ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද (8දා) අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 69 වැනි වියේ පසුවිය. "මනමේ" වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියෙකු, නිවේදකයෙකු හා ගායකයෙකු ලෙසද කටයුතු කළේය. ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානිගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි.
බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ජනාදරයට පත් නන්දසිරි මහතා පසු කලෙක "නෝනාවරුනි මහත්වරුනි", "යර්ස් බොස්", "එතුමා", "සිකුරු හතේ" සහ මේදිනවල හිරු ටිවී නාළිකාවේ විකාශය වන "සටකපට" වැනි හාස්යෝත්පාදක චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහාද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. එවැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයට පත්වූවත් අති දක්‍ස චරිතාංග නළුවෙකු වූ ඔහුගේ හදිසි වියෝව රසික ජනතාවට ශෝක ජනක ආරංචියක් වනු ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd