ඩයනා උදයංගනී
බැඳුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ වංචා දුෂණ කළ අයට කඩිනමින් දඬුවම් ලබාදීමට හැකි අයුරින් අණපනත් සැකසීම ඉදිරි සති දෙක තුනක කාලයේදී සිදුවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පෙබරවාරි මාසයේදී අණ පනත් සකස් කර මාර්තු මාසය වන විට ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අණපනත සම්මත කිරීමේ කටයුත්තට විරුද්ධ වීමේ හෝ මගහැරීමේ හැකියාවක් කිසිම මන්ත්‍රීවරයකුට නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා 2020 වසර වනවිටවත් වංචා දුෂණ කළ අයට එරෙහිව දඬුවම් ලබාදී අවසන් කළ යුතු බව සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදීය.
බරපතල දුෂණ වංචා පිළිබඳ කොමිසමේ වාර්තා මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඩු පවරන ලෙස කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප යේ ස්ථාවරය කුමක්ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධ නීත්‍යානුකූල පියවර ගන්නා විට ඒ වාර්තාවල ඇති සියලූ දේ සම්බන්ධයෙන් පියවර ගත යුතු හා නඩු පැවරිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුනක්ම ගෙවුණා තවම ඔය "ඉදිරි සතිය" පේන අහලකටවත් ආවේ නැහැනේ. ඡන්දෙ දවස්වල කරන කතා ඉතින් කවුද ගණන් ගන්නේ අප්පා...
මේ තෙපර බබා ඉන්නේ බූරුවන් තේරීමේ තරගය අත ලඟ නිසාද? ඔහෙලා මහජන නියෝජිතයන් නොවේද? කරන මගුලක් ඉක්මනට කරන්න... නිකං තවතවත් අපේ මුදල් කාබාසිනියා කරන්නේ නැතුව...
ජනවාරි 8 වෙනිදත් බලයට ආවේ හොරුන්ට දඩුවම් දෙන්න නේද? තවම හොර කූබියෙක්වත් ඇතුලට දැම්මේ නැහැ.
දැන් බලාගෙන යනකොට අපි විතරනේ මැරිලා ආපහු ඉපදිලා නැත්තේ මේ අවුරුදු ටිකට. බැංකු මගොඩිය ඇරෙන්න වෙන කිසිම දුෂණයක් මේ රටේ වෙලා නැති පාටයි මේ කතා වල හැටියට.
කියනවා විතරයි කරන දෙයක් නැත.
මේ කරන්නේ චන්දෙ ගන්නකම් කරන කල්මැරීමක් විත්රයි. දැනට තියෙන නීති, අනපනත් හොදටම ඇති ඕනෙම හොරෙකුට දඩුවම් දෙන්න. කලිනුත් රවිට තිබුණු විදේශ විනිමය චෝදනා නඩුවෙන් ඔහු නිදහස් වුනා, අලුත් පනත් ගෙනල්ල. අඩුම තරමේ මොවුන් හිරබාරයට ගන්න පුළුවන්නේ දැනට තියෙන නීති මගින්. එහෙම බැරිනම් කොහොමද යකඩ බට බෙදපුවට, කරම් බෝර්ඩ් බෙදපුවට, සිල්රේදී බෙදපුවට චෝදනා කරලා අත්අඩංගුවට ගත්තේ.
මෙයා බොරු කයිවාරු කාරයෙක් කාලෙන් කාලෙට එක එක බයිලා කියනවා.කාලයක් මහබැංකුවේ පාඩුව ට්‍රිලියන 01 නැතහොත් බිලියන 1000 කිව්වා . බිලියන 10 බැදුම්කර විකිණීමෙන් බිලියන 1000 පාඩු වුනේ කොහොමද කියලා පැහදිලිකරගන්න බැරිවුණාම පොර ආගිය අතක් නැතුව හිටිය . දැන් අයිත් පොරක් වෙන්න හදනවා . අවරුදු තුනක් පොල් ගැවද නීති හදන්නේ නැතිව
අනපනත් ගෙනාවාට වැඩක් නැත ඒවා ක්රීයාත්මක වෙලා වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැතිනම්. වැරදි කරු හෝ හොරා තමන්ගේ එකෙක් නම් ඌ බේරා ගෙන අනිකාගේ වැරදි සොයා දඬුවම් කිරීමටයි ලැහැස්ති වෙන්නේ. හැබැයි පාසලේ දීම දැකතිබෙන දෙයක් තිබෙනවානේ. පාසලට පන්තියට හොඳ වැඩ කරන ළමයෙකුගෙන් වැරද්දක් උනාම එ් ළමයාට සුළු දඬුවමක් දීම හෝ අවවාද කිරීමකින් නිදහස් කොරනවා. ඒ වගේම රටට ජාතියට සේවයක් කොරපු දේසපාලඥ යෙකුටත් ඇතුළුව හැමකෙනාටම එය බලපානවා නමුත් පටන් ගත්ත දවසේ සිටම හොර කම හොරකමට මාන බැලූ ආසියාවේ කෙරුන්කාරයින් දඬුවම් වලින් නිදහස් නැත. මම වැරදිනම් කියන්න
මේක මෙහෙමනේ, මේගොල්ලෝ ඡන්දයක් එනකොට ඉන්න පක්ෂේ පැරදුණාම, ජනාදිපතිතුමා ශක්තිමත් කරන්න කියලා අනික් පැත්තට පනිනවා. පැනලා බොරු කයිවාරු ගගහ තව අවුරුදු පහක් මහජන මුදල් ගසා කකා උපරිම භුක්ති විඳිනවා. දැන් බලන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න නාකි රැල... අවුරුදු 25 කට වැඩිය දිගටම පාර්ලිමේන්තුවේ. තරුණ උපාධිධාරී දක්ෂ බුද්ධිමතුන් මොනතරම් රටේ ඉන්නවද? මේක සහගහන අපරාධයක්...
බොරු ෂෝ මිසක් වෙන කවුද මේ කට්ටිය? එ්ත් තවම කීදෙනෙක් මේ ගොල්ලන්ට රැවටෙමින් සිටිනවද?
මේ කට්ටිය එයාලා ගැන මේ රටේ ජනතාවගේ අදහස් මේ ලංකාදීපෙන්වත් බලනවා නම් හොඳයි!
මෙයාගේ කතා හොඳයි මෙයා වගේම අයට. එක එක්කෙනාට කියනවා ඇරෙන්න කරන කෙං ගෙඩියක් නම් නෑ.
දූෂණ නැති රටක් ලෝකේ කොහෙද තිබෙන්නේ? ඒ ඒ රටවල ඒ ඒ පරිමාණයේ දූෂණ වෙනවා. නමුත් මහා බැංකු හොරකම වගේ සූක්ෂම විදිහට ප්ලෑන් කරපු හොරකමක් මීට කලින් වෙලා නැත. කලින් පිරිස හොරුනම් යුද්ධය සෑහෙන කාලයක් වවාගෙන කන්න තිබුණා. නමුත් ඔහු කලේ යුද්ධයට වුවමනා පරිසරය හදාගෙන අවුරුදු දෙකක් ඇතුළත වැඩේ නිම කළා... එතකොටයි සමහර මිනිස්සු දැනගත්තේ මේරටේ කිලිනොච්චිය, අලිමංකඩ කියලා තැන් තිබෙන බව. මහත්තයෝ පලවෙනවා නම් ලස්සනට තව දේවල් ලියන්න පුළුවන්...