දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනපතිවරයා මේ බව අවධාරණය කළේ අද (24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලූත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බව අවධාරණය කළ ජනපතිවරයා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලූදෙනා සූදානම් විය යුතු බව ද පැවසීය.
වෙන්වීම පහසු බවත් එක්වීම අපහසු බවත් පැවසු සිරිසේන මහතා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලූදෙනාගේ වගකීම බව ද කීය.
දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත්රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලූදෙනා පත්විය යුතු බව ජනපතිවරයා පැවසීය.
කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බවත් තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයකු නොවන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනපතිවරයා ඊට අවශ්‍ය සියලූ කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව ද කියා සිටියේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණය, වංචාව කරපු එක කොටසක් පමණක් පසුපස පන්නන ඔබතුමා.... දූෂණය, වංචාව කරපු පිරිසක් අල්ලන්න නේද බලයට ආවේ? දැන් ඒ අය එක්කෙනෙක් හරි ඇල්ලුවද.. කෝ එයාලට ජනාධිපති කොමිසම්..?
පැවැති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ ඉතින් අාපහු දූෂිතයින් පස්සේ ගිහින් සන්ධාන ගහගෙන රට කන්න නෙමෙයිනේ. ඔය මහබැංකු පරීක්ෂණ වගේ පහුගිය කාලේ දූෂණ, වංචා ටිකත් හොයා ගත්තානම් මොකද වෙන්නේ? මහබැංකු දුරකථන සංවාද හෙව්වා වගේ, අර තාජුදීන් මැරුණු දවසේ අරලියගහ මන්දිරෙන් නාරාහේන්පිට පොලිසියට අපු කෝල් 76 ගැනත් බැලුවොත් නරකද?
කාගේ ආණ්ඩුවේද මන්දා මෙච්චර වංචා, දූෂණ තියෙනවා කියන්නේ? අපි 2015 ඇති කරපු ආණ්ඩුවේ නම් ඒවා තියෙන්න විදියක් ඇත්තෙම නැහැ.
අනේ මන්දා සමහරු හැට පැනලත් ළදරුවෝ වගේ ක්‍රියාකරන්නේ... යූ.එන්.පී එකට මඩගහන්නයි., ඒ අයත් එක්ක එකට වැඩකරන්නයි බැහැනේ සර්... දොන් නම් දොන් සිමන් නම් සිමන් කිව්වලු.
වංචාවට දූෂණයට විරුද්ධව ඔබතුමා විධායක බලය යොදවා නිවැරදි තීන්දු ගන්න. කොයි පිලේ හිටියත් වංචාව දූෂණය කරන අයට විරුද්ධව කටයුතු කර මහජන මුදල් අයකර ගෙන ඔවුන්ට දඩුවම් දීම මිස ඔබතුමා දරන තනතුරු අතහැර ජනතාව සමග එක්වුනාට වැඩක් නෑ.
මහරාජාද කිව්වේ... ඕක කිව්වොත් මාර්කට් කරන්න පුළුවන් කියලා..? ඔබතුමා දැන් ජනවාරි 8 ඡන්දෙ දීපු අයට ද්‍රෝහිවෙලා ඉවරයි..
දැනට සිදුවෙන හොරකම් සොයාබැලීම හොඳයි. නමුත් පසුගිය අයගේ හොරකම්වලට කිසිම කියා මාර්ගයක් අරගෙන තියෙන්න ඕනෑ. පසුගිය රජයේ බැඳුම්කර වංචා වලට කොමිසම් කෝ? දාපු කොමිසම් වල වාර්තා කෝ? මෙතැන ගැටලුව තියෙන්නේ ගුවන්තොටුපළවල් වහලා හොරු අල්ලලා දඬුවම් දෙනවා යැයි කියපු කෙනා 62 ලක්ෂයකට කොකා පෙන්නලා පරණ හොරුත් එක්ක එකතුවෙලා ඡන්ද කරන්න හදනවා.
ඇටනැති දිව ඕනෑම පැත්තකට නවන්න පුළුවන්නේ නේද?
අනේ දැන් තනතුරු අතහැරලා නෙවෙයි... තනතුරු එක්ක ආවත් අපිට නම් එපා.
මේවා රටට ගුණදායක නොවේ. මේ තීරණවලට වඩා වෙනස් ආකාරයෙන් සිතන්න.
මට ඔබ දිනවන්න වැඩ කරපු එක ගැන ඇත්තේ මහත් කණගාටුවක්? ජනපතිවරණ වේදිකාවේ කියපු දේවල් අද අමතක කර වෙනත් බහුබූත දොඩවනවා. එක හොරෙකුටවත් ගුවන් තොටුපලෙන් පිටවෙන්නෙ දෙන්නෙ නෑ කියපු ඔබ අද කියන්නේ වෙනත් කතාවක්. අලුත් හොරු ගැන වගේම පරණ හොරුන්ට ඔබ මොනවද කලේ? ඒ අය නිදැල්ලේ... අද යූඑන්පී සාමාජිකයන් අසරණ කරමින් හතුරන්ව ආරක්ෂා කරමින් සිටියි..
පළමු පුරෝහිතත් එක්ක කරන වංචාවට තවමත් එකඟයිනේ... ඉඳහිට මූණේ පුයර ගොඩක් උලාගෙන ජනතාව ඉදිරියේ පෙනීසිට කියන සෝබන කතා තවත් එපා.
මෙතුමාගේ නොහැකියාව මේ ප්‍රකාශ කිරීම තුල තියෙනවා. විධායක බලතල තියෙන ජනපති කෙනෙකුට වැඩකරන්න බැහැ කියලා... බලතල අතහැරලා ජනතාව සමග එකතුවෙන්න හදන්නේ නොහැකියාව නිසායි. නායකයා නායකයෙක් වගේ කෙලින් ඉඳගෙන නිවැරදි තීරණ ගන්න ඕනේ. මෙයා යුද්ධය කාලේ හිටියානම්, තීරණේ ගන්නකොට කොටි කෑම්ප් එකම අල්ලලා ඉවරයි. ජනතාව ගත්තු වැරදි තීරණයක්.... කොහොමද පිලිපිනේ ජනපති කළ දේ. අන්න නායකයෝ.
මොනවද මේ කියන්නේ? අප ඔබට බලය පැවරුවේ රට හදන්න මිස කයිවාරු ගහන්න නොවේ. බලය එපා නම් අපට පුළුවන්... එය ආපසු ගන්න.
පාලනය දූෂිත වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන කණ්ඩායමක් හැටියට දූෂිත නැහැ. එහි වර්තමාන නායකත්වය දරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් කිසිදාක දූෂණ චෝදනා ලබලා නැහැ. නමුත් දූෂිතයන්ව ආරක්ෂා කරනවා කියා චෝදනාව ජනතාවගේ පැත්තෙන් ඇහෙනවා. ඇත්තෙන්ම සිදුව තිබෙන්නේ හිටපු ජනාධිපති ඇතුළු ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ අය දිගින් දිගටම අපහසුතාවයට පත් කලේ මෛත්‍රීපාල සිරිසේන මහතාවයි. වල්ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන්ට මගුල් කිව්ව වගේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම තුළින් තනියෙන් බලයට ඒමේ සිහිනය සැබෑ කර ගන්න හදන්නේ දේශපාලන වශයෙන් අතරමංව සිටින ඒ ජා.පයයි. ජනතාව මේ තත්වය හොඳින් තේරුම්ගෙන එජාපය සමග ඩීල් දාන ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට නැවත බලයට ඒමට ඉඩ නොදෙන්න වග බලා ගත යුතුයි. මන්ද ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පෞද්ගලිකව පළිගැනීමත් ඉහතදී කලාක් මෙන් එජාපයේ තනි තනි මන්ත්‍රීවරුන් ලංකරගෙන ආණ්ඩුවක් පිහිටුවීමයි.
අපි නම් දැනගෙන හිටයා එයාව ඔතනට ගෙනාපු යූඑන්පී යට වල කපයි කියලා. නැතිනම් ගුවන් තොටුපොළවල් වහලා දඬුවම් දෙනවා කියපු කෙනාට පරණ හොරකම්, මිනීමැරුම්, වංචා, දූෂණ අමතක වුණේ කොහොමද?
ඔබතුමා දැන් කියනවා තිබෙන තනතුර අතහැරලා ජනතාව සමග සටන් කරනවා කියලා ඔබතුමා කතා කරන්නේ හරියට අවුරුදු 2ක් විතර නිදාගෙන ඉඳලා එකපාරටම නැගිටලා වගේනේ... රට විනාශ කල ආර්ථික හොරුන්ට විරුද්ධව මෙපමණ සාක්ෂි තිබියදී ඔය එක එක කොමිසම් දමන්නේ නැතුව හොරුන්ව අත්අඩංගුවට අරන් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න ජනාධිපති විධායක බලතල භාවිතකර පොලිසියට අණ කරන්න, නැත්තේ මොකද? ජනතාව වන අපි ඡන්දේ දීලා ඔබතුමාට විධායක බලතල දුන්නා. දැන් ක්‍රියාත්මක වෙන එක ඔබේ වගකීමයි. දැන් ඔය වැඩේ හරියට කරන්න බැරිනම්, නැවත වතාවක් ඔබව පත්කර ගැනීමෙන් පලක් නැත.
උපාලි මහතාගේ අදහස කාලෝචිතයි. මෙතුමා වංචාවට එරෙහි වුණාට ජනතාවට එය දැනෙන්න ඇති ප්‍රමාදය අද ගැටළුවයි. නිකරුනේ තනතුර අතහරිනවාට වඩා නිවැරදි දේ ක්‍රියාත්මක කර ගෙදර ගියත් කොතරම් වටිනවාද?
අපි ඔබ සමගයි. සියළුම හොරුන්ට විරුද්ධ වෙමු.
ඔබතුමාගේ තීරණය හරි. සියළුම හොරුන්ට දඬුවම් දිය යුතුයි.
එතකොට ව්‍යාපාර ගැන තියෙන ආරංචි, සිරස සමග තියෙන සම්බන්ධය බොරුද?
කබ්රාල්ගෙ නංගි ඇලෝසියස්ගේ සමාගමේ අධ්යක්ෂකමක් කරනකොට, බැඳුම්කර, වංචා නොවුනා කියා ඔබ විශ්වාස කරනවාද?
බම්බුව තමා. මේ අවුරුදු තුනේ පත්තර වාර්තා අරන් බැලුවනම් තේරුම් ගන්න පුළුවන් කියපු දේවල් කොච්චර නම් කොලාද කියල.
ගරු අපේ ජනාධිපතිතුමාගේ දෑත් පිරිසිදුයි. අර හොරා වගේ නෙමෙයි. ඔබතුමාට ජයවේවා !!!
ඔබ මුල ඉඳලම යහපාලනයට ඔබින්නේ නැති වැඩ කලා.. අර උපදේශකයෙක් හැටියට පත්කරගෙන ඉන්න ශිරාල් කියන කෙනා.. අපේ බදු මුදල්වලින් පඩි ගෙවන්න තරම් මොනවද දෙන උපදෙස් ?
ඉතින් අත හරින්නකෝ... බොරුවට කතා පවත්වලා හරි යන්නෙ නෑනේ... අනික රටේ උපරිම බලය තියාගෙන කරපු නැති දේවල් කොහොමද බලය නැතුව කරන්නේ...? බොරු බයිලා කියන්නේ නැතුව දැන්වත් වැඩක් කරන්න.
මෙයාගේ තියෙන්නේ ලොකු කතා එ්ත් වැඩ නෑ.
ඔබ අත්හල යුත්තේ පක්ෂ දේශපාලනයයි. අස් වෙන්න ශ්‍රී ලංකා පක්ෂ සභාපති කමෙන්. ඔබ 62 ලක්ෂයක නෙවෙයි මුළු මහත් රටේම විධායක ජනාධිපති. නිවැරදි අපක්ෂපාති තීන්දු ගන්න නම් ඔබ ස්වාධින විය යුතුයි. පරාජිත හොරු රැල ඉන්නේ කුමන ක්‍රමයකින් හෝ බලයට එන්න. සිංහල වංශ කතාවම ලියවී තිබෙන්නේ පාවා දීම තුළයි.
තමන්ට ඡන්දය දී ජනාධිපති තනතුරට පත්කළ පිරිසට එක්වරම ආප්ප කැවීමට සිරිසේන තුල ඇති දෙගිඩියාව ඔහු කරන ප්‍රකාශ වලින් පෙනෙන්ට තිබේ. ඔහු නොසන්සුන් වී ඇත. හිතේ චකිතය එළිපිටට පැන ඇත. මහින්ද සමග සාධාරණය කිරීමට එජාපයට සහ ජනවාරි 8 ව්‍යාපාරයට සහාය දුන් පිරිසට පහරදීමේ නින්දිත අරමුණෙන් කටයුතු කරමින් සිටියි. ශ්‍රීලනිප නායකත්වය කරට ගෙන සිදුකළ මහා පාවාදීමේ තාර්කික අවසානයට ඔහු පැමිණ ඇත. එය අවසන් වනු ඇත්තේ මහින්ද සමගිනි. බැඳුම්කර කොමිසමේ සැබෑ අරමුණ එවිට ඉබේම හෙලිදරව් වනු ඇත.
ජනවාරි අට වැනිදා අපි ඡන්දෙ දුන්නේ මේ වගේ කෙනෙකුටද?
සිරිසේන, ඔයාට අත හරින්න දෙයක් තියෙනවද? බයිලා ගැහුවා හොඳටම ඇති.
රටේ ජනාධිපති වෙලත් කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න බැරි ඔබතුමා තනතුරු අත්හැරල මොනවාද බලාපොරොත්තු වෙන්නේ? වැරදි වැඩ කවුරු කලත් ඒවා නතර කිරීම මිස ස්ටේජ් වල බයිලා කියලා නම් රටේ ජනතාවට වෙන සෙතක් නම් නෑ,
ඔබ බලයට පත්වෙලා ගතවුණ මාස 34 දීම එකම එක මහාපරිමාණ ආර්ථික හොරෙකුටවත් දඩුවම් දෙන්න බැරිවුනානම් , ඊට පස්සේ සිදු වෙච්ච බැදුම්කර මගඩියට සම්බන්ධ එකම හොරෙක්වත් සැකපිට අත්අඩංගුවට අරන් නඩු පවරන්න බැරිවුණා නම් අපි කොහොමද විශ්වාස කරන්නේ ඔබතුම තනතුරු අතැහැර ගෙදර ගොස් ජනතාව සමග නැවත ඇවිත් හොරු අල්ලාවි කියල , යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද ? ඔය තිබෙන විධායක බලතල භාවිත කර පුලුවන්නම් ඉතුරු වෙලා තිබෙන මාස 26 තුලදී චන්දෙට කලින් පොරොන්දු වුන පොරොන්දු වලින් 50% වත් ඉෂ්ට කරන්න බලන්න නැත්නම් ජනතව ලබන පාර වෙන කෙනෙකු පත්කර ගනීවි , එක්දහස් නමසිය අසුගනන්වල සිටපු කැපුවත් කොළ , කැපුවත් නිල , කැපුවත් රතු කියපු චන්ද ධයකයන්ගෙන් වැඩි හරියක් දැන් මිය පරලොව ගොස් ඇත. දැන් සිටින තරුණ චන්ය දායකයන්ගෙන් වැඩි හරියක් විද්‍යුත් මාධ්‍ය වලින් ගනුදුනු කරන පිරිසකි , ඔවුන්ව රැවටිය හැක්කේ එක වරකි , හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ ජනාධිපති
මෙයාත් බලාගෙන යනකොට හරිම ජෝකර් කෙනෙක් වගෙයි කතා කරන්නේ ! එක්සත් ජාතික පක්ෂයත්, චන්ද්‍රිකාත් එකතුවෙලා 62 ලක්ෂයක් ජනතා චන්දෙන් මුල්පුටුවට උස්සලා තිබ්බත්, මෙයාගේ මේ නෝන්ජල් කතාව පිළිකුලෙන් හෙළා දැකිය යුතු වෙනවා ! "සකල සිරින් පිරි සිරි ලංකාවේ " ඉල්ලා අස්වීම සඳහා අමුඩේ තදකරමින් කැස කවන ප්‍රථම ජනපති හැටියට අනාගත ඉතිහාස පොත් ලියන කතෘවරුන්ට හොඳ පරිච්චේදයක් ලියන්න සිරිසේන මහත්තයා නියම අවස්ථාවක් දී තිබෙන බව පේනවා. අනිත් එක්කෙනා කෙක්කෙන් හෝ කොක්කෙන් යලිත් මහ පුටුවට එන්න වළි කනවා. රටවැසියාට තවම යමක් දීමට නොහැකි වුන නිසාද මේ විදියට අභිනිෂ්ක්‍රමණය කරන්න සුදානම් වෙන්නේ ? නැත්නම් සහෝදර සංස්ථාවත් එක්ක ඩීල් එකක් ගහගෙන උන්ව ආරක්ෂා කරන්නද මේ සමයම නටන්නේ ? එහෙම උනොත් "අඩි හයක් යට යන්න වෙනවා" කියපු කතාවත් අමුලික ගජ බින්නයක් බව ඕනෑම කිරි සප්පයෙකුට උනත් තේරෙනවා ඇත. පවට පින් දෙන්න බැරිලු.....
පක්ෂෙ බදාගන්න ගිය එකතමයි ඔක්කොටම මුල. පක්ෂෙ චන්ද්‍රිකාට දීල ඔහේ නිර්පාක්ෂික ජනාධිපති හටියට හිටියනම්, ඔක්කොම හරි.
ජේ. ආර්. , ඩී. බී. , චන්ද්‍රිකා හැර , අනිත් අය ජනාධිපති වුනාට, පවුල්වල අයනෙ රට පාලනය කලේ.. ඔහේටත් ලඟකදි ඉඳන් තරහ යන්න පටන් ගත්තෙ දුවගෙ, බෑනගෙ දෙවල් එලියට එනකොටනෙ.
මෙයා දැන් පෙත්තප්පු කෙනෙක් වගේ ඔහේ කියවනවා........දැන් තියන බලය අතාරින්නෙ මොකක්ගන්නද? , තාම හිතන් ඉන්නේ ග්‍රාමසේවක කෙනෙක් හැටියටද කොහෙද?
මෙයා හිතන්නෙත් දැන්, මහින්ද හිතුවා වගේ, අපි මෝඩයෝ කියලා. කරනවා කියලා අාවේ මොනවද? දැන් කරන්නේ මොනවද? පොළොන්නරුවේ පාර්ට් අපිට දාන්න එපා, බැරිනම් පුළුවන් කෙනෙක්ට බාර දීලා මහින්දත් එක්ක විවේකයෙන් ඉන්න. 100ක් තිබුණු වැරදි හොයො දඬුවම් දෙන්න... අපි ගෙනාපු කෙනා, දැන් එක වැරද්දක් අල්ලගෙන හොරුත් එක්ක එකතු වෙන්නයි යන්නේ... ගේනවා වගේම, එලවීමටත් පටන් ගන්න වෙයි වගේ ඉක්මනින්ම. ටිකක් මතක් කරන්න මෙයා කියපුවා. වැඩි කාලයක් නෙමෙයි... 2015 දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ගිය ආණ්ඩු සමයේ මහා හොරුන්ට දඬුවම් දීම. ස්වාධීන ජනපතිවරයෙක් ලෙස රට වෙනුවෙන්ම තීරණ ගැනීම. මේ ප්‍රධාන ඒවායෙන් එකක් කරන්න බැරි වුණානේ තාම.... බලය නැහැ කියන්න පුළුවන්ද? බෑ, මොකද පිරිමියෙක් ගැහැනියෙක් කරන්නයි, ගැහැනියෙක් පිරිමියෙක් කරන්න විතරයි බැරි මේ තනතුරට. අපරාදේ අපේ සල්ලි, මේ වගේ මිනිස්සු නඩත්තු කරන්න වියදම් කරන....
සහන් සහ නන්දලාල් සිල්වා යන මහත්වරුන්ගේ අදහස මමත් අනුමත කරමි. රටේ වැඩි දෙනෙකුට මේ ආඩපාලි කතා අහගෙන ඉඳලා හොඳටම ඇති වෙලා. පහුගිය කාලේ තිබුණු සහෝදර සමාගම එකතුවෙලා ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කරගන්න ගමන් යුද්ධය නිමා කළා. අධිවේගී මාර්ගය ඇතුළු රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කළා. මේ සහෝදර සමාගමේ අාර්ථිකය නම් ටිකෙන් ටික වර්ධනය වෙමින් තිබෙන නමුත් රටේ ආර්ථිකය දිනෙන් දින වල පල්ලට යන බව නම් පෙනෙනවා.
"මෙයා හිතන්නෙත් දැන්, මහින්ද හිතුවා වගේ, අපි මෝඩයෝ කියලා." ඒ දෙන්නම හරි "කරනවා කියලා අාවේ මොනවද?" මම දන්නා විදිහට නම් කීවේ මහින්ද රටේ විසාල ධනයක් හොරකම් කළා... ඒවා අල්ලලා ඒ ගොල්ලන්ව හිරේ දාන්නම් කියලා. "දැන් කරන්නේ මොනවද?" ඉතින් හලෝ හොරකම් කරලා තිබෙන්නත් ඕනේ, හොරකම් කරපු ධනයක් තිබෙන්නත් ඕනේ අල්ලන්න. සිරිසේන ඒ ආණඩුවේ සිටිය නිසා මහින්ද හොරකම් කලානම් දන්නවා කොහොමද හොරකම් කලේ කියලා. ඉතින් මෙයාට අල්ලන්න බැරි එක්කෝ මහින්ද හොරකම් කලේ නැහැ. නැතිනම් මෙයාගේ හොරකම් එලිවෙයි කියලා බයයි. "බැරිනම් පුළුවන් කෙනෙක්ට බාර දීලා මහින්දත් එක්ක විවේකයෙන් ඉන්න" අපිත් බලන්නේ කව්ද පුළුවන් එක්කෙනා කියලා. මහින්ද හැරෙන්නට මේ සක්වලේ ලංකාව පාලනය කරන්න පුළුවන් කෙනෙක් නැහැ. කව්රු හරි හිතනවා නම් රනිල් කියලා කෙනෙක්. ඒවා ලෝකෙම දැක්කා.
මලකෙළියයි !!! ඔබතුමා අායෙත් අාප්ප කන්නද යන්නේ? පව් අර 62 ලෂයයි, සාධාරණ කාරයෝ ටිකයි, එන්ජීඕ කාරයෝ ටිකයි, සමරිසියෝ ටිකයි... දමිළ ඩයස්පෝරා එකේ ඉල්ලීම් ටිකකට මොකද කරන්නේ මහත්තයෝෙ?