූල නොවූ නිසා තමයි විපක්ෂය අධිකරණයට ගියේ. ඒ දවස්වල වැරැද්දක් තිබුනානම් එදා විපක්ෂයටත් අධිකරණයට යන්න තිබුනා. (ර)
කවුරුත් කරපු වැරදි ගැන විතරක් නොවෙයි තමන් කරන්නේ හරි දේද කියන එකත් ගොඩක් වැදගත්. (ර)
එකටත් වැරදි කලින් ආණ්ඩුව...... මේ ආණ්ඩුව කරන එකම දේ කලින් ආණ්ඩුවට බැන බැන ඉන්න එක විතරයි ...... (ම)
ඊළගට කුමක්ද සිදු වන්නේ.(හේ)
මෙහෙම වැඩ බැරි ආණ්ඩුවක් මම මේ දැක්කමයි (නි)
හරිහැටි පනතක් ඉදිරිපත් කර ගන්න බැරි ආණ්ඩුව මේ අනාගත් පළමු වතාව නොවෙයි. මුදල් ඇමති කරපු මොකද්ද හරි ගියේ? එයා ඇතුළු ආණ්ඩුවම ඉවත් වියයුතුයි. රට හැම අතින්ම අගාධයට යනවා. 2002 වුණදේම තමා මේ වෙන්නේ. (නි)
අනේ මෙහෙමත් ආණ්ඩුවක්. ඊට හපන් අසාද්, සරත්, රන්ජිත් ලා වගේ අය. තමන්ගේ පක්ෂ නායකයෝ පොරෝ පාරක් දෙන්න හැදුවත් කියයි අනේ කමක් නැහැ රට බේරගන්න තමයි ඔය පොරෝ පාර දෙන්නේ කියල. පාට කන්නාඩි දැන්වත් ගලවන්න මහත්තයෝ (බ)
මුණසිංහ, මොකක්ද 2002 දී වුණේ? ඍණ ආර්ථිකයක් තිබුණ රටක් ගොඩගත්ත එකද? එහෙම නැත්නම් කරුණා පාර්ශවය වෙන්කරලා කොටි සංවිධානය දෙකඩ කරපු එකද? (නි)
මේ යහපාලන රජය, නිදහසින් පස්සෙ ආ අකාර්යක්ෂමම රජය වෙන්න ඕනෑ. අතගහන හැමදේම අසාර්ථකයි. කිසිම වැඩක් හරියට කරගන්න බැහැ. හැබැයි අහස උසට කියවිල්ල නම් තියෙනවා. (නි)
මේවා කරන්න කලින් නීති උපදෙස් ගන්න පුරුද්දක් නැද්ද?ජනතාවට බදු ගහල බදු රහිත වාහන ගනිල්ලා.අඩු පොලියට කොටි ගණන් ණය ගනිල්ලා.තමන්ගේ දීමනාවන් වැඩි කර ගනිල්ලා. ජනතාව අතර වෛරය වපුරවල භේද බින්න කරපල්ලා. එතකොට හැමදාම උඹල දිනුම්. (බ)
අපි නීතියේ ස්වාධිපත්‍ය පෙන්නුම් කරන මෙවැනි දේවල් ගොඩක් අගය කළ යුතුයි, එහෙත් නිසි ක්‍රමවේදයකට පනතක්වක් ඉදිරිපත් කරගන්න බැරිද මේ ආණ්ඩුවට, ඒවගේම කියමනක් තියෙනවා, රටක ජනතාවගෙන් බදු අයකරන්න ඕනේ හරියට බබරෙක් මලින් රොන් ගන්නවා වගේ කියලා එහි තේරුම ජනතාව නොතලා කියන එක, මේ බද්ද එහෙමද? (ම)
දැකපු අකාර්යක්ෂම ආණ්ඩුව (ම)
අයකරපු බදු ආපහු දෙන්න. අපෙන් මාස දෙකක්ම ගත්තනේ ඕක. (නි)
දැන් ආණ්ඩුව අධිකරණයට හිසනමනවා කිය කියා කට්ටිය පම්පෝරි ගහනවා. රට ආපස්සට යනවා. ඒවා පෙනෙන්නේ නැද්ද? පසුගිය මාසයට පමණක් අපනයනය 12% කින් අඩුවෙලා. (නි)
වැට් බද්ධ මේ ආණ්ඩුව ගෙනාපු එකක් නොවේනේ .මිනිස්සු අලුතෙන් මේක ආව වගෙයි කෑගහන්නේ .එ්ත් ආණ්ඩුව හැම මගුලටම වැට් ගහල වැඩේ අනාගත්තා. මිට වඩා ක්‍රමවත්ව බදු අය කරලා ආණ්ඩුවේ අදායම වැඩි කරගන්න තිබුන.එ්ත් අධිකරණය දුන්න තීරණයට අපේ ප්‍රණාමය. (බ)
මොහාන්, 2002 දී රනිල් කරපුව දන්නේ නැතිනම් මේවට ලියන්නේ නැතිව ඉන්න.මුළු රටම ඒක හොඳට දන්නවා. (බ)
ඒකාබද්ධ අය එක එක තාක්ෂණික හේතු ඇදලා වැඩ අවුල් කරනවා. හැමදාම වෙච්ච විදියට තමයි ඔය පනතත් ගෙනාවේ. එදා හරිනම් දැන් වැරදි වෙන්නේ කොහොමද (බ)
හෆීල් අසාද් රන්ජිත් හැම බොරුවක්ම වහන්න මෙයාලා මේ වගේ මාර්කටින් වැඩ කරනවා. මෝඩ මිනිස්සු අහුවෙනවා කියනවා ඒක නීතිය අකුරට කියලා.. ඒත් හොරු ටික තාම ආණ්ඩුව ඇතුලේ එයාලට නීති නැද්ද...(බ)
රටේ බදුකරණය ගැනවත් හරියට නීති සකස් කර ගන්න බැරි, හරියට ව්‍යවස්ථානුකූලව පනතක් ගේන්න බැරි ආණ්ඩුවක්. ඇත්තටම රටේ ඉදිරිය ගැන නම් හරිම අවිනිශ්චිත හැඟීමක් ඇතිවෙන්නේ. (බ)
මෙහෙම යනකොට ජනාධිපතිවරණයක් පවත්වල අගමැති කෙනෙක් පත් වුන එකත් වැරදියි කියයිද දන්නේ නැහැ (බ)
දැන දැනම නීති විරෝධී බදු පනවා ඊට විරුද්ධව විපක්ෂය උසාවි ගොස් එහි නීති විරෝධී බව සනාථ කළ පසු තාවකාලිකව හකුලා ගැනීම නියම නීතිගරුක භාවය නම් පොලීසිය පැමිනෙන විට කසිප්පු බූලි විසිකර දමා පැන දුවන කසිප්පු කාරයා ගමේ සිටින නීතිගරුකම පුද්ගලයා විය යුතුයි. (බ)
අයියෝ, දැන් ඇමතිගොල්ලන්ට සැප විඳින්න සල්ලි හොයා ගන්නෙ කොහොමද? (බ)
වැඩේ නම් වැරදුනා නේද. දැන් තමයි අපිට වැඩ කරපු අයට සලකන්න කියල පඩි සමග වාහන දීල ගන්න 50-60 උපදේශකයින්ගෙන් උපදෙස් ගන්න ඕන. නැත්නම් උන්ටත් වැඩක් නැහැනෙ. (බ)
මහේෂ් ගේ කතාව 100% ඇත්ත . ඕන ගොන් සහ වැරදි වැඩකට සුදුහුණු ගානවා. (බ)
මහේෂ්, ඔයා තමයි නියම කතාව කියුවේ. ඔය පාට කන්නාඩිය ගලවල බලන තෙක් ම පෙනෙන්නේ හිටපු අයගෙම වැරදි. දැන් බලයේ ඉන්න අපි කිසිම වැරැද්දක් කරන්නේ නැහැනෙ. මොකටද වැඩ කරලා බැනුම් අහන්නේ. වැඩ නොකර වැරදි කරමුකෝ. (බ)
පේනවනේ හිටපු අහවිනිසුරු සරත් එන් සිල්වාගේ අගය? (බ)
මේක තමයි අපි බලාපොරොත්තු වුන වෙනස.අධිකරණ ස්වාධිපත්තිය.ජනපතිගේ තීරණ වලට විරුද්ධ තීන්දු දුන් වරදට මහාධිකරණ විනිසුරුවරුන් ගෙදර යැවු යුගය අවසන් වී ඇත.රටේ නීතියට සෑම පුරවැසියෙකුම ගරු කළ යුතුය. (බ)
දැන් තමයි නියම නීතිය. ඉස්සර මෙහෙමද වුණේ? (නි)
සාමාන්‍ය දුප්පත් ජනතාවට බදුගහන්න මොවුන්ට තිබෙන උවමනාව වෙන කිසිදේකට නැහැ. අපිට බදුගහලා, මිලියන ගණන් වලට වාහන ගෙනල්ලා පාවිච්චි කරනවා. මොකට මොවුන්ට ඡන්දෙ දානවද? (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් හරියට දන්නේ නැති අයද මේ රටක් පාලනය කරන්නේ. කතාකරනකොට නම් අවුරුදු තිස් හතලිස් ගණන් දේශපාලනය කරපු අය. (නි)
අපේ ඇමතිවරුන්ට වැඩ නොකර, කකා බිබී, හොඳ වාහන අරන් ඇවිදිමින් ඉන්න නම් ඉතින් කොහෙන්හරි සල්ලි හොයන්න ඕනෑනේ. පහුගිය ආණ්ඩුව කරපු වැඩ වලට ගත්ත ණය ගෙවන්නත් එපායැ. අපිත් ඉතින් විපක්ෂයේම ඉඳලා ආ අයනේ. ඉතින් මොකක්ද වැරැද්ද වැට් එකේ? පොඩ්ඩක් ඉවසන්නකෝ. (නි)
ලංකාවේ මෙතෙක් බිහිවූ අකාර්යක්ෂම ආණ්ඩුව! තමන්ගේ බැරි බැරියාව වහ ගන්න කලින් ආණ්ඩුවට බනින එක විතරයි පුළුවන්!! (ම)
වැට් බද්ද නිතිය ඉදිරියේදී පරාජය වීම සතුටට කරුණක් ඊට වැඩිය සතුටුයි වර්තමාන දේශපාලනය නීතියට හිසනැමිම විපෂය පම්පෝරි ගහයි ඒත් ඔවුන් නිතිය ඉදිරියේ පරාදයි (ම)
අද කියන දේ හෙට වෙනස් කරන, හෙට කියන දේ අනිද්දා වෙනස් කරන අකාර්යක්ෂම සහ කරන වැඩවල කිසිම පිළිවෙළක් නැති, හැම වරදක්ම අනුන් පිට පටවන මේ වගේ ආණ්ඩුවක් මම මීට කලින් කිසිදාක දැකලා නැහැ (නි)
ආණ්ඩුව දැන දැනම නීතිවිරෝධීව බදු ගහනවා. ඕනෑ වැරදි වැඩකට සුදුහුණු ගාන මිනිස්සු කියනවා දැන් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා කියලා. මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෑ. මේ ආණ්ඩුව කරන එකම දේ කලින් ආණ්ඩුවට බැන බැන ඉන්න එක විතරයි. (නි)
අන්තිමේදී අපිට යහපතක් වුණා! (නි)
මෙවැනි පනත් මීට පෙර සම්මත වෙලා තියෙනවා කියන්නේ, එක්තරා විදියක තර්ජනයක්ද කියල සැකයි, (ම)
ජයරත්නගේ කතාව හරි. මේ ආණ්ඩුවට වැරදෙන හැමවෙලේම එ්කනේ බොලඳ ප්‍රකාශ කරන්නේ. හරි නම් ජනතාවගෙන් මෙතෙක් කල් අයකරගත්ත බදු ආපසු ලබාදිය යුතුයි. මේක තනිකරම මහ දවල් හොරාකෑමක්. (නි)
අපි බලමු යහපාලනයේ වෙනස (නි)
මේ ආණ්ඩුවට කිසිමදෙයක් හරියට කරගන්න බැහැ. බජට් එක සම්පුර්ණයෙන්ම අසාර්ථකයි. වැට් කෙරුවාවත් අසාර්ථකයි. (නි)
තමන්ගේ අඩුපාඩු නිසා ප්‍රතික්ෂේප වුණාහම එකටත් අනුන්ට ඇගිල්ල දික් කරනවා.... කරන්න බැරිනම් රට නොකා දීල යන්න මහත්තයෝ.. (ම)
ලංකාවේ වැඩියෙන්ම අාදායම් ලබන, බොහෝවිට කිසිම බද්දක් නොගෙවන දොස්තරවරු, ටියුෂන් ගුරුවරු හා නීතිඥයින්ගෙන් නියමාකාරයෙන් බදු අයකර ගතහැකි යාන්ත්‍රණයක් සැදිය යුතුයි. විශේෂයෙන් චැනලින් මඟින් අත්පිට මුදලට පෞද්ගලික රෝහල් පවා උපයන්නා වූ අාදායම් සඳහා බදු අයකළ යුතුයි. (නි)